Breaking News

මාස 5ට පසු රම්සි රසීක්ට ඇප ලැබෙයි

සමාජ මාධ්‍ය තුළ අදහස් පළකිරීම නිසා අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි රම්සි රසීක් මාස පහකට පසු ඇප මත මුදා හැරීම⁣ට කොළඹ මහාධිකරණය අද (17) නියෝග කර තිබුණි.

සමාජ මාධ්‍ය තුළ විවිධ ආකාරයේ අන්තවාදීන්ගේ ජාතිවාදී අදහස්වලට විරුද්ධව පෙනී සිටි සමාජ ක්‍රියාකාරිකයකුවන ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ අයීසීසීපීආර් පනත යටතේ බව සඳහන් විය.

රම්සිව අත්අඩංගුවට ගනු ලැබූයේ ඉකුත් අප්‍රේල් 09 වැනි දා වන අතර දින 161ක් ඔහු අත්අඩංගුවේ පසුවිය.

සමාජ ක්‍රියාකාරිකයකු වශයෙන් පසුගිය පාස්කු ප්‍රහාරයේදී අන්තවාදීන් හා ජාතිවාදීන් ගැටුම් ඇති කිරීමට ගන්නා උත්සාහයන් හෙළා දකිමින් අදහස් පළ කළ මෙම සමාජ ක්‍රියාකාරිකයා, කොරෝනා වසංගතයේදී ඇතැම් පුද්ගලයන් මුස්ලිම් අන්තවාදය වැපිරවීමටත් එහිදී සංවිධානාත්මකව මුස්ලිම් විරෝධයක් ඇවිලවීමටත් ගන්නා උත්සාහයන් කෙරෙහි විරෝධය පළ කරමින් සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කර ඇත. විශේෂයෙන් කෝවිඩ්19 වසංගතය තුළ පැතිර යන අන්තවාදය පරාජය කිරීමට ‘චින්තනමය යුද්ධයක්'(Ideological War) සඳහා ක්‍රියාකළ යුතු බව ඔහු පවසා තිබුණි.

leave a reply