නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය වසංගතයේ අනතුරු ගැන ලිපියක් බාර දෙයි

නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය වසංගතයේ අනතුරු ගැන ලිපියක් බාර දෙයි

කොරෝනා ( COVID19) ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ඇති ඉදිරි අභියෝගාත්මක අනතුරු පිළිබඳ කරුණු හයක ලිපියක් නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අද(2020.04.21) දින භාර දී තිබේ. එම බාරදීමේ පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ගිෂාන්ත දසනායක පැවසුවේ කොරෝනා වසංගතය මර්දනය කිරීමට පත්කර ඇති කාර්ය සාධන බලකායේ සංයුතිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවයි. එම බලකාය සඳහා වෛරස් රෝග සම්බන්ධ විශේෂඥවරු, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරු වැනි අය පත්කළ යුතු බව ඔහු මෙහිදී පැවසීය.

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයද පවසා ඇති පරිදි PCR පරීක්ෂණ වැඩි කරන ලෙස, සෞඛ්‍ය සේවකයන් සහ ආරක්ෂා අංශවලට අවශ්‍ය ආරක්‍ෂිත උපකරණ ලබාදීම, කොරෝනා රෝගීන් කෙරෙහි සමාජයේ විරෝධය අවුළුවන මාධ්‍ය මෙහෙයුම් නැවත්වීම, මාධ්‍ය මගින් ප්‍රචාරය කරන අවිධිමත් ප්‍රතිකාර ක්‍රම ගැන නිවැරදි කිරීමක් කිරීම, ඖෂධ බෙදාහැරීම විධිමත් කිරීම, ඇඳිරි නීති සීමා ලිහිල් කිරීමට පෙර ඊට අවශ්‍ය නිර්ණායක සකසා ඒ අනුව ලිහිල් කිරීම පියවරෙන් පියවර කිරීම යන ඉල්ලීම් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය මෙම ලිපිය මගින් ඉල්ලා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...