‘මන්ත්‍රීවරුන්ට හිඟාකාලා ජීවත්වෙන්න බැ’ -හර්ෂ ද සිල්වා

මන්ත්‍රීවරුන්ට මිනිස්සුන්ගෙන් හිඟාකමින් ජීවත්විය නොහැකි බවත් මන්ත්‍රීට අවශ්‍යනම් වාහන ලබා දිය හැකි බවත්, එසේ නොවුනහොත් හොරකම් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

ඔහු මේ බව පැවසුයේ, අද (15) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වාහන ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය.

“සමහර මන්ත්‍රීලා මොණරගලින්, යාපනයෙන්, බදුල්ලෙන්, ත්‍රීකුණාමලයෙන් එනවා. ඔවුන් කියනවා ඔවුන්ට මේක කරගන්න බැහැ කියලා. ඔවුන්ගේ පඩියෙන් ඔවුන්ට මේ වැඩේ කරගන්න පුළුවන්ද බැරිද? හැමෝම පුද්ගලික අංශයේ වැඩකරලා රිටයර් වෙලා ආපු අය නෙවෙයි. මන්ත්‍රීවරුන්ට කීයක් ගෙවනද පඩිය. ඒ පඩියෙන් කොච්චර දෙයක් කරගන්න පුළුවන්ද? වාහනයක් ඕනනම් දෙන්න පුළුවන්. මන්ත්‍රීට අරක දුන්න මේක දුන්න කියලා විවේචනය කරන්න හරි ලේසියි. මන්ත්‍රීවරුන්ට මිනිස්සුන්ගෙන් හිඟාකාලා ජීවත්වෙන්න බැහැනේ. එහෙම නැත්නම් හොරකම් කරනවා. හොරකම් කරන මන්ත්‍රීලට මේ කිසිදෙයක් ඕන නැහැ.”

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...