මාස 5ට පසු රම්සි රසීක්ට ඇප ලැබෙයි

සමාජ මාධ්‍ය තුළ අදහස් පළකිරීම නිසා අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි රම්සි රසීක් මාස පහකට පසු ඇප මත මුදා හැරීම⁣ට කොළඹ මහාධිකරණය අද (17) නියෝග කර තිබුණි.

සමාජ මාධ්‍ය තුළ විවිධ ආකාරයේ අන්තවාදීන්ගේ ජාතිවාදී අදහස්වලට විරුද්ධව පෙනී සිටි සමාජ ක්‍රියාකාරිකයකුවන ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ අයීසීසීපීආර් පනත යටතේ බව සඳහන් විය.

රම්සිව අත්අඩංගුවට ගනු ලැබූයේ ඉකුත් අප්‍රේල් 09 වැනි දා වන අතර දින 161ක් ඔහු අත්අඩංගුවේ පසුවිය.

සමාජ ක්‍රියාකාරිකයකු වශයෙන් පසුගිය පාස්කු ප්‍රහාරයේදී අන්තවාදීන් හා ජාතිවාදීන් ගැටුම් ඇති කිරීමට ගන්නා උත්සාහයන් හෙළා දකිමින් අදහස් පළ කළ මෙම සමාජ ක්‍රියාකාරිකයා, කොරෝනා වසංගතයේදී ඇතැම් පුද්ගලයන් මුස්ලිම් අන්තවාදය වැපිරවීමටත් එහිදී සංවිධානාත්මකව මුස්ලිම් විරෝධයක් ඇවිලවීමටත් ගන්නා උත්සාහයන් කෙරෙහි විරෝධය පළ කරමින් සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කර ඇත. විශේෂයෙන් කෝවිඩ්19 වසංගතය තුළ පැතිර යන අන්තවාදය පරාජය කිරීමට ‘චින්තනමය යුද්ධයක්'(Ideological War) සඳහා ක්‍රියාකළ යුතු බව ඔහු පවසා තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...