විරෝධතාවයක් අතරතුරදී අන්තරේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට!

2019 උසස්පෙළ කඩඉම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සියලු දෙනා විශ්වවිද්‍යාලවලට වහා බඳවාගන්නා ලෙස ඉල්ලමින් අද අගමැති නිල නිවාස අසළ පැවැත්වූ විරෝධතාවයේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසිනුයි.

නිර්දේශ දෙකක් යටතේ පසුගිය 2019 වර්ෂයේදී උසස්පෙළ විභාගයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙනී සිටියද එහිදී එක් එක් විෂය ධාරාවලින් විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යා ගැන බලධාරින් විසින් පැහැදිලි කිරීමක් සිදු කර නැත. ශිෂ්‍ය ශිෂ්‍යාවන් විෂය නිර්දේශ දෙකට අයත් වීමෙන් පැහැදිලි කාණ්ඩ දෙකක්ව සිටියදී සමාන කඩෙඉම් ලකුණු නියමකර ඇති අතර මෙහිදී සිසු සිසුවියන් විසින් විභාගයේදී ගත හැකි ඉහළම ප්‍රතිඵල ලබාගෙන ඉහළම ඉසෙඩ් අගයක් ලබා ගත්තද විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබා නැත. මෙම ගැටලුව විසඳන ලෙස බල කරමින් ශිෂ්‍ය සංවිධාන, 2019 වර්ෂයේදී උසස්පෙළ විභාගයට මුහුණ දුන් දීමෙන් පසු අගතියට පත් සිසුන් සහ දෙමව්පියන්ගේ සහභාගීත්වයෙන් විරෝධතා කිහිපයක් පවත්වා තිබුණත් එයට මෙතෙක් විසඳුමක් ලැබී තිබුණේ නැත.

තමන් මුහුණ දී සිටින අසාධාරණයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා අගතියට පත් සිසුන් විසින් ශ්‍රේෂඨාධිකරණ පෙත්සමක් පවා ගොනුකර තිබුණද ශ්‍රේෂ්ඨාධිකරණය එය විභාගයට නොගෙනම ඉවත දමන ලදී.

ඒ අනුව අද දිනයේ අගමැති නිල නිවාස අසළ මෙම විරෝධතාවය සංවිධානය කරමින් සිසුන් සහ දෙමව්පියන් ඉල්ලා තිබුණේ තම ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...