විභාගයේදී වගේම ප්‍රශ්න පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානවලත් ගුරුවරු වෙනුවෙන් කිසිම සෞඛ්‍යාරක්ෂිත පහසුකමක් නැහැ – සංජීව බණ්ඩාර

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම සඳහා සම්බන්ධ වී සිටින ගුරුවරුන්ට කිසිදු සෞඛ්‍යාරක්ෂිත පහසුකමක් නොමැති බවත් ඔවුන් දැඩි අවදානමකට මුහුණ දෙමින් සිටින බවත් ඒකාබද්ධ ගුරුසේවා සංගමයේ ලේකම් සංජිව බණ්ඩාර පවසයි. වසංගතයේ දැඩි අවදානමක් පවතින කොළඹ දිස්ත්‍රික්කය තුළ ඇති මෙම ඇගයීම් මධ්‍යස්ථානවල අවම පහසුකමවත් නොමැති බව ඔහු පවසයි.

” මේ ඇගයීම් මධ්‍යස්ථානවල විෂබීජහරණයක් කරන්නෙ නැහැ. සැනිටයිසර් නැහැ. ගුරුවරුන්ට නතර වෙන්න වෙලා තියෙන්නෙ පාසල්වල පන්ති කාමරවල. ගුරුවරු ඒ ප්‍රශ්නේ කතා කරාම අධ්‍යාපන අමාත්‍යංශයෙන් කියන්නෙ දින කිහිපයකින් එනවා ආවම ප්‍රශ්නේ කතා කරමු කියලා. එතකොට වෛරස් එක එන්නෙ අමාත්‍යංශයෙන් ආවට පස්සෙද? විභාග පැවැත්තුවේ දරුවන්ගේ ගුරුවරුන්ගේ ජීවිත නොතකා. දැන් ගුරුවරුන්ගේ ජීවිතත් බරපතල අනතුරකට ඇදලා දාලා. ලැබෙන සොච්චම් වැටුපෙන් මාස්ක්වලට, සැනිටයිසර්වලට වියදම් කරගෙන පෞද්ගලික ප්‍රවාහන ක්‍රම හදාගෙන මේක කරන්න පුළුවන් කමක් නැහැ. ගුරුවරු ජිවත්වෙන්නත් අමාරුවෙන්. “

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...