අවුරුදු 10-15 අතර දූ දරුවන්ට තරගයක්

මා මගේ මිතුරන්ට/මිතුරියන්ට පොත් කියවන්නට පුරුදු කරන හැටි.’ මාතෘකාවෙන් වචන සියයක පමණ රචනාවක් ලියා අප වෙත එවන්න. තෝරා ගන්නා දරුවන් සියයකට මාස් පතා පොතක් බැගින් අවුරුද්දක් පුරා තෑගි.

කොන්දේසි

ලිවිය යුත්තේ සත්‍ය සිදුවීමක් ගැන ය. එනම්, ඔබ ඇත්තට ම අඩු තරමින් එක මිතුරෙකුට හෝ මිතුරියකට එක පොතක් වත් කියවන්නට පුරුදු කොට තිබීම ගැන ය. ඒ බව ඔබේ දෙමව්පියන් හෝ භාරකරුවන් විසින් සහතික කළ යුතු ය. නිදහසේ තම අත් අකුරින් තමන්ගේ අවංක අදහස් ලිවිය යුතු ය.
රචනයේ ගැඹුරු බව හෝ ව්‍යාකරණවලට වඩා අපේ සැලකිල්ල යොමුවන්නේ දරුවා අවංකවම තමන්ගේ මිතුරු මිතුරියන් පොත් කියවීමට පොළඹවන්නේ ද යන්න ගැන ය.


අරමුණු:
1. දරුවන් තුළ කියවීමේ පුරුද්ද වර්ධනය කිරීම.
2. දරුවන් තුළ සාමූහික යුතුකම් හැඟීම සහ වගකීම වර්ධනය කිරීම.

රචනාව සමග පහත තොරතුරු ලැබෙන්නට සැලැස්විය යුතු ය.

දරුවාගේ නම :
ලිපිනය :
වයස :
පාසල :
මවගේ/පියාගේ/භාරකරුගේ නම:
දුරකතන අංකය :
විද්‍යුත් ලිපිනය (ඇත්නම්):
ඉදිරියටත් තවත් මිතුරු මිතුරියන්ට පොත්පත් කියවීම හුරු කරවන්නට ඔබ ඉදිරිපත් වෙන්නට කැමතිද යන වග :

අවසන් දිනය – 2021 ජනවාරි 31

රචනා එවිය යුතු ලිපිනය:

මහින්ද සෙනරත් ගමගේ,
ලේකම්,
කරුණාකරල පදනම,
499/2/1, මහින්ද මාවත, පිටිපන, හෝමාගම.

විමසීම් ඇතොත්
[email protected]


 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...