Breaking News

අවුරුදු 10-15 අතර දූ දරුවන්ට තරගයක්

මා මගේ මිතුරන්ට/මිතුරියන්ට පොත් කියවන්නට පුරුදු කරන හැටි.’ මාතෘකාවෙන් වචන සියයක පමණ රචනාවක් ලියා අප වෙත එවන්න. තෝරා ගන්නා දරුවන් සියයකට මාස් පතා පොතක් බැගින් අවුරුද්දක් පුරා තෑගි.

කොන්දේසි

ලිවිය යුත්තේ සත්‍ය සිදුවීමක් ගැන ය. එනම්, ඔබ ඇත්තට ම අඩු තරමින් එක මිතුරෙකුට හෝ මිතුරියකට එක පොතක් වත් කියවන්නට පුරුදු කොට තිබීම ගැන ය. ඒ බව ඔබේ දෙමව්පියන් හෝ භාරකරුවන් විසින් සහතික කළ යුතු ය. නිදහසේ තම අත් අකුරින් තමන්ගේ අවංක අදහස් ලිවිය යුතු ය.
රචනයේ ගැඹුරු බව හෝ ව්‍යාකරණවලට වඩා අපේ සැලකිල්ල යොමුවන්නේ දරුවා අවංකවම තමන්ගේ මිතුරු මිතුරියන් පොත් කියවීමට පොළඹවන්නේ ද යන්න ගැන ය.


අරමුණු:
1. දරුවන් තුළ කියවීමේ පුරුද්ද වර්ධනය කිරීම.
2. දරුවන් තුළ සාමූහික යුතුකම් හැඟීම සහ වගකීම වර්ධනය කිරීම.

රචනාව සමග පහත තොරතුරු ලැබෙන්නට සැලැස්විය යුතු ය.

දරුවාගේ නම :
ලිපිනය :
වයස :
පාසල :
මවගේ/පියාගේ/භාරකරුගේ නම:
දුරකතන අංකය :
විද්‍යුත් ලිපිනය (ඇත්නම්):
ඉදිරියටත් තවත් මිතුරු මිතුරියන්ට පොත්පත් කියවීම හුරු කරවන්නට ඔබ ඉදිරිපත් වෙන්නට කැමතිද යන වග :

අවසන් දිනය – 2021 ජනවාරි 31

රචනා එවිය යුතු ලිපිනය:

මහින්ද සෙනරත් ගමගේ,
ලේකම්,
කරුණාකරල පදනම,
499/2/1, මහින්ද මාවත, පිටිපන, හෝමාගම.

විමසීම් ඇතොත්
mahinda.sayuri@gmail.com


 

leave a reply