නාගස්හන්දිය

කුඩාවට තිබූ නගරය දැන් දැවැන්තය
සුළු දේවල්ව සැලකූ ප්‍රීමා පාන් ගෙඩි පවා
දැන් කුලවත්‍ ය
චූන් පාන්කරු පවා ධනයෙන් ආඩ්‍යය
බිතෝවන් තාලයෙන් සුසර කරයි හෙතෙම
නාගස්හන්දිය

පොඩි කඩය-ඇළ ළඟ කඩය
දමා ලක්සෙට කොඩිය
අත් වනා අපිට අඬගසන
භක්තියෙන් බිත්තර ගෙන මල්ලට දමන
පොල්තෙල්, කඩේ සිටම ගොජ-ගොජ ගා
බොන්නටත් සිතෙන
ඒ තරමටය දීප්තිය

ඒ මහත් බලවත් මාළුකරු
කුඩා ඩිමෝ බට්ටකු දමනය කර
ගමින් ගම මාස්කයෙක් සජ්ජිතිව
‘මාලෝහ්…මාලෝහ්’ යන හඬින් සැරිසරන

ඉදහිට දවසක ගමටම ආරූඩ වන
එළවළු සහ මයියොක්කා ලොරිය
කෑ ගස්සවා ගෙතුළ සියලු දන
පාරේ හිටවන්නට සමත් වන
කිළිටි ඇඳුමින්, අවුල් වූ හිසින්
බරසාර රැකියා කළවුන් දුව එන
සැරදමා ලොරි ඉගිල්ලෙන විට
උම්මන්තක විලාසෙන් ඒ පසුපස හඹා යන
‘මයියොක්කා කිලෝවක් දියෝ!!’ මුරගාන

ඒ පාපතර නිවාස අඩස්සිය
සාලයෙන් කුස්සියට,
කුස්සියෙන් කාමරයට
සර්පයන් මෙන් බඩගා ඇදෙන්නට බල කරන
‘සීස්’ ගා දෂ්ඨන පතන
වෛරස් ගාඩ් දැමුවට
විසෙන් විස නොනැසෙන

හැබැයි මේ,
යෝධයා මායා බෝංචි වැල කපන්නට පෙර•

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...