පොලීසිය නැවතත් නිරෝධායනය මැදිහත්වෙයි – 1217ක් ස්වයං නිරෝධායනයට යවලා

බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ නොපැළඳ ප්‍රසිද්ධ ස්ථානවල සිටිමින් නිරෝධායන පනත උල්ලංඝනය කරන ලද පුද්ගලයන් 1217 දෙනෙක් ස්වයං නිරෝධායනයට යොමුකළ බව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දේශබන්ධු තෙන්නකෝන් සඳහන් සිටියේ නිරෝධායන නීති රීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට දැඩි ලෙස අවවාද කර දින 14ක් ස්වයං නිරෝධායනයට යොමුකරන ලෙස පොලිස්පතිවරයාගෙන් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලැබී ඇති බවයි.

නමුත් මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසූ අවස්ථාවේ පොලිස්පතිවරයා විසින් එවැනි උපදෙසක් ලබාදී නොමැති බව සහ ස්වයං නිරෝධායනයට යොමුකළ හැකි එවැනි නීතියක් නොමැති බව පවසා ඇතැයි media.lk වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

එසේම පොලිසිය එවැනි උපදෙසක් ලබාදී ඇත්නම් ඒ කුමන නීතියක් යටතේ ද යන්න පැහැදිලි කළ යුතුය. මන්ද පුද්ගලයන් නිරෝධායනය යොමු කිරීමේ බලතල ඇත්තේ වෛද්‍යවරුන්ට සහ මහජන සෞඛ්‍ය නිලධාරීන් ඇතුලු සෞඛ්‍ය අංශවලට මිස පොලීසියට නොවේ. එය මීට පෙරත් මතුවූ කාරණයකි.

අනෙක් අතින් පොලීසිය හැසිරෙන ආකාරය අනුව නිරෝධනය දඬුවම් ක්‍රමයක් ලෙස යොදාගැනීමේ අවදානමක්ද මතුව තිබේ.

මිට අමතරව වසංගත රෝග විද්‍යා අංශය වර්තමාන තත්ත්වය අනුව මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් නොමැති බව සිය වෙබ් අඩවියේ පැහැදිලි ලෙස සටහන් කර තිබේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...