අධිකරණවල ළමා අපයෝජන නඩු විසි දහස ඉක්මවා ගොඩ ගැහිලා

මෙරට අධිකරණවල පවතින නඩු වලින් 20,075ක් පමණ ළමා අපයෝජන නඩු බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබෙනවා.

පසුගිය වසරේ ජූලි 31 වැනිදා වන විට මෙරට මහාධිකරණවල ළමා අපයෝජන නඩු 7,495ක් සහ මහේස්ත්‍රාත් අධිකරණවල ළමා අපයෝජන නඩු 12,580ක් පවතින බවට අනාවරණය වුණා.

එමෙන්ම මෙම වසරේ අප්‍රේල් 30 වැනිදා වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ළමා අපයෝජන පැමිණිලි 2,751ක් ලැබී ඇති බවත් සඳහන්.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට 2021දී පැමිණිලි 11,187ක්, 2022දී පැමිණිලි 10,497ක්, 2023දී පැමිණිලි 9436ක් සහ 2024 අප්‍රේල් 30 වැනිදා වන විට පැමිණිලි 2,571ක් ලෙස 2021 සිට 2024 අප්‍රේල් 31 වැනිදා දක්වා ළමා අපයෝජන පැමිණිලි 33,871ක් ලැබී ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පෙරේදා (14) පාර්ලිමේන්තුවේදි යොමු කළ ප්‍රශ්නයකට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ලබා දුන් පිළිතුරු ලබා දෙමින් මේ බව සඳහන් කළා.

මේ අතර 2018 වසරේ සිට 2022 වසර දක්වා ගැහැණු දරුවන් 6587ක් සහ පිරිමි දරුවන් 1694ක් ළමා අපචාර හේතුවෙන් ලිංගික හිංසනයට ලක්ව තිබෙන බවද ගීතා කුමාරසිංහ පවසා සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...