Breaking News

අපි ගන්න ඕනා විමල්ගෙ පැත්තද? බැසිල්ගේ පැත්තද?

විමල් විරවංශ සහ බැසිල් රාජපක්ෂ අතර ගැටුම ආණ්ඩුවේ ප්‍රතිපත්ති අතර තියෙන පරස්පරය පෙනන්න බවත් ඒ නිසාම ආණ්ඩුව පැවැත්මක් හදාගන්නා බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

ඔහු පවසන්නේ එක පැත්තකින් බැසිල් රාජපක්ෂ මැදිහත්වෙලා ගෙනියන නව ලිබරල් වැඩපිළිවෙල සහ වේදිකා මත මාතෘ භූමිය කියලා බෙරිහන් දෙන විමල් වීරවංශගේ ජාතිකවාදයයි මේ දෙකම ආණ්ඩුවේ වැඩපිළිවෙල බවයි. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මේ බව පවසා තිබේ.

අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ මෙම ගැටුමට මැදිවීමට වඩා ආණ්ඩුවේ තුළ ඇති ආර්ථික පාරෙ සහ දේශපාලනික පාරෙ ඇති පරස්පරය තේරුම් ගෙන අපි මුහුණ දෙමින් සිටින ඇත්ත ප්‍රශ්න ටිකට උත්තර සෙවීමට ජනතාව පෙළගැසිය යුතු බවයි.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,

“පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් සහ ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදිහට ඉන්න විමල් වීරවංශ අතර ඇතිවෙලා තියෙන ගැටුම මේ දවස්වල සාකච්ඡා වෙමින් යනවා. අපිට එක පැත්තකින් පේන්නෙ මේ ගැටුම ආණ්ඩුවේ ඇතුලේ තියෙන පරස්පරයක ප්‍රථිපලයක්. ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් යන්නෙ නව ලිබරල්වාදී වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල ඇතුලේ ගෝලීය ප්‍රාග්ධනය සඳහා ලංකාව දඩබිමක් බවට පත්කරමින් තියෙනවා. එක එහෙම කරන ගමන් ජනතාවත් එක්ක වැඩ කරද්දී මැතිවරණවලදී තමන්ගේ බහුජන වැඩපිළිවෙල ලෙස ජතිකවාදයත් දේශනා කරමින් ඉන්නවා. එක පැත්තකින් බැසිල් රාජපක්ෂ මැදිහත්වෙලා ගෙනියන නව ලිබරල් වැඩපිළිවෙලයි වේදිකා මත මාතෘ භූමිය කියලා බෙරිහන් දෙන විමල් වීරවංශගේ ජාතිකවාදයයි මේ දෙකම ආණ්ඩුවේ වැඩපිළිවෙල. මේ දෙක ඇතුලේ පරස්පරයක් තියෙනවා. ඒ පරස්පරය පෙන්නන එක පවා ආණ්ඩුව බේරන වැඩපිළිවෙල. මේ ගැටුම ආණ්ඩුවේ තියෙන ප්‍රතිපත්තිවල තියෙන පරස්පරය පෙන්නුම් කරනවා. ඒ වගේම මේ ගැටුම නිසා ආණ්ඩුව පවතිනවා. සාගර කාරියවසම්ලා පවතින්නේත් කාලෙන් කාලෙට මාධ්‍ය සංදර්ශන දාන එක ඇතුලේ. විමල් විරවසංශටත් දේශපාලනයේ පවතින්න ඒගොල්ලෝ මහ වීරයෝ කියලා ඡන්ද දායකයාට පෙන්නන්න ඒගොල්ලන්ගේ වරප්‍රසාද රැකගන්න ඔය ටික නැතුව බැහැ. මේ ගැටුමේ සමාජයට ඇති වැදගත්කම මොකක්ද? සමාජයට දැන් ප්‍රශ්නේ මේ දෙන්නා අතර තියෙන ගැටුමද?”

leave a reply