Breaking News

අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි

මෑතකදී බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ප්‍රසූත නිවාඩු දින 84 සිට 42 (අඛණ්ඩ දින) දක්වා කපා හැරීමට විරුද්ධව වෘත්තීය සමිති, බහුජන හා කාන්තා සංවිධාන එක්ව ඊයේ (24) දින බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී ඒකාබද්ධ ප්‍රකාශයක් අත්සන් කරන ලදී.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පෙන්වා දුන්නේ ආණ්ඩුව විසින් පසුගිය සැප්තැම්බර් 2 දින අභ්‍යාස ලාභි උපාධිධාරීන් ලෙස රාජ්‍ය සේවයට බදවා ගත් පිරිසෙන් බහුතරයක් කාන්තාවන් බවයි. ඔවුන්ට මින් පෙර රාජ්‍ය ය කාර්ය මණ්ඩලවල කාන්තාවන්ට හිමිව තිබු වැඩකරන දින 84 ප්‍රසුත නිවාඩුව නව රජය විසින් අඛණ්ඩ දින 42 ක් දක්වා අඩුකර ඇති බව ඔහු පැවසීය.

මේ අවස්ථාව සදහා පහත සංවිධාන සම්බන්ධ වී තිබුණි.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය
කිතුසර සංවිධානය
සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය
ලංකා ගුරු සංගමය
කම්කරු අරගල මධ්‍යස්ථානය
ස්වාධීන ලංකා ගුරු සංගමය
ලංකා බැංකු සේවක සංගමය
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය
ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය
ඒකාබද්ධ ගුරු සේවා සංගමය
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය
එක්සත් කම්කරු සම්මේලනය
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය
නිමිභාණ්ඩල ඇගලුම් හා රෙදිපිලි සේවක සංගමය

 

leave a reply