ඉන්දියාවට ලිසප්‍රියා සිටී අපිට ?

Date:

දේශගුණික විපර්යාසයන්ට එරෙහි ඉන්දිය ව්‍යාපාරයට අට හැවිරිදි ලිසප්‍රියා කන්ගුජාම් නායකත්වය දෙයි

ලිසප්‍රියා නැමති මෙි පුංචි කෙල්ලට ට්විටර් හි අනුගාමිකයන් 93.දහසකි ෆේස්බුක් අනුගාමිකයන් 20 දහසකි එමෙන්ම ඇගේ යූ ටියුබ් නාලිකාවට 18 දහසකට ට වැඩි ග්‍රාහකයින් ප්‍රමාණයක් සිටින බව https://globalvoices.org වෙබ් අඩවිය කියා සිටී.

ලිසප්‍රියාගේ උපන්දිනය දා ඇය පෙනීසිටින සියලු සාමාඡමාධ්‍යවල මෙවැනි සටහනක් තැබුවාය.
අද සැප්තැමිබර් 02 මගේ උපන් දිනයයි. මා උපන් ප්‍රාන්තය වන මනිපූර් හි සියලු ජනයාගෙන් එක් ගසක් සිටුවන ලෙස මම ඉල්ලා සිටිමි. මෙම දිනයේ මනිපූර්හි මිලියන 2.8 ක ජනතාවක් ගස් මිලියන 2.8 ක් සිටුවන්නේ නම් එය ගෝලීය දේශගුණික අර්බුදයට එරෙහිව සටන් කිරීමට බොහෝ උපකාරී වනු ඇත.

ඇය ඇගේ සිය උපන් දිනය සැමරීමට පෙර විවිධ සමාඡ සංවිධාන සමග එකතුව මනිපූර්, යූපී, හිමාචල් ප්‍රදේශ්, ඇසෑම්, මිසෝරාම්, මහාරාෂ්ට්‍ර, දිල්ලි, ඔඩීෂා, ආන්ද්‍ර ප්‍රදේශ්, තමිල්නාඩු, කේරළ, පමණක් නොව බංග්ලාදේශය, භූතානය සහ ඩුබායි හි ගස් හතලිස් දහසකට වඩා රෝපනය කර ඇත.

ඇයට වයස අවුරුදු තුනේ සිටම ගස් සිටවීමෙි පිස්සුවක් ඇතැයි ඇගේ මව ලීවාය. ආර්ථික අවශ්‍යතාවයන් සදහා ඔවුන්ගේ මුලු පවුලම මනිපූර් ප්‍රාන්තය අත්හැර නවදිල්ලියට පැමිනි විට ඇය සිය සමාඡමාධ්‍ය ඔස්සේ මෙසේ සටහන් තැබුවාය.

“මම ඉපදුණේ ඊසානදිග ඉන්දියාවේ මනිපූර් නම් කුඩා ගම්මානයේය . එය හරිත කඳු වලින් වටවී ඇති අතර ස්වාභාවික සුන්දරත්වයෙන් පිරි සිත් ඇදගන්නාසුළු වාතාවරණයක් ඇත. නමුත් මම දිල්ලියට පැමිණෙන විට එය අවුල් සහගතය.”

2018 ජුලි මාසයේ ආපදා අවදානම අවම කිරීම පිළිබඳ ආසියානු අමාත්‍ය සමුළුවේ දේශගුනික විපර්යාසයන් වෙනුවෙන් ඉන්දීය නියෝඡනය මෙි පුංචි කෙල්ලය.සමුළුවෙන් ආපසු පැමිණීමෙන් පසු ඇය ඉන්දියාව පදනම් කරගත් ළමා ව්‍යාපාරයක් ආරම්භ කළාය.

2019 ජුනි 21 වන දින ලිසිප්‍රියා ඉන්දියාවේ දේශගුණික විපර්යාස නීතියක් සම්මත කිරීම වෙනුවෙන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ අවධානය දිනා ගැනීම සඳහා ඉන්දීය පාර්ලිමේන්තු මන්දිරයෙන් පිටත වීදියේ සතියක් ගත කලාය.

. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවති 2019 (COP25) එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේ හිදී ඇය ලෝක නායකයින් අමතා ක්ෂණික දේශගුණික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටියාය.


2019 අගෝස්තු 31 වන දින ඕස්ට්‍රේලියාවේ කලාපීය සන්ධානය විසින් සංවිධානය කරන ලද උත්සවයකදී Institute of Economics & Peace (IEP), හි අධ්‍යක්ෂක චාල්ස් ඇලන් මහතා විසින් ලිසප්‍රියා කන්ගුඡාම් හට “ලෝක ළමා සාම ත්‍යාගය 2019” පිරිනමන ලදී
2019. ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් ඩී.සී. හි පිහිටි Earth Day Network වෙතින් “රයිසින් ස්ටාර්”නාමය පුදකරන ලදී.

2019 නොවැම්බර් 19 වන දින ඇය චන්දිගාර් විශ්ව විද්‍යාලයේ “එස්ඩීජී තානාපති සම්මානය හිමිකර ගත්තාය. නව දිල්ලි ආණ්ඩුකාර කිරාන් බෙඩි විසින් 2020 ජනවාරි 3 වන දින නවදිල්ලියේදී “ගෝලීය ළමා ප්‍රොඩිජි සම්මානය” ද ලිසප්‍රියාට හිමි විය.2020 පෙබරවාරි 18 වන දින ඇය ඉන්දියාවේ නවදිල්ලියේ දිල්ලි විශ්ව විද්‍යාලයේ පැවති TEDxSBSC හි විශ්ව විද්‍යාලීය සිසුන්ට දේශනයක් කලාය.2020 පෙබරවාරි 23 වන දින ඇය මුම්බායි හි පැවති TEDxGateway හි විද්වත් ප්‍රඡාවට දේශනයක් කලාය.

මතක තියාගනන තවම ඇයට අවුරුදු 08 ක් බව. ලොව ලාබාලම පරිසර ක්‍රියාකිරිනිය ඇයයි
ස්වීඩනයට පරිසරය ගැන හඩ නැගීමට ග්‍රේටා තුන්බර්ග් සිටී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...