කොරෝනා නම් මොනවද

ඔබ සිටින වග
සිසිලියා නගරයෙහි
මේ අවුල් වියවුල් මැද
සැලවීය අහම්බෙන් මෙන්

ස්වයං වෛරසයක්
පැතිර යයි දැන් මා තුළ
ලේ නහර ඔස්සේ
අවුස්සා පෙර මතක

දූට දැන් වයස කීයද
ආයෙම වතාවක් බැන්දද
එහෙම නැත්නම් තනියෙන්
මාත් එක්කන් තරහින්
ඈව පණ මෙන් රැක්කද

කවි පොතේ පිටු ඉරුනද
දිවි පැලැස්තර වැහුවද
කයි-කතන්දර අතරින්
දූගෙ ඇස් වල පතුලින්
ජිවිතේ දුර දුටුවද

ඉතින් මේ උවදුර ගැන
මොකට මං දුක් වෙනවද
ඔයා වගෙ ගෑනියෙකුට
මේ උපද්‍රව මොනවද

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...