Breaking News

සජිත් ශ්‍රී ලක්මාල් ලියු වල්මත් වු අරලගයේ අතර මං වු නායකත්වය කෘතිය මහජනයා අතට

ලංකා ඉතිහාසයේ සිිිදු වු දැවැන්තම මහජන නැගිටිම වන ගාලුමුවදොර අරගලයට සක්‍රීය ලෙස මැදිහත් වු හා එහි නායකයේකු වු සජිත් ශ්‍රී ලක්මාල් සහෝදරයා විසින් රචිත “වල්මත් අරගලයේ අතර මං වු නායකත්වය” කෘතිය පසු ‌ගිය මාර්තු 31 ඇහැලියගොඩ පරකඩුව බෝදිමලුව ගම ගෙදර හෝටල් පරිශ්‍රයේදී මහජනයා අතට පත් කරන ලදි.

මෙම අවස්ථාවට දේශපාලන උනන්දුවක් දක්වන සහ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සහභාගි වී සිටියහ .
වල්මත් වු අරගලයේ අතර මං වු නායකත්වය කෘතිය ලියු සජිත් සහෝදරයා විසින්ම එම කෘතිය පිළිබදව කෙටි හැදින්විමක් හා අරගලය වමේ දිශානතියක් කරා රැගෙන යාමට අපොහොසත් වු නායකත්ව අර්බුදය ගැන ද කතා කළේය .

මාධ්‍යවේදියෙකු මෙන්ම ‌වමේ දේශපාලන ක්‍රියාධරයෙකු වන ශාන්ත විජේසුරිය ලැබුණු ආරාධනාවක් මත සංවාදයට ඒක්වෙමෙින් අරලගය කියන්නේ වල්මත් එකාක් නොවෙයි . මම එක පිළිගන්නේ නැහැ අරගලයට කම්කරු -පීඩිත මහජනයා සහභාගි වුණේ භෞතිකව ඔවුන් ඒ වන විටත් මුහුණ දි තිබුණ ආර්ථික ප්‍රශ්න හේතු කොට ගෙන. අරගලයට සහභාගි වු අතිබහුතරයක් මහජනයා ඒ කාරණය ගැන සවිඥානිකයි . අවිඥානික නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 එපා කියන්නේ නැහැ . වාම් කියා ගන්නා කිසිදු පක්ෂයට වමේ ඉදිරි දර්ශනයක් තිබුණේ නැහැ . ගාලුමුවදොර අරගල කියන්නේ වම පිළිබද සිදු කළ ලිට්ස්මස් පරික්ෂණයක් .ඇත්තටම නායකත්වය අතර මං වුණා ද? පාවා දුන්නාද? නායකත්වය අතර මං වුනා කියන කොට ඒ ඒ දේශපාලන පක්ෂ වල පංති ස්වභාවයන් අමතක කර සිදු කරන සුළු ධනේශ්වර කියවිමක් . වමේ කියා ගන්නා පක්ෂ දැනුවත්ව සිදු කළේ අරගලය දැනුවත්ව අඩුකදේ ගැසිමයි . දැන් අපට අපොහොකවාදී දැක්මක් හා සමාජවාදි ඉදිරිදර්ශනයක් සහිත පක්ෂයක් අවශ්‍යයි. ඒ පක්ෂය නිර්මාණය නොකළොත් අනාගත අරගලයට වෙන්නේ ගාලුමුවදොර අරගලයට වෙච්ච දේම තමා . කොළඹ ක්‍රියාකාරී කමිටුව ඒ සදහා කැප වී වැඩ කරනවා.

දැන් අරගලයට හතුරු වු අය කුමන්ත්‍රණ ගැන කතා කරනවා . ජුලි 09 යේ පසු බැසිමත් සමග ධනපති කේවටයෝ වගේම කම්කරු -පීඩිත ජනතාව වෙනුවෙන් ව්‍යාජ ලෙස පෙනි සිටි අපිත් සමග සිටි සමහරු ගාලුමුවදොර අරගලය කුමන්ත්‍රණයක් කිවවේ විමල් වීරවංශ සහ හිටපු ජනාධිපති ගෝඨාභය අරගලය කුමන්ත්‍රණයක් කියන්නට පෙරය . කම්කරු- පීඩිත මහජනයා පාර අවේ කුමන්ත්‍රණයක කොටස්කකරුවන්ව වශයෙන් නොව ගෑස් ,විදුලිය අතවශ්‍ය ආහාරසහපො‌හොර ඉල්ලා ගෙනය . ලෝකයේ සතුටින්ම ජිවත් වන මහජන ඉන්නා බව කියන්නේ පින්ලන්තයෙ ලු . ලංකාව ඒවැනි රටක් වුණා ගෝඨාභයට විරුද්ධව ක්‍රමන්ත්‍රණ දියත් කළ හැකිද? එහෙම වුනොත් එක අහම්බයක් . ගාලුමුවදොර අරගලය කියන්නේ කම්කරු ,ශිෂයෝ ,තරුණයෝ සහ පීඩිත ජනයා ඉතාමත් සවිඥානිකව සහභාගි වු අරගලයක් . අරගලය කුමන්ත්‍රණයක් නොව අරගලය ඇතුලේ කුමන්ත්‍රණ දියත් වු බව අතිශ්‍යයොක්තියක් නොවෙයි . එහෙම සිදු වුණා නම් ඒ පළමු සහ අවසන් රටත් ලංකාව නොවෙයි . අරගලයට හේතු ධනපති පාලකයන්ගේ අසමත් කම නොව විදේශ බලවේග විසින් නිර්මානය කරන ලද්දක් කියා මහජන අරගලය යටපත් කිරීමටත් ඊට සහභාගි වු මිලියන ගණනක් ජනතාව කුමන්ත්‍රණයකට හසු වු කුමන්ත්‍රණකරුවන් යැයි හංවඩු ගසා ගෝඨාභය ඇතුළු ඔහුගේ කේවටයෝ එහි වගකිම කම්කරු -පීඩිත මහජනයා වෙතපැටවීමට දරණ කුහක ප්‍රයත්නයක් වගේ මේක තමා සැබෑ කුමන්ත්‍රණය.
මෙම පොග ජනතාව අතරට පත් කරන අවස්ථාවට සහභාගි සිටි සමාජවාදි පක්ෂයේ නායක මහින්ද දේවගේ සහෝදරයා ඇතුළු සහෝදරවරුන්ද සංවාදයට එක් වෙමින් සංවාදය පොහොසත් කළහ .

leave a reply