Breaking News

කොරෝනා නම් මොනවද

චින්තක සමන් හේරත්

ඔබ සිටින වග
සිසිලියා නගරයෙහි
මේ අවුල් වියවුල් මැද
සැලවීය අහම්බෙන් මෙන්

ස්වයං වෛරසයක්
පැතිර යයි දැන් මා තුළ
ලේ නහර ඔස්සේ
අවුස්සා පෙර මතක

දූට දැන් වයස කීයද
ආයෙම වතාවක් බැන්දද
එහෙම නැත්නම් තනියෙන්
මාත් එක්කන් තරහින්
ඈව පණ මෙන් රැක්කද

කවි පොතේ පිටු ඉරුනද
දිවි පැලැස්තර වැහුවද
කයි-කතන්දර අතරින්
දූගෙ ඇස් වල පතුලින්
ජිවිතේ දුර දුටුවද

ඉතින් මේ උවදුර ගැන
මොකට මං දුක් වෙනවද
ඔයා වගෙ ගෑනියෙකුට
මේ උපද්‍රව මොනවද

  • කවි පොතේ පිටු ඉරුනද
    දිවි පැලැස්තර වැහුවද
    කයි-කතන්දර අතරින්
    දූගෙ ඇස් වල පතුලින්
    ජිවිතේ දුර දුටුවද

leave a reply