‘මන්ත්‍රීවරුන්ට හිඟාකාලා ජීවත්වෙන්න බැ’ -හර්ෂ ද සිල්වා

මන්ත්‍රීවරුන්ට මිනිස්සුන්ගෙන් හිඟාකමින් ජීවත්විය නොහැකි බවත් මන්ත්‍රීට අවශ්‍යනම් වාහන ලබා දිය හැකි බවත්, එසේ නොවුනහොත් හොරකම් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

ඔහු මේ බව පැවසුයේ, අද (15) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වාහන ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය.

“සමහර මන්ත්‍රීලා මොණරගලින්, යාපනයෙන්, බදුල්ලෙන්, ත්‍රීකුණාමලයෙන් එනවා. ඔවුන් කියනවා ඔවුන්ට මේක කරගන්න බැහැ කියලා. ඔවුන්ගේ පඩියෙන් ඔවුන්ට මේ වැඩේ කරගන්න පුළුවන්ද බැරිද? හැමෝම පුද්ගලික අංශයේ වැඩකරලා රිටයර් වෙලා ආපු අය නෙවෙයි. මන්ත්‍රීවරුන්ට කීයක් ගෙවනද පඩිය. ඒ පඩියෙන් කොච්චර දෙයක් කරගන්න පුළුවන්ද? වාහනයක් ඕනනම් දෙන්න පුළුවන්. මන්ත්‍රීට අරක දුන්න මේක දුන්න කියලා විවේචනය කරන්න හරි ලේසියි. මන්ත්‍රීවරුන්ට මිනිස්සුන්ගෙන් හිඟාකාලා ජීවත්වෙන්න බැහැනේ. එහෙම නැත්නම් හොරකම් කරනවා. හොරකම් කරන මන්ත්‍රීලට මේ කිසිදෙයක් ඕන නැහැ.”

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...