උසස් පෙළ සිසුන් මහ පාරේ අතරමන් නොකර ප්‍රවාහන ප්‍රශ්නය විසඳන්න – අන්තරේ අධ්‍යාපන ලේකම්ට දන්වයි

බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් මත වූවත් හෙට දිනට නියමිත අ.පො.ස. උසස්පෙළ විභාගය පැවැත්වෙන නමුත් මේ සඳහා සහභාගී වන සිසුන්ගේ ප්‍රවාහන කටයුතු සම්බන්ධව පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. එම සංවිධානය පවසන්නේ මෙමගින් නැවතත් සිසුන් පීඩාවට පවත්වන බවයි. මේ පිළිබඳව කරුණු සඳහන් කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇත. එම ලිපිය මගින් උසස් පෙළ සිසුන් මහ පාරේ අතරමන් නොකර විධිමත් සහ ආරක්‍ෂාකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් මැදිහත් වෙන ලෙස අවධාරණය කර තිබේ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට යොමුකළ ලිපිය පහත දැක්වේ.

මහාචාර්ය කපිල පෙරේරා,
ලේකම්,
අධ්‍යාපන අමාත්‍යාංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.
2020.10.30
මහත්මයාණෙනි,
බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය තත්ත්වය මත උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් සම්බන්ධවයි.
වසංගත තත්ත්වය තිබියදීත් 2020 අ.පො.ස උසස් පෙළ විභාගය මේ වන විටත් පැවැත්වේ. ඒ අනුව හෙට (10/31) දින අ.පො.ස. උසස් පෙළ, ගිණුම්කරණය Ⅱ, අරාභි Ⅱ, චීන Ⅱ, ශ්‍රි ලංකාවේ ඉතිහාසය Ⅰ, මැලේ Ⅱ යන විෂයයන්වල විභාග පැවැත්වීමට නියමිතය. නමුත් ඊයේ (10/28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතටම ඇදිරි නීතිය පනවා තිබේ. එම නිසා විභාගයට මුහුණ දීමට සිටින සිසුන්ට ප්‍රවාහන පහසුකම් පිළිබඳව බරපතල ගැටලුවකට මුහුණ දීමට සිදුව ඇත.
බලධාරීන් මේ පිළිබඳව පවසන්නේ විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බල පත්‍රයක් ලෙස යොදා ගැනීමට හැකි බවත්, පෞද්ගලික ප්‍රවාහන නොමැති අයට සිසු සැරිය බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට දැනුම් දී ඇති බවත්ය. නමුත් මේ පිළිබඳව සිසුන්ට ප්‍රමාණවත් අවබෝධයක් නැති අතර එනිසාම මෙම ගැටලුවට මුහුණ දීමට නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති බව අනාවරණය වේ. එවැනි නිශ්චිත වැඩපිළිවෙළක් සකසා තිබෙන්නේ නම් පළමු වැනි කාරණය විභාගයට මුහුණ දෙන සිසුන් ඒ පිළිබඳව දැනුවත් කිරීමයි. එසේ නොමැති වීමෙන් මේ වන විට සිසුන් – දෙමාපියන් බරපතල අපහසුතාවයකට පත් වී ඇත. අප අත් දැක ඇති සාමාන්‍ය තත්ත්වය නම් සිසු සැරිය බස් රථ සේවාව වසංගත තත්ත්වයේදී තබා සාමාන්‍ය තත්ත්වයකදීවත් ප්‍රමාණවත් නොවූ බවයි.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින්, සිසුන් මහ පාරේ අතරමන් නොකර විධිමත් සහ ආරක්‍ෂාකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් මැදිහත් විය යුතු බව අවධාරණය කර සිටිමු.
මෙයට,
රත්කරව්වේ ජිනරතන හිමි,
කැඳවුම්කරු,
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.
පිටපත්
01. විභාග දෙපාර්තමේන්තුව.
02. ජනාධිපති ලේකම් කාර්යාලය.
03. සියලු මාධ්‍ය ආයතන.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...