සරත් වීරසේකර කිවූ ආකාරයේ හමුදා පුහුණුව ලබා ‘විනයගරුක’ වූ හමුදා නිලධාරියෙක් හෝටල් හිමියකුට පහර දෙයි

ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ හෝටලයකට පැමිණි හමුදා නිලධාරියකු විසින් එම හෝටල් හිමියාට පහර දී තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදාව පාර්ශ්වයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර, ඊට වගකිවයුතු නිලධාරීන්ට අදාළව ක්‍රියාමාර්ග ගන්නා බව යුද හමුදාව පවසයි. යුද හමුදාවේ ජනමාධ්‍ය පිළිබඳ අධ්‍යක්ෂ වෙනුවට ජනමාධ්‍ය (අතිරේක) කර්නල් එච්.ටී.ඩබ්ලිව්.විද්‍යානන්ද විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව පවසා ඇත.

ඊයේ (11) රාත්‍රියේ ෆේස්බුක් සමාජමාධ්‍ය ජාලයට එක්කර තිබූ වීඩියෝවක සඳහන් වූයේ යුද හමුදාවට අයත් යුහ 49421 අංක දරන ජීප් රථයෙන් පැමිණි ලුතිනන් සිදත් ඉන්දික නම් හමුදා නිලධාරියකු විසින් හෝටල් හිමියකුට පහර දී, තර්ජනය කරන ආකාරයයි. මේ සම්බන්ධයෙන් අදාළ හෝටල් හිමියා විසින් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත. අදාළ වීඩියෝව මේ වන විට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කර තිබේ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා එම වීඩියෝව ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ප්‍රවෘත්ති වෙබ් අඩවි වාර්තා කර තිබේ.

වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

අදාළ යෝජනාව ඉදිරිපත් කරන්නේ “විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින්” යැයි කී අමාත්‍යවරයා, මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ලොව ඇතැම් රටවල් විශිෂ්ඨ ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බවද පැවසීය.

සරත් වීරසේකර කියන ආකාරයෙන් හමුදා පුහුණුව හරහා විනයගරුක සහ නීතිගරුක සමාජයක් බිහි වේ නම් මෙම හමුදා නිලධාරීන් ඔහු කියන ආකාරයේ හමුදා පිහුනුව ලැබූවන්ද නැත්නම් වෙනත් පුහුණුවක් ලැබූවන්ද යන ප්‍රශ්නය මතුවේ.

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...