ප්‍රථමවරට කුරුළු උණ මිනිසුන්ට ආසාදනය වෙයි

කුරුල්ලන්ගෙන් බෝවන H5N8 නම් කුරුලු උණ වයිරසය කුරුල්ලන්ගෙන් මිනිසුන්ට වැළඳුණු ප්‍රථම අවස්ථාව රුසියාවෙන් වාර්තා වී තිබේ. ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා කර ඇති බව රුසියානු පාරිභෝගික සහ සෞඛ්‍ය නිරීක්ෂණ අංශයේ ප්‍රධානී ඇනා පොපෝවා පවසා ඇත.

රුසියාව, යූරෝපය,චීනය, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව යන රටවල මෑත කාලයේ දී මෙම වයිරසය ව්‍යාප්ත වී තිබුණේ කුකුලන්ගෙන් පමණි. වයිරසය රෝගීන්ට බහුතරයක් ව්‍යාප්ත වන්නේ පක්ෂීන් සංක්‍රමණය වීමෙන් වන අතර එය වළක්වා ගැනීම සඳහා නිෂ්පාදන රටවල් තම කුකුළු පැටවුන් ගෘහස්ථව තබා ගැනීම හා වන සතුන් සමඟ සම්බන්ධ වීමෙන් වැළැක්වීම සිදු කළ යුතු බවත් ඇනා පොපෝවා සඳහන් කර තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේ දකුණූ රුසියාවේ කුකුළු කම්හලක සේවකයින් 7 දෙනෙකුට H5N8 වයිරසය ආසදනය වු අතර ඔවුන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටින බවත් එම තත්වය වර්ධනය නොවූ බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...