අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි

මෑතකදී බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ප්‍රසූත නිවාඩු දින 84 සිට 42 (අඛණ්ඩ දින) දක්වා කපා හැරීමට විරුද්ධව වෘත්තීය සමිති, බහුජන හා කාන්තා සංවිධාන එක්ව ඊයේ (24) දින බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී ඒකාබද්ධ ප්‍රකාශයක් අත්සන් කරන ලදී.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පෙන්වා දුන්නේ ආණ්ඩුව විසින් පසුගිය සැප්තැම්බර් 2 දින අභ්‍යාස ලාභි උපාධිධාරීන් ලෙස රාජ්‍ය සේවයට බදවා ගත් පිරිසෙන් බහුතරයක් කාන්තාවන් බවයි. ඔවුන්ට මින් පෙර රාජ්‍ය ය කාර්ය මණ්ඩලවල කාන්තාවන්ට හිමිව තිබු වැඩකරන දින 84 ප්‍රසුත නිවාඩුව නව රජය විසින් අඛණ්ඩ දින 42 ක් දක්වා අඩුකර ඇති බව ඔහු පැවසීය.

මේ අවස්ථාව සදහා පහත සංවිධාන සම්බන්ධ වී තිබුණි.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය
කිතුසර සංවිධානය
සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය
ලංකා ගුරු සංගමය
කම්කරු අරගල මධ්‍යස්ථානය
ස්වාධීන ලංකා ගුරු සංගමය
ලංකා බැංකු සේවක සංගමය
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය
ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය
ඒකාබද්ධ ගුරු සේවා සංගමය
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය
එක්සත් කම්කරු සම්මේලනය
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය
නිමිභාණ්ඩල ඇගලුම් හා රෙදිපිලි සේවක සංගමය

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...