කොරෝනා හමුවේ ඇති වූ යහපත් ප්‍රතිඵල

# පරිසර දූෂණය හා ගෝලීය උණුසුම පහළ බැසීම.

# රට, ජාතිය හා ආගම බඳු සංකල්පයන්ට වඩා මිනිසුන් මෙහෙයවන්නේ අහාර,බෙහෙත් හා ණය පොලී ගෙවීම පිළිබඳ සාධක මඟින් බව හෙළිදරව් වීම.

# නක්ෂත්‍ර ඇතුළු මිත්‍යා විශ්වාසයන්ගේ හරසුන් බව පසක් වීම.

# පෞද්ගලික නිදහස බඳු ලිබරල් සංකල්පයන්ගේ දරිද්‍ර බව පැහැදිලි වීම.

# සියල්ල විකිණීම සඳහා පවතින බව විශ්වාස කළ හා එය අතිනූතන අදහසක් සේ සලකා ප්‍රචාරය කළ සිවිල් සමාජ ක්‍රියාධරයින්ගේ හා බුද්ධිමතුන්ගේ මුග්ධ බව අනාවරණය වීම.

# දුප්පත් මව්බිම අතහැර දියුණු සංවර්ධිත රාජ්‍යයන්හි ජීවිතය සෙවූ නමුදු එසේ තනි තනිව විමුක්තිය ලබා ගත නො හැකි බව අවබෝධ වීම.

# මක්කම,වතිකානුව බඳු සිද්ධස්ථානයන්හි කිසිදු ප්‍රාතිහාර්යයක් නොමැති බව සනාථ වීම

# ආධ්‍යාත්මික ශක්තියෙන් ලෙඩ සුව කිරීම යනු සම්පූර්ණයෙන් ම වාණිජ පරමාර්ථ මත සිදු වන ව්‍යාපාරයක් පමණක් බව තහවුරු වීම.

# පන්සල්,පල්ලි,කෝවිල් හා අසපු ආදියෙහි වාසය කරන පූජකයන් සාමාන්‍යය ජනයාගෙන් කිසිසේත් වෙනස් නො වන බව අවබෝධ වීම.

# මධ්‍යම පන්තිය විසින් ප්‍රදර්ශනය කරන ලද ශිෂ්ටත්වය තම කුටුම්භයේ පැවැත්ම පිළිබඳ කාරාණාව මත සීමා වන බව හෙළිදරව් වීම.

# ද්‍රව්‍යයමය ලෝකය බිඳ වැටෙන විට ආධ්‍යාත්මික ශක්තියෙන් ඉන් මිදීමට නො හැකි බව තහවුරු වීම හෙවත් විඤ්ඤාණවාදයේ දිළිඳු බව යළිත් තහවුරු වීම.

# ලොවෙන් උතුම් රට,ආගන්තුක සත්කාරයෙන් ඉහළ ම රට බඳු ග්‍රාම්‍ය ජාතිකවාදයේ නිසරු බව සාධනය වීම.

# මුහුණ නිරාවරණය කරගෙන සිටීමෙන් ජාතික ආරක්ෂාව තහවුරු නො වන බව සමර්ථනය වීම.

# වියදම් කිරීමට මුදල් නොමැතිව ලැබෙන නිවාඩුව,නිවාඩුවක් නො වන බව පසක් වීම.

(මේ ලැයිස්තුව තවදුරටත් පිරවීමේ අයිතිය ඔබ සතු ය.)

Share post:

Popular

වෙනත් පුවත්

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...