Breaking News

දැඩිසත්කාර ඒකක වලින් 30% ක් පිරිලා, පළමු අත්දැකීමේ ඛේදවාචකය අප හමුවේ තිබෙනවා 

අද ඉතාලියෙන්  නව රෝගීන් 30 ,500  ක් සහ මරණ 352 ක් වාර්තා වී තිබේ.   PCR පරීක්ෂණ  211 ,821  ක් මගින් නව ආසාදිතයන් 30 .500 සොයාගෙන ඇති  අතර පසුගිය අගෝස්තු 29  වැනිදා  එක් මරණයක් වාර්තා වුණායින් පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ අද 352 සහ ඊයේ 353  ලෙසයි . PCR පරීක්ෂණ වැඩි කරන සෑම අවස්ථාවකදීම වැඩි ආසාදිතයන් ප්‍රමාණයක් සොයා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා.  ඊයේ අඩු PCR 182.287  ප්‍රමාණයක් සිදු කර ඇති පසුබිමක නව ආසාදිතයන් වාර්තා වුයේ 28,244 පමණි.

අද දින වාර්තා වලට අනුව දැඩි සත්කාර ඒකකයේ  රෝගීන් 2,292 ක් සිටින අතර එයට  පසුගිය පැය විසිහතර තුළ තවත් රෝගීන් 67 ක්   අලුතින් එකතු වී තියෙනවා. ඉතාලි සෞඛ්‍ය  මාත්‍යංශය වාර්තා පෙන්වා දෙන්නේ  දැඩිසත්කාර ඒකක වලින් 30%ට වැඩි ප්‍රමාණයක්  කාර්යබහුල වී ඇති බවත් නෝවැම්බර් මාසය ඇතුළත තවදුරටත් ව්‍යාප්තිය  පාලනය කර ගැනීමට නොහැකි වුනොත්  නැවතත් සෞඛ්‍ය පද්ධතියේ සමතුලිතතාවය බිඳ වැටී  පළමු වටේ අත්දුටු ඛේදජනක අත්දැකීමට මුහුණ දෙන්නට සිද්ධ වෙන බවයි.

ඉතාලිය තුළ කොරෝනා වෛරසය පළමු වර පැතිර යෑම තුළ  මාර්තු මස 3  දා  මෙතෙක්  වාර්තා වී තිබෙන ඉහළ මරණ සංඛ්‍යාව වාර්තා වූ දිනය වෙනවා.  එදින වාර්තා වූ මරණ සංඛ්‍යාව 969 කි .

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉතාලි  රජය  නව නීති හඳුන්වා දෙමින් තෝරා ගත් ප්‍රදේශ තුල  සංචාරණ සිමා පනවමින්  නීති  දැඩි කරමින් පවත්වාගෙන යෑමට  හෙට සිට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා. මෙතෙක් රාත්‍රී එකොළහට ආරම්භ වුණු ඇඳිරි නීතිය පැයක්  පසුපසට ගනිමින් රාත්‍රී 10.00 සිට පාන්දර 5.00 දක්වා  වෙනස් කරන අතර   රාත්‍රී ආපන ශාලා විවෘතව තැබෙන වේලාවන් සීමා කිරීමටත්  සෙනසුරාදා ඉරිදා  සංචරණය  සීමා කිරීමටත්  මේ අනුව කටයුතු  කර තියෙනවා.

leave a reply