සරත් වීරසේකර කිවූ ආකාරයේ හමුදා පුහුණුව ලබා ‘විනයගරුක’ වූ හමුදා නිලධාරියෙක් හෝටල් හිමියකුට පහර දෙයි

ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ හෝටලයකට පැමිණි හමුදා නිලධාරියකු විසින් එම හෝටල් හිමියාට පහර දී තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදාව පාර්ශ්වයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර, ඊට වගකිවයුතු නිලධාරීන්ට අදාළව ක්‍රියාමාර්ග ගන්නා බව යුද හමුදාව පවසයි. යුද හමුදාවේ ජනමාධ්‍ය පිළිබඳ අධ්‍යක්ෂ වෙනුවට ජනමාධ්‍ය (අතිරේක) කර්නල් එච්.ටී.ඩබ්ලිව්.විද්‍යානන්ද විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව පවසා ඇත.

ඊයේ (11) රාත්‍රියේ ෆේස්බුක් සමාජමාධ්‍ය ජාලයට එක්කර තිබූ වීඩියෝවක සඳහන් වූයේ යුද හමුදාවට අයත් යුහ 49421 අංක දරන ජීප් රථයෙන් පැමිණි ලුතිනන් සිදත් ඉන්දික නම් හමුදා නිලධාරියකු විසින් හෝටල් හිමියකුට පහර දී, තර්ජනය කරන ආකාරයයි. මේ සම්බන්ධයෙන් අදාළ හෝටල් හිමියා විසින් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත. අදාළ වීඩියෝව මේ වන විට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කර තිබේ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා එම වීඩියෝව ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ප්‍රවෘත්ති වෙබ් අඩවි වාර්තා කර තිබේ.

වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

අදාළ යෝජනාව ඉදිරිපත් කරන්නේ “විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින්” යැයි කී අමාත්‍යවරයා, මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ලොව ඇතැම් රටවල් විශිෂ්ඨ ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බවද පැවසීය.

සරත් වීරසේකර කියන ආකාරයෙන් හමුදා පුහුණුව හරහා විනයගරුක සහ නීතිගරුක සමාජයක් බිහි වේ නම් මෙම හමුදා නිලධාරීන් ඔහු කියන ආකාරයේ හමුදා පිහුනුව ලැබූවන්ද නැත්නම් වෙනත් පුහුණුවක් ලැබූවන්ද යන ප්‍රශ්නය මතුවේ.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...