Category: අරගලය2022

  • සුව වීමට ප්‍රථම ත්‍රස්‌ත විමර්ශන ඒකකය යළි සිරිධම්ම හාමුදුරුවන් පැහැරගෙන යයි

    සුව වීමට ප්‍රථම ත්‍රස්‌ත විමර්ශන ඒකකය යළි සිරිධම්ම හාමුදුරුවන් පැහැරගෙන යයි

    ත්‍රස්ත විමර්ශන ඒකකයෙ හිරකරගෙන හිටපු සිරිධම්ම හාමුදුරුවෝ ඩෙංගු හැදිල අමාරු වෙලා රෝහල්ගත කරල හිටියෙ. අද හදිසියේම ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඇවිල්ලා සිරිධම්ම හාමුදුරුවෝ රෝහලෙන් අරගෙන යනවා. ඩෙංගු හැදිල අසාධ්‍ය වෙච්ච රෝගියෙක් දින දෙක තුනකින් සනීප වෙන්නෙ නෑ කියන එක අපි පැහැදිලිවම දන්න කාරණයක්. රෝහලෙන් ටිකට් කැපුවත් ඩෙංගු රෝගියෙක් මාස කීපයක් විවේකයෙන් ගත කළ යුතුයි. රෝහල්ගත කරල ඉද්දි සිරිධම්ම හිමිට විවේකයක් තිබ්බෙත් නෑ. තුවක්කු තියාගෙන, වටතිර ඇදලා හුස්මක් කටක් ගන්න බැරි වෙන විදිහට හිර කරගෙන තමයි රෝහලෙත් හිටියෙ. නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන කාර්යාලයේ ඉද්දි ඩෙංගු හැදිලා සතියක් යනකම් පැනඩෝල් පෙත්තක් දෙන්න තරම්වත් අසනීපෙ ගණන් අරගෙන තිබුණේ නෑ. ඒ තමයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අමනයින්ට මිනිහෙක්ගෙ සෞඛ්‍ය ගැන තියෙන වගකීම. එහෙම තියෙද්දි අද රෝහලෙන් නැවතත් සිරිධම්ම හිමි අර නිරූපමා රාජපක්ෂගෙ නාරාහේන්පිට භූත ගොඩනැගිල්ලට අරන් යනවා. එතන තියෙන සෞඛ්‍ය පහසුකම මොකක්ද? ලෙඩෙක්ට විවේකයක් ගන්න තරම් එතන තියෙන සුදුසු පරිසරය මොකක්ද? ඉර එළිය, පිරිසිදු වාතාශ්‍රය නැතිව ඒ භූත ගොඩනැගිල්ල ඇතුළෙම වසන්ත සහෝදරයා දරුණු චර්ම රෝගයකට ගොදුරු වෙලා ඉන්නවා. ඩෙංගු හැදිල හිටපු සිරිධම්ම හිමිත් ආයෙ ඒ තිරිසන් අපායටම දක්කගෙන යනවා. මේ තරම් මිනිහෙක්ට වද දෙන්න මුන්ට සිරිධම්ම හිමිත් එක්ක එච්චර තියෙන වෛරය මොකක්ද? ඒ මනුස්සයා මොකක්ද කරේ?

    ඒ මදිවට පැය ගාණක් යනකම් අරගෙන ගියේ කොහෙටද කියලා හෙළිදරව් කරෙත් නෑ. ලෝයර්ස්ලටවත් කිව්වෙ නෑ. අන්තිමේදි ලෝකෙ වටේ මානව හිමිකම් සංවිධානවලට කතා කරලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් විමසුවාට පස්සෙ තමයි නාරාහේන්පිට අරන්ගියා කියල කිව්වෙ. මේ ගොබ්බ වැඩේ වහාම නතර කරපියව්. ලෙඩෙකුට ලෙඩෙක් ගැලපෙන විදිහට සලකපියව්. අපි දන්නවා තොපිට ⁣⁣ගොඩක් දේවල් තේරුම්ගන්න අමාරුයි කියලා. තේරෙන්න කියල දෙන්න එන්නම්. බලාගෙන හිටපල්ලා. ආණ්ඩුවේ බල්ලො.
    ඡායාරූපය – රෝහල්ගත කර සිටි සිරිධම්ම හිමි.
    (උපුටාගැනීම – රත්කරව්වේ ජිනරතන හිමිගෙන්)

  • ‘හිරුණිකා’ සහ වමේ නිකාය බේදය

    ‘හිරුණිකා’ සහ වමේ නිකාය බේදය

    සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වී සිටීම සම්බන්ධයෙන් ද්වේශ සහගත ප්‍රචාරයන් ගෙන යමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අවලාද ව්‍යාපාරයක් ගෙන යන්නේ තමන් වමේ යැයි කියා ගන්නා පිරිසක් විසිනි. මේ වන විට අරගලයේ ක්‍රියාකාරින්ට එල්ල වෙමින් පවතින මර්දනය කිසිවකුට රහසක් නොවේ. විශේෂයෙන් කිසිදු යුක්ති සහගත පුද්ගලයකුට එකඟ විය නොහැකි ලෙස අන්තර් විශ්ව විද්‍යාලයී්‍ය ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකයන් ‘ත්‍රස්තවාදී’ චෝදනා යටතේ සිරගත කර ඇති තත්වයක් හමුවේ දේශපාලන ගණන් බැලීම් කරගත යුතුව ඇත. මර්දනය හමුවේ කිසිදු දේශපාලන ක්‍රියාමාර්ගයක් නොගෙන හුදු ප්‍රකාශ නිකුත් කිරීමකින් සෑහීමකට පත් විය නොහැකිය.

    එළඹෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වෙනුවෙන් මෙන්ම පාලකයන් ගෙන එන්නට නියමිත මර්දනයට එරෙහිව පොදු වේදිකාවක් ගොඩනැගීමට වැඩ කරමු යැයි පෙ.ස.ප. විසින් ප්‍රසිද්ධියේ මෙන්ම පක්ෂ නායකයන්ට ලිපි මගින් යෝජනා කළේ වසරකටත් පෙරාතුවය. වමේ දේශපාලන පක්ෂවලට මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට කිහිප අවස්ථාවකදී කළ එම ලිඛිත යෝජනා අනුව පෙ.ස.ප. දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කළ අතර සීමාවන් හඳුනාගනිමින් වැඩ කරමින් සිටී. එහි කිසිදු මැතිවරණ පෙරමුණක් නොමැති බවද අවධාරණය කළ යුතුව ඇත. ‘මැතිවරණ දේශපාලනය’ සියල්ල යැයි සිතා සිටින ඇතැම් දේශපාලන විරුද්ධ මත දරන්නන්ට මෙම මාධ්‍ය සාකච්ඡාව මෙන්ම විරෝධතාවලදී සමගි ජනබලවේගයේ පැමිණීම නයාට අඳු කොළ වර්ගයේ සිදුවීමක් වී ඇත. වමේ දේශපාලනයක සිටිනවා නම්, පාලක කල්ලිය විසින් ජනතාව පීඩාවට ඇද දමමින් ඊට එරෙහිව නැගෙන අරගලය මර්දනය කරන අවස්ථාවේ එක්ව කටයුතු කිරීම මූලික අවශ්‍යතාවකි. නමුත් සිදුවන්නේ වෙනත් කුමන්ත්‍රණකාරී දේශපාලන හැසිරීමකි. විශේෂයෙන්ම දුෂ්කර දේශපාලන අභියෝග ඉදිරියේ පෙන්වන මුග්ධකම්වල පාඩම් ඉගෙන ගැනීමට ඉදිරියේදී මේ වමේ යැයි කියන අයටත් සිදුවනවා වුවද එහි වන්දිය ගෙවන්නට සිදුවනු ඇත්තේ සමස්ත සමාජයටමය.

    සමාජ මාධ්‍ය තුළ දේශපාලන අනුම් පද සහ මඩ ප්‍රචාර කිරීම වමේ දේශපාලනයේ ඉන්නවා යැයි කියන අයගේ පුරුද්දක් බවට පත්ව ඇත.

    සත්‍ය කරුණු හා දේශපාලන නැඹුරුතා සම්බන්ධ අදහස් පළ කරනවාට වඩා මාධ්‍ය සෙල්ලම්වල එල්ලි එල්ලී ඒ පාරේ යාම වමේ දේශපාලන ක්‍රමය නොවේ.

    යමක් විග්‍රහ කරගැනීම හා ඒ අනුව මත දැක්වීම නොකරන තැනක දේශපාලනය හුදු ඕපාදූප හා ව්‍යාජ පෙනී සිටීම් බවට පත් වේ. මෙම අවුල අප මුලින්ම හඳුනාගත්තේ මීට වසර ගණනාවකට පෙර අප ජනතා විමුක්ති පෙරමුණේ සිට වෙනම දේශපාලන ගමනකට එක් වීමේදී අපට එරෙහිව මෙන්ම පක්ෂව ඇතැම් මත දැක්වීම් කළ අයගේ සමාජ මාධ්‍ය හැසිරීම තුළය. මේ තත්වය දේශපාලන නායකයන්ට පුද්ගලිකව මඩ ගැසීම්වලින් ගහන විය.
    (උතුරේ ජනයා වෙනුවෙන් අප කළ මැදිහත්වීම්වලට ප්‍රතිචාර දැක්වීමේදී ඔවුන් ජාතිවාදය සරණ ගිය බවද පුද්ගලික දුබලතා, මානව සබඳතාවල සාමාන්‍ය කරුණු අනවශ්‍ය ලෙස හුවා දැක්වීම ආදී වශයෙන් පැවති නිහීන ප්‍රචාරයන් කෙළවරක් නොවීය. මෙහිදී අප සමග පක්ෂපාතිව සිටි ඇතැමුන්ද ඒ පාරේ යමින් ජ.වි.පෙ. නායකත්වයේ ඇතැම් තොරතුරු හුවා දක්වමින් අගතිගාමී ප්‍රතිප්‍රහාර එල්ල කළද මේ වන විට එවැනි අගතිගාමී තත්වයන් වෙනස් කිරීමට පක්ෂය විසින් දැරූ උත්සාහය යම් ආකාරයකින් සාර්ථක වී ඇත.)

    විශේෂයෙන්ම අදත් සමාජ මාධ්‍ය තුළ තමන් වමේ යැයි කියා ගන්නා සමහර පුද්ගලයන් තම දේශපාලනය මේ තරම් පහත් අගතිගාමී ලෙස භාවිත කරද්දී වමට ඔවුන් කරන හානිය සුලුපටු නොවේ. ඔවුන් ඇතැමුන් පෙනී සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පාක්ෂිකයන් ලෙසය. නමුත් ඔවුන් පසුගාමීත්වය නිසා වමේ දේශපාලනයේදී පෙ.ස.ප. විසින් ගොඩ නගා ඇති දේශපාලන ආදර්ශයන් මුලුමනින් ප්‍රතික්ෂේප කරමින් වමේ ව්‍යාපාරයේ ගෞරවය බිඳ දමමින් සිටී.

    මේ වනවිටත් ජනතා විමුක්ති පෙරමුණේ තවමත් සිටින අපේ මිතුරන් තවමත් මෙම මඩ දේශපාලනයේ යෙදී සිටින අතර ජාතික ජන බලවේගය ලෙස එක්ව සිටින ඇතැම් කලාකරුවන් ලෙස අප හඳුනාගන්නා, පිරිසක්ද මඩ ගැසීමේ අදහසම දේශපාලන වහරකින් අනුකරණය කරයි. කලාකරුවන්ට නිදහස් අදහස් භාවිත කිරීමේ නිදහස ප්‍රතික්ෂේප කළ යුතු නැත. දේශපාලන කියැවීමක් ඇත්නම්, එය ප්‍රසිද්ධියේ පළ කිරීම ගරු කටයුතුය. නමුත් ප්‍රතිවාදී දේශපාලන පක්ෂවල ස්ත්‍රීන්ට හා නායකයන්ට පොදු සමාජයේ කියැවෙන ආකාරයේ අගති සහගත අවලාද වලින් දමා ගැසීම නමැති දේශපාලනයේ අනුකාරකයන් ලෙස කටයුතු කරන විට පිළිකුළක් ඇති වේ.

    පිළිගත් මාධ්‍ය ආයතනවල පවා විද්‍යුත් හා මුද්‍රිත ආකෘතිය තුළ මෙවැනි අගති සහගත පළ කිරීම් සීමා සහිත වුවද වෙබ් අඩවිවල හෝ සමාජ මාධ්‍ය පිටුවල මෙවැනි හරසුන් දේශපාලන අවලාද පළ කරනු ලැබේ. එහි අරමුණ, තම සමාජ මාධ්‍ය වෙත හෝ වෙබ් අඩවියට පැමිණීමේ ප්‍රවණතාව(Reach) ඉහළ නංවා ගැනීමට ග්‍රාහකයන් ආශක්ත කරගැනීමට බව අප දන්නා සත්‍යයයි. ඇතැම් අවස්ථාවල පුවත් පළ කිරීමේදී මේ ආකර්ශණය පිණිස යොදන සිරස්තල හා වචන, පැයකින් පමණ පසුව ඉවත් කරනු දක්නට ලැබේ. නමුත් ඒ ආකාරයෙන් අවලාද සහිත සිරස්තල හා ඒ මත පදනම් වී ගොඩනගන තර්ක මත සමාජ මාධ්‍ය තුළ දේශපාලන මත දක්වන අයට කිව යුත්තේ ඒ වමේ දේශපාලන භාවිතය නොවන බවය. ඔවුන් එය දේශපාලන භාවිතයක් ලෙස හඳුන්වනවා නම් වහාම ඒ දේශපාලනය වමේ යැයි කියාගැනීම අවසන් කළ යුතු බවය. මන්ද යත් ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, ස්ත්‍රී වරෝධය, ලිංගික තොරතුරු හුවා දැක්වීම ආදී සමාජ අගතීන් දක්ෂිණාංශය විසින් පාවිච්චි කරන උපක්‍රම නිසාය.

    මේ වන විට අප සමාජය මුහුණ දී ඇති ගැඹුරු ව්‍යසනකාරී අර්බුදයෙන් ගොඩ ආ යුත්තේ තමන් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරය වැඩි බලයක් අත්පත් කරගැනීමෙන් පමණක් යැයි සිතන දේශපාලනය, වමේ යැයි කිව නොහැකිය. පෙසප මෙන් ජවිපෙ නියෝජනය කරන, වමේ දේශපාලනය කරනවා යැයි සිතා සිටින අය මේ කරුණ වටහා ගත යුතු ඇත. ලක්ෂ ගණනින් ජනයා දේශපාලන අරගලයක මුල් පියවර තබා ඇත. ජනතා බලය කුමක්දැයි තවත් දේශපාලන පාඩම් කියවා ගැනීමට කාලයක් නැත. සමස්ත ජන සමාජයක් අතිශය බිහිසුණු ඉරණමකට ඇද දමමින් සිටින පාලක පැළැන්තිය පරාජය කිරීමේ සැබෑ ජනතා අරගලයක් කරා ඉදිරියට යා යුතුව තිබේ.

  • “දෙමළ සිංහල ජනයා පාරම්පරික සතුරන් බව ඉතිහාසඥයන් ඉතා සූක්ෂම ලෙස සමාජ ගත කරලා තියෙනවා”

    “දෙමළ සිංහල ජනයා පාරම්පරික සතුරන් බව ඉතිහාසඥයන් ඉතා සූක්ෂම ලෙස සමාජ ගත කරලා තියෙනවා”

    1934 වසරේ දී බදුල්ල – හාලිඇල ප්‍රදේශයේ ඌවාක්කට්ටවලෛ නමැති ග්‍රාමයේ උපත ලද සන්දානසාමි ජෝශෆ් හෙවත් තෙලිවත්ත ජෝශෆ්, 60 දශකයේ දී ලේඛන කලාවට පිවිසියේ ය. 70 දශකය වනවිට මෙරට දෙමළ සාහිත්‍ය තුළ තම අනන්‍යතාව සලකුණු කිරීමට ඔහු සමත් විය.

    ලාංකීය දෙමළ සාහිත්‍යයේ නියමුවෙකු ලෙස ‘තෙලිවත්ත ජෝශෆ්’ කිසිදු පැකිළීමකින් තොරව හඳුන්වා දිය හැක. ලේඛකයෙකු ලෙස ඔහු මෙරට ජීවත් වන දෙමළ ජනයා මුහුණ දෙමින් සිටින දේශපාලන, ආර්ථික සහ සමාජීය ගැටලු සම්බන්ධයෙන් සිය හඬ අවදි කළේ ය. රාජ්‍ය විසින් දෙමළ ජනතාවට එරෙහිව මුදාහරින ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඔහු සිය ලේඛන කටයුතු මෙහෙයවී ය. තෙලිවත්තේ ජෝෂප්, වතුකර ජනයා මුහුණ දෙන ගැටලු ඉතා යථාර්තවාදීව සිය නිර්මාණ තුළින් ඉදිරිපත් කළ දෙමළ සාහිත්‍යයගේ දුලබ නිර්මාණකරුවෙකි. ඔහු, 2013 වසරේ දී විෂ්ණූපුරම් සම්මානයෙන් ද, 2014 වසරේ දී සාහිත්‍ය රත්නා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය.

    අභාවප්රාප්ත ප්රවීණ ලේඛක තෙලිවත්ත ජෝශප් අවසන් වරට සහෘදස්පන්දන සඟරාවට ලබා දුන් සාකච්ඡා

    මේ ජූලි මාසය. ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් කළු මාසයක්. 1983 වසරේ කළු ජූලි අත්දැකීම්වලට ඔබත් මුහුණ දුන්නා.

    අවසන් වරට මම ප්‍රකාශයට පත් කළ නව කතාව ‘නාංගල් පාවිගලාග ඉරුක්කිරෝම්’ නැතහොත් 1983 යන නමින් ප්‍රකාශයට පත් කළා. 1983 වසරේ සිදු වූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය කිසිම රටක සිදු නොවූ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස කියන්න පුළුවන්. ඒ ප්‍රචණ්ඩත්වය තුළට හසු වී ඉන් බේරුණ කෙනෙක් විදියට මගේ හිතේ කිසිම දිනක අමතක කළ නොහැකි සිද්ධියක් ලෙස 1983 වසරේ ඇති වූ කළු ජූලිය මගේ සිත තුළ තැන්පත් වෙලා තියෙනවා. එය කවදාවත් සුව නොවන තුවාලයක් කියලත් කියන්න පුළුවන්. මම මේ ගැන පොතක් විදිහට ලියන්නේ 2016 වසරේ දී. මේ සිදුවීම් දෙක අතර කාල පරතරය අවුරුදු 33 ක් විතර තියෙනවා. 2016 අවුරුද්දට කලින් මගෙත් එක්ක ආශ්‍රය කරන අයට 1983 අවුරුද්දේ අපි විඳි පීඩාවන් සහ දෙමළ ජනයාව පාර දිගේ පන්නගෙන ගිහින් කපා කොටා දැමූ ආකාරයත්, බඩවැල් එළියට පැනලා තියෙද්දී දෙමළ ජනයා ජීවිතය බේරගන්න දුවපු ආකාරය ගැනත් කිව්වා ම ඒක චිත්‍රපටියක් වගෙයි කියලා කිව්වා හැරෙන්න, එහි තිබුණ රුදුරු බව ඔවුන්ට දැනුණේ නැහැ. මොකද කිව්වොත් අත්විඳපු අය තමා ඒකේ වේදනාව දන්නේ. මොවුන් පසුකාලීනව ආපු අය. 1983 කියලා කිව්වාම සාමාන්‍ය දෙයක් කියලයි හිතන්නේ. මේ නවකතාව ලියන්න ඕනේ කියලා හිතුණේ 1983 ප්‍රචණ්ඩතවය ඒ අයුරින් ම ජනතාවගේ හිතට කාවද්දන්න ඕනේ කියන අරමුණ නිසයි. මේකේ දී ‘අපි පව්කාරයන් ලෙස සිටින්නෙමු’ කියන නම භාවිත කළෙත් ඒ කාරණාව නිසයි. මේකේ දී අපි කියලා කියන්නේ දෙමළ ජනයා. දෙමළ ජනයා පව්කාරයන් ලෙසයි ලංකාව තුළ ඉන්නේ. මේ පොත භාග්‍යා ප්‍රකාශකයන් හරහා ප්‍රකාශයට පත් කරද්දී, එහි හිමිකරු තිලකර් ඉතා හොඳ පිට කවරයක් නිර්මාණය කළා. ඒක ජාත්‍යන්තර වශයෙන් කතා බහට ලක් වූ ඡායාරූපයක්. මේ තුළින් කළු ජූලියේ තත්ත්වය පසුකාලීන තරුණ ප්‍රජාව වෙත යම් මට්ටමකින් හෝ අරගෙන යන්න ඕනේ කියන අදහස මා තුළ තිබුණා. මේ නවකතාවේ මම කියන්න උත්සහ කළේ ඒ දවස්වල දෙමළ ජනයා මුහුණ දුන් පීඩාවන් ගැන. අපි කුලියට හිටිය නිවාසයේ අයිතිකාරිය වූ සොයිසා කියන කාන්තාවට තමා මේ පොත පිදුවේ. අපට පහර දෙන්න ආපු අයගෙන් බේරගත්තෙත් ඇයයි. ඒ දවස්වල යාඥා කරන්නවත් පහන පත්තු කරන්න බැරි වුණා. අපි අඳුරේ තමා යාඥා කළෙත්. මේක සිදුවෙද්දී මම ටොෆි කර්මාන්ත ශාලාවකයි වැඩ කරමින් හිටියේ. එහෙ තිබුණ වාහන 60 – 70 ක් විතර ගිනි බත් කළා. අපිට එළියට යන්න නොදී ගේට්ටුව වහලා තිබ්බා ඒකේ අයිතිකාරයෝ. කර්මාන්ත ශාලාවට පහර දෙන්න ආපු අයට පේන්න ටොෆි විසි කරලා ඒ අයව ඇතුළට අරන්, එයාලාත් එක්ක ම ඉතා සූක්ෂම ලෙස අපිව පිටත් කළා. එතැන දී මගේ අතින් අල්ලගත් කෙනෙක් ඔයා මෙතැන ඉන්න එපා, තත්ත්වය භයානකයි කියලා චිත්‍රපටිශාලාවක් තුළට මාව දාලා වැහුවා. එයාගේ නම සයිමන්.

    දෙමළ විමුක්ති අරගලයට පෙර සිටම වතුකරයේ ජනයා රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට ගොදුරු වුණා නේද ?

    1956 වසරේ මේ රටේ දේශපාලන දිශානතියේ වෙනසක් සිදු වුණා. මොකද කිව්වොත් මේ රටේ ජනයාගේ ජීවිතය වෙනස් කරපු අවුරුද්දක් ඒක. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් මෙරට දේශපාලන බලය එක්සත් ජාතික පක්ෂයෙන් ලබා ගත් අවුරුද්ද ලෙස මේක හඳුන්වන්න පුළුවන්. බණ්ඩාරනායක මේ රටේ සංස්කෘතිය, කලාව වෙනුවෙන් ගොඩාක් දේවල් කරලා තිබුණාට ඔහු දේශපාලන භාවිතය සිදු වූයේ දෙමළ ජනයාට විරුද්ධවයි. ඔහු තමන්ගේ පාලන කාලයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ තිබූ ප්‍රතිපත්තිමය මතභේද හේතුවෙන් ඉවත් වෙලා, කොහොම හරි එක්සත් ජාතික පක්ෂය පරාජය කරන්න ඕනේ කියන අදහසින් තමා හිටියේ. ඒ වෙනුවෙන් සිංහල ජනයාගේ හැඟීම් ඇවිස්සුවා. ඔහු සහ ඔහුගේ පක්ෂයේ නායකයන් දේශපාලන වේදිකාවල දෙමළ ජනයාට විරුද්ධව අදහස් පළ කළා. සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කරනවා කියන අදහස් සිංහල ජනයා තුළ ජනිත කළා. ඒ තුළින් ඔහු අසීමිත බහුතර බලයක් සමඟින් බලය ලබා ගත්තා. එහෙම බලය ලබා ගෙන ඔහු එක තැනක දී කියලා තියෙනවා, මට මේක කරන්න වෙනත් ක්‍රමයක් තිබුණේ නැහැ කියලා. මහජාතියේ හැඟීම් සුළුතරයට විරුද්ධව ඇවිස්සීමේ මූල බීජය රෝපණය කළ කෙනෙක් විදිහට බණ්ඩාරනායකව හඳුන්වලා දෙන්න පුළුවන්. කලා සාහිත්‍ය සම්බන්ධයෙන් ඔහු ගොඩාක් දේවල් කරලා තිබුණත් තවත් භාෂාවක් විනාශ කිරීමට ඔහු කටයුතු කළා. දෙමළ ජනයාට විරුද්ධව සිංහල මහජාතිය හැරවූ නායකයා විදිහත් ඔහුව හඳුන්වන්න පුළුවන්. 1956 වසරෙන් පසුව දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්ව බොහෝ සිදුවුණා. මහජාතිය වූ සිංහල ජනයා සුළුතර ජනයාව තමන්ගේ විරුද්ධවාදීන් ලෙස සිතා පහර දීමට ඉදිරිපත් වන එක සාධාරණ නැහැ. මොකද කිව්වොත් ඔවුන් බහුතර පිරිසක්. මහජාතියේ හැඟීම් සොරකම් කරනු ලැබූ කාලයක් ලෙස මේ කාලය හඳුන්වලා දෙන්න පුළුවන්. ඉන් අනතුරුවයි දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා ඉතා වැඩි වශයෙන් සිදු වුණේ. අපි ඒ ගැන අවුරුදු වශයෙන් කියන්න පුරුදු වෙලා හිටියත් ඒවා සිදුවීම් වශයෙන් ගත්තොත් අති විශාල ප්‍රමාණයක්. ඒවායෙන් නැති වුණ මිනිස් ජීවිත ගැන හරි තක්සේරුවක් කරලා නැහැ. අවම විනාශයක් විදිහට තමා රජයේ වාර්තාවල දක්වලා තියෙන්නේ. 1983 දී සිදු වුණ කළු ජූලිය විමුක්ති කොටි සංවිධානය සිදු කළ පහර දීම්වලට සිදු කළ ප්‍රතිප්‍රහාරයක් කියලා සිංහල ජනයා කිව්වාට, කොටි සංවිධානය හෝ උතුරේ ආයුධ සන්නද්ධ අරගල ඇති වීමට පෙර දෙමළ ජනයා කෙරෙහි ප්‍රචණ්ඩත්වය මුදාහැරියේ මොන පදනමකින් ද කියන ප්‍රශ්නය මම මතු කරන්න කැමැතියි.

    ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනයා මෙරටට පැමිණි වසර 200 ක් පමණ ගත වෙලා තිබුණත් ඔවුන්ට ලැබිය යුතු මූලික අයිතිවාසිකම් පවා තාම ලැබිලා නැහැ නේද?

    ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනයා කියන්නේ බි්‍රතාන්‍යන් විසින් මෙරට ධනය සූරා කන්න රැගෙන ආ පිටස්තර ජාතිකයක් කියන මතය ඉතා ගැඹුරින් සමාජ ගත වෙලා තිබෙනවා. ඒ කියන්නේ මීට අවුරුදු 200කට කලින් තමන්ගේ තේ, කෝපි සහ රබර් වතුවල වැඩ කරන්න මෙරටට රැගෙන ආ පිරිසක් තමා මේ ජනයා. වතු වගාවන් සඳහා ආයෝජනය කළේ විජාතිකයන්, ඒ වෙනුවෙන් ශ්‍රමය ලබා දුන්නෙත් විජාතිකයන් මේ දෙපිරිස ම මෙරට ධනය සූරා කන්න ආපු අය කියන මතය මෙරට ඉන්න විද්වතුන් සහ පර්යේෂකයන් සිංහල ජනයා තුළ ස්ථාපිත කරන්න බොහෝ වැඩ කොටසක් කරලා තියෙනවා. ඒවා අවුරුදු 200ක් ගිහිනුත් මේ සමාජයෙන් ඉවත් කිරීමට නොහැකි වීම ගැන ඇත්ත වශයෙන් ම අපි දුක් වෙන්න ඕන කාරණයක්. මේ ජනතාව වෙනුවෙන් අයිතිවාසිකම් ලබා ගන්න නfඬ්සයියර් වැනි වෘත්තිය සමිති නායකයන් උත්සහ කළත් ඒවා දේශපාලනිකව ඉදිරියට අරගෙන යන්න බැරි වුණා කියන එකයි මගේ අදහස. අදටත් වෘත්තීය සමිති පෙර වගේ ම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා. එහෙත් ඒවා දේශපාලනික වේදිකාවට අරන් එන්න බැරි වුණ නිසා පාලකයන් මේ ජනතාව සහ වෘත්තිය සමිති අවතක්සේරුවට ලක් කරනවා. මේ ජනයාට මූලික අයිතිවාසිකම් ලබා දෙන්න ඕනේ කියලා බලපෑමක් ඇති කෙරුණෙත් නැහැ කියන එකයි මගේ මතය. වතුකර ජනයාගේ නායකත්වය හරි නැහැ කියන එක ජනප්‍රිය මතකයක් වුණත් ඒක පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ, නායකයන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් තම ජනතාව වෙනුවෙන් හඬ අවදි කරලා ලබා ගත් ජයග්‍රහණ පවා ක්‍රියාත්මක නොකර ඉන්නේ ඒ ජනතාවට අයිතිවාසිකම් ලබා දෙන්න අවශ්‍ය නැහැ කියන මතය තවමත් පාලක පන්තිය විදිහට හඳුන්වන මහජාතියේ ස්ථාවරය වෙලා තියෙන නිසයි. ඒවා ලබා ගන්න වෙනම සටනක් වෘත්තිය සමිති සහ දේශපාලන ව්‍යාපාර තුළින් කරන්න සිදුවෙලා තියෙන්නේ ඒ නිසයි. එහෙමත් නැත්නම් ඒ අයිතිය ලබා ගන්න උසාවි ගාණේ රස්තියාදු වෙන්න සිදු වෙලා තියෙනවා.

    වතුකරය ජනයාට ‘ඉතිහාසයක් නැහැ’ කියන කතාව සමඟ එකඟ වෙන්න පුළුවන් ද?

    කුඩෛ නිළල් – කුඩ සෙවණ

    ඒක ඇත්තටම සාවද්‍ය ප්‍රකාශයක්. මේ ජනයාගේ ඉතිහාසය වෘත්තිය සමිති එක්කයි වැඩියෙන් බැඳිලා තියෙන්නේ. ඒ හරහා මෙම ජනයාගේ දේශාපාලන සහ සමාජීය සබඳතා ගොඩක් ඉදිරියට රැගෙන යන්න පුළුවන් වුණා. මේ ජනයාගේ ඉතිහාසය, ජීවන රටාව වැනි කරුණු සටහන් කිරීමට ගත් උත්සහයක් ලෙස වතුකර සාහිත්‍ය හඳුන්වා දෙන්න පුළුවන්. 1956 ට පසුව ඇති වූ වතුකර සාහිත්‍ය පුනරුදයෙන් මෙම ජනයාගේ ජීවන රටාව, ඔවුන්ගේ ගැටලු, සමාජීය, දේශපාලන සහ අධ්‍යාපනික ගැටලු වෙනත් ප්‍රාදේශීය ලේඛකයන් සහ ජනයා වෙත රැගෙන යාමට හැකි වුණා. වතුකරය, වතුකර සාහිත්‍ය, වතුකර ජනයා කියන දේවල් සාහිත්‍ය හරහා පුළුල් ලෙස පිටස්තර ජනයා අතරට ගිහින් තියෙනවා. මේ ජනයාගේ දේශපාලන ගැටලු, ජීවන රටාව වැනි කරුණු වතුකර සාහිත්‍ය හරහා බොහෝ ස්ථානවලට අරන් ගියා කියන එකේ සැකයක් නැහැ. ඒ නිසා ම මේ ජනතාවගේ ආර්ථික, දේශපාලන, සමාජීය සහ ඔවුන්ගේ පීඩාවට ලක් කරන මහජාතියේ අරාජිකත්වය සම්බන්ධයෙන් වතුකර සාහිත්‍ය හරහා ජාත්‍යන්තර මට්ටමින් සාකච්ඡාවට ලක් ව තිබෙනවා. එතුළින් මේ ජනයා ජාත්‍යන්තරය හඳුනාගත් ජන කොටසක් බවට පත් වුණා කියන එක පැකිලීමකින් තොරව කියන්න පුළුවන්. වතුකර සාහිත්‍යය හරහා මේ ජනයාගේ පාරම්පරික ජීවිතය ඇතුළුව මුහුණ දෙන සියලූම ගැටලු ඉතා පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කර තියෙනවා. බි්‍රතාන්‍යයන් විසින් ඉතා සැලසුම්ගතව ඉන්දියාවෙන් මෙරටට රැගෙන ආ මෙම ජනයාව ජාත්‍යන්තරය හඳුනන ජනතාවක් කළ ගෞරවය වතුකර සාහිත්‍යයට ලැබිය යුතුයි. නමුත් අවාසනාවන්ත විදියට එවැනි සටහන් බොහෝමයක් මෙරට තුළ සිදු වුණ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන්වල දී විනාශයට පත් වුණා කියන එකත් සිහිපත් කරන්න ඕනේ.

    තම උපන් බිම අතහැරලා වෙනත් රටක ආර්ථිකය වර්ධනය කළ ජනතාව දේශපාලනික අනාථයන් බවට පත් කිරීම ගැන ඔබේ අදහස කුමක් ද?

    අපි කවුරුත් දන්න විදිහට ලංකාවට 1948 වසරේ දී නිදහස හිමි වුණා. එය සිදු වූ විගස එකල හිටිය පාලකයන්ගේ පළමු රාජකාරිය වුණේ, රටේ සංඛ්‍යාත්මක සුළුතරය වූ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් කප්පාදු කරන එකයි. ඒකේ පළමු පියවර විදිහට වතුකර ජනයාගේ ඡන්ද අයිතිය අහෝසි කළා. ඒ කියන්නේ ඔවුන් ලංකාවේ පුරවැසියන් නොවෙන තත්ත්වයට පත් කළා. ව්‍යවස්ථාදායකයේ හිටිය වතුකර නියෝජිතයන් තනතුරුවලින් නෙරපා හැරීමට ලක් වුණා. ඒකට ප්‍රධානතම හේතුව වුණේ, ඩී.එස් සේනානායක, ඒ.ඊ ගුණසිංහ වැනි අයට මේ ජනයා කෙරෙහි තිබූ දේශපාලන චකිතය. අපට වඩා පහත් තත්ත්වයක ඉන්න ලක්ෂ ගණනක් පමණ සිටින වතු ජනයාගේ ඡන්දය වාමාංශික පක්ෂවලට ලැබීම මේ චකිතයට ප්‍රධානතම හේතුවක් වුණා. ඩී.එස් සේනානායක වැනි දේශපාලනඥයන්ට වාමාංශික පක්ෂ කෙරෙහි බිය වුණා මැතිවරණ ප්‍රතිඵලත් එක්ක. මේ ජනතාව සතු ඡන්ද අයිතිය දිගින් දිගට ම පැවැතියහොත් වාමාංශික පක්ෂ බලයට එයි කියන බියෙන් මෙම ජනයාගේ ඡන්ද අයිතිය උදුර ගන්න අවශ්‍යයි කියන සැලසුමට අනුව අරන් ආපු පනතක් ඒක. 1948 දී ලංකාව නිදහස ලබද්දී මේ ජනතාවගේ නිදහස උදුරගත්තා. ප්‍රජා අයිතිය අහෝසි කිරීම තුළින් මොවුන්ව දේශපාලනික අනාථයන් බවට පත් කළා කියන එකයි ඇත්ත. එම තත්ත්වයෙන් මිදීමට මේ ජනයාට විශාල කාලයක් ගත වුණා. ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න නායකයන් හිටියේ නැහැ. පාර්ලිමේන්තුව තුළ ඔවුන්ගේ හඬ නියෝජනය කෙරුණේ නැහැ. වතුකර ජනයාගේ වර්ධනය තමන්ට දැඩි අනතුරුදායක තත්වයක් කියලා ඩී.එස් සේනානායක වැනි නායකයන් ප්‍රසිද්ධියේ කියලා තියෙනවා. මේ ජනතාව වෙත දේශපාලන ප්‍රචණ්ඩත්වය කිසිදු බාධාවකින් තොරව මුදාහරින අවශ්‍ය වපසරිය නිර්මාණය කළෙත් නිදහස ලැබූ කාල සීමාවේදී. එදා සිට 1983 දක්වා සිදු වූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා නිසා මේ ජනයාගේ ජීවිත සීසීකඩ වුණා. මෙම ජනයාගේ පැමිණීම, වර්ධනය සහ ජීවන රටාව ගැන දේශපාලනික වශයෙන් ඉන්දීය රජය හෝ ලක් රජය සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීමක් කවදාවත් සිදු වෙලා නැහැ. භූගෝල විද්‍යාඥයෙකු වන ජවහල්ලාල් නේරු වැනි අය පවා දරන්නේ, මේ ජනයාගේ ආගමනය භූගෝලීය වශයෙන් සිදු වුණා කියන මතයක්. නමුත් මේ ජනයා ගැනවත් මෙරට තුළ ඔවුන් ගත කරන දුක්ඛිත ජීවිතය ගැනවත් පැහැදිලි වැඩ කොටසක් මෙම රජයන් සිදු කළේ නැහැ. සිරිමා – ශාස්ත්‍රි ගිවිසුම හරහා “කොටසක් ඔයාලා ගන්න, තවත් කොටසක් අපි ගන්නම්” කියලා මේ ජනයාව රටවල් දෙක අතර බෙදා ගත්තා. එය දේශපාලනිකව ඉතාමත් වැරදි ගිවිසුමක් කියලා ඉතිහාසය දෙස බැලීමෙන් අවබෝධ කරගන්න පුළුවන්. මේ ජනයා කෙරෙහි ඇති වූ ප්‍රචණ්ඩත්වයට මේ ජනයාට සිංහල ජනයා සමඟ එක් වී ජීවත් වීමට නොහැකි එසේ නොමැති නම් මෙම ජනයාව අන්‍යයන් ලෙස හුවා දක්වන සැලසුම් හොඳින් කෙරුණ නිසත් මේ ජනයා කෙරෙහි යොදවන බලය අද දක්වා අඩුවෙලා නැහැ. දෙමළ ජනයා, සිංහල ජනයාගේ පාරම්පරික සතුරන් බවට ඉතිහාසඥයන් සටහන් කරලා තියෙනවා. විශේෂයෙන් ම මහාවංශයේ. මෙම පාරම්පරික සතුරන් කියන වචනයෙන් මෙම ජනයාව විජාතිකයන් විසින් මෙරට ධනය සූරා කන්න රැගෙන ආ තවත් පිටස්තරයන් කියන එක ඉතා සූක්ෂම ලෙසත්, ගැඹුරු ලෙසත් මහජාතිය තුළ ස්ථාපිත කර තිබෙනවා. මොවුන්ට කවුරු පහර දුන්නත් අහන්න කවුරුත් නැහැ කියන අදහස මතු වුණ නිසයි, වතුවලින් පහර දී පන්නා දැමුවේ. පහර දීලා වව්නියා, කිලිනොච්චි වැනි ප්‍රදේශවලට පන්නා දැමුවා. මෙම ජනයාගේ ඉතිහාස දේශපාලන සලකුණ නැති වෙලා ගිය එක ගැඹුරින් කතා කළ යුතුයි.

    වතුකර ජනයාගේ සියලු ම අයිතිවාසිකම් කප්පාදු කරලා මෙරටින් පිටුවහල් කළා. ඒ කාලේ තරුණයෙක් විදිහට හිටපු ඔබට මේ සම්බන්ධයෙන් දැනුන හැඟීම කොයි වගේ ද?

    නාංගල් පාවීගලාග ඉරුක්කිරෝම් අල්ලදු 1983 (අනාථ අසරණයෝ වූ අපි හෙවත් 1983)

    බණ්ඩාරනායක බලයට ආවාම අලුත් නීතියක් දැම්මා, මේ රටේ වැඩ කරන්න පුළුවන් මෙරට පුරවැසියන්ට විතරයි කියලා. ඒ නිසා ඉන්දියාවෙන් ඇවිත් තාවකාලික වීසා මඟින් රැකියා කරමින් ඉන්න සියලු ඉන්දියානුවන් මෙරටින් පිටුවහල් කරන්න ඕනේ කියන එකයි අලුත් නීතිය වුණේ. මේ නීතිය සම්මත වුණ වෙලාවේ මම හිටියේ තෙලිවත්ත කියන වතු යායේ. නමුත් රැකියාවක් තිබුණේ නැහැ. මගේ අයියා ඥානප්‍රගාසම් තෙලිවත්ත වතු යායේ ලිපිකරුවෙක් ලෙස සේවය කරමින් හිටියා. මේ නීතිය ගෙනාපු වෙලාවේ අපේ වත්තේ, ඬේවිඞ් කියලා ගුරුවරයෙක් හිටියා. එයා ඉන්දියානු වීසා එකක් තිබුණ කෙනෙක්. අධ්‍යාපන අමාත්‍යංශයෙන් වතු හිමිකරුට ලිපියක් ආවා මේ වගේ අයව යවන්න කියලා. ඒ නීතියට යටත් වෙන්න වෙනවා සමාගම් හිමියන්ට. ඒ නිසා ඬේවිඞ් කියන ගුරුවරයා ව මාසයක කාලයක් දීලා ලංකාවෙන් පිටත් කළා. තෙලිවත්ත කියන්නේ ලොකු වතු යායක්. ඒක කොටස් 4කට වෙන් කරලයි තිබුණේ. ඒකෙන් කොටස දෙකක හිටපු දරුවන්ට ඉගැන්වීම් කළේ ඬේවිඞ් කියන ගුරුවරයා. එයාව යැව්වයින් පස්සේ ගුරුවරයෙක් නැති අඩුපාඩුවකට හාමු මුහුණ දුන්නා. ඒ තරම් ඉක්මනින් කොහොමද ගුරුවරයෙක් හොයන්නේ කියන ගැටලුව වත්තේ හාමුට මතු වුණා. ඒ වෙලාවේ අයියාත් එක්ක වැඩ කරපු මිතුරන් කිහිප දෙනෙක් එස්.එල්.එස්.සී සහතිකයක් තිබුණ මාව ඒ තනතුරට යෝජනා කළා. එහෙම තමා මම ඒ වත්තේ ගුරුවරයෙක් ලෙස පත් වුණේ. මේ ගැන හාමු එක්ක කතා කරද්දී අයියා මල්ලි දෙන්නාට එක තැන ඉන්න බැහැ කියලා තියෙනවා. ලංකාවේ අය තමා ලංකාවේ රස්සා කරන්න ඕනේ, ලංකාවට අයිති නොවන අය මෙරට රස්සා කරන නිසා ලාංකිකයන් විරැකියාවෙන් ඉන්නවා කියන අදහස සිංහලයන් තුළ ජනිත කරීමක් විදිහට මේක හඳුවන්න පුළුවන්. ඒකෙනුත් අපේ ජීවිතයට ලොකු බලපෑමක් එල්ල කළා. බණ්ඩාරනායක වැනි අයගේ දෙමළ විරෝධය මෙම නව නීතිය තුළිනුත් හොඳින් ඉස්මතු වුණා.

    දෙමළ භාෂාව විනාශ කිරීමේ තවත් පියවරක් ලෙස යාපනය පුස්තකාලය ගිනි තැබීම හඳුන්වලා දෙන්න පුළුවන්, කතුවරයෙක් විදිහට එය ඔබ දැනුණ විදිහ පැහැදිලි කළොත් ?

    විශේෂයෙන් ම රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට විරුද්ධව හඬ නඟපු උතුරේ අරගලකරුවන් ව රාජ්‍ය ඉතා දරුණු ලෙස මර්දනය කළා. ඒ වගේ ම ඔවුන්ගේ බුද්ධිය, සම්ප්‍රදාය සහ සංස්කෘතිය වැනි දෑ විනාශ කළ යුතුයි කියන අරමුණින් හිටියා. බුද්ධිය විනාශ කිරීමක් ලෙස යාපන පුස්තකාලයට ගිනි තැබුවා. දකුණු ආසියාවේ විශිෂ්ඨතම පුස්තකාලය ලෙස යාපනය පුස්තකාලය හඳුන්වා දෙන්න පුළුවන්. ඒක ඔවුන් එක දිනකින් ගිනි තබා විනාශ කළා. දෙමළ සාහිත්‍ය පොත්, විරල පොත්, ඉතිහාස සටහන් ගිනි පවා තැබුවා. පුස්තකාලය දැවෙනවා කියලා දැනගත් ඬේවිඞ් පියතුමා මිය ගිය සිදුවීම ඉතිහාස ගත වුණ එකක්. පුස්තකාලයට ගිනි තැබීම කියලා කියන්නේ බුද්ධිමය දේපළ විනාශ කිරීමක්. එතුළින් දෙමළ ප්‍රජාවගේ බුද්ධිමය දේපළ විනාශ කළා. ඒක ගිනිබත් වූ ආකාරය තවමත් මගේ ඇස් ඉදිරිපිට මැවිලා පේනවා. ඒ ගැන මම කෙටි කතාවක් පවා ලිව්වා. මා සතුවත් සිංහල පොත් කිහිපයක් තිබුණා. මා සේවය කළ ස්ථානයේ හාමු නෝනා, ඇයගේ සැමියාගේ පොත් පිරුණු අල්මාරියක් මට බලාගන්න දීලා රට ගියා. අවුරුදු දෙකකට පසුව ඒ අල්මාරිය දිරලා කඩා වැටුණා. ඒ වෙලාවේ මම ඇහුවා ඒකට මොනවාද කරන්නේ කියලා. ඒ වෙලාවේ එයා දුන්න උත්තරය තමා ගිනි තියලා දාන්න කියලා කියන එක. ඒ ටික ගිනි ගනිද්දී, යාපනය පුස්තකාලයේ දෙමළ පොත් දැවුණ ආකාරය මතක් වුණා. කොපමණ කාලයක් ගියත් කිසිම අවස්ථාවක දෙමළ ජනතාවට අමතක කරන්න බැරි සිදුවීමක් ඒක. ඉතාමත් කෙටි කාලයකින් දෙමළ ජනතාව මහජාතිය සිදු කළ අපරාධ සහ ඉන් ඇති වූ දුක් වේදනා අමතක කරනවා කියලා කිව්වත් යාපනය පුස්තකාලය ගිනි තැබීම කවදාවත් හිතෙන් අයින් කරන්න බැරි දුකක් කියලා කියන්න පුළුවන්. මේ පුස්තකාලය ගිනි තැබීම හරහා මේ දේශපාලනඥයන් තමන්ගේ දේශපාලන ආරජිකත්වය මේ ජනයාට විරුද්ධව භාවිත කළා. මේ වගේ ම සිදු වීමක් තමා දෙමළ භාෂා සමුළුවේ දී පවා සිදු වුණේ.

    වතුකරයේ අතීතයේ පැවැතුණ බලහත්කාරයෙන් සිදු කළ උපත් පාලන සැත්කම් වගේ දේවලින් රජය කළේත් වාර්ගික සංහාරයක් නේද?

    ඉන්දිය සම්භවයක් සහිත දෙමළ ජනගහනයේ වර්ධනය පාලනය කරන්න බොහෝ ක්‍රමයන් රජය භාවිත කළා. ඒ අතර බලහත්කාර උපත් පාලන සැත්කම් වගේ දේවල් සිදු වුණා. නමුත් ඒවා මහා පරිමාණයෙන් සිදුවුණේ නැහැ කියන එකයි මගේ අදහස. නමුත් ජනගහනය පාලනය කරන්න වෛද්‍ය පහසුකම් අවම කිරීම්, යටිතල පහසුකම් ලබා නොදීම වැනි ක්‍රම හරහාත් මෙම ජනයාගේ වර්ධනය පාලනය කළා කියලා කියන්න පුළුවන්. මේවා තුළින් වතුකර ජනයාගේ උපත් අයිතිය පවා අහිමි කළා කියන කාරණාව ඇත්තක්.

    මෙරට දෙමළ ජනයාට දේශපාලනික වශයෙන් මුහුණ දෙන්න සිදු වුණ පීඩා සම්බන්ධයෙන් හඬ අවදි කළ ලේඛකයෙක් විදිහට ඔබට ඇති වූ බලපෑම් මොනවාද?

    අතීතයේ ඉඳන් අද වෙනකම් මෙරට දෙමළ ජනයා ආර්ථික, දේශපාලනික, සමාජීය සහ අධ්‍යාපනික ආදි හැම අංශයකින්ම බොහෝ සේ පීඩාවට පත් වුණා කියන එකට බොහෝ උදාහරණ ලබා දෙන්න පුළුවන්. ඒවායේ සම්පිණ්ඩනයක් ලෙසිකුඩෛ නිලල්’ කියන නමින් මම නව කතාවක් ලිව්වා. ඒ පොතට සන්දර්භය වුණේ මෑතකාලීනව සිදු වූ දේශපාලනික අරාජිකත්වය. මේ පොත ඉන්දියාවේ දී නැවත මුද්‍රණය කරන්න උත්සහ කරද්දී, ඉන්දියානු ලේඛකයෙක් වන බී. ජෙයමෝහන් ඉතා කැමැත්තෙන් පෙරවදනක් ලියා දුන්නා. මේ නවකතාව මෙරට දේශපාලන තත්ත්වය ඉතා ගැඹුරින් සාකච්ඡා කරන එකක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ නව කතාව ලංකාවේ දී ප්‍රකාශයට පත් කළේ ගොඩගේ සමාගමයි. මෙය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් බොහෝ බලපෑම් සහ තර්ජන ඇති වූ බවත් ගොඩගේ හිමිකරු මට කිව්වා. පොතක් ප්‍රකාශයට පත් කරන්න කලින් පිටපත් ඔයාලා කියවලා බලන්නේ නැද්ද, මේකේ මොනවාද තියෙන්නේ කියලාවත් ඔයාලා දන්නවා ද? මේක මහජාතියට විරුද්ධව ලියැවුණ පොතක් මේ වගේ එකක් ප්‍රකාශයට පත් නොකර ඉන්නයි තිබුණේ වගේ තර්ජන ආවා කියලා ගොඩගේ මහතා මා එක්ක කියලා තියෙනවා. එම වසරේ ගොඩගේ සාහිත්‍ය විශිෂ්ඨතා සම්මානය මට හිමි වුණා.

    සංවාදය – ජෙගන් ගනේෂන්

    උපුටාගැනීම සහෘදස්පන්දන ජුලි – අගෝස්තු කලාපය 2022

  • නැටුම

    නැටුම

    නැටුම් ටීච කොහොමත් නැටුමට දක්ෂය.ඈ නැටුමේ ශාස්ත්‍රීය පදනම දනී.ඒ නිසා ඇගේ නැටුමේ හරයක් ඇත.

    විද්‍යාව ටීච නටන්නේ ශාස්ත්‍රීය පදනම මතම නොවේ.ඇයට රිද්මය ඇත්නම් නැටවෙනු ඇත.හරයට නොව රසයට ඈ ඔහු නටනු ඇත.

    ගණිත ගුරුවරයා ජ්‍යාමිතික හැඩතල අනුව රඟනු ඇත.නැටුම සරඹ මෙන් හෝ රූකඩ බඳු විය හැක.නමුත් අපූර්වත්වය අනෙකාද නැටුමට පොළඹනු ඇත.

    ඉතිහාසෙ උගන්වන ගුරුවරු පාරාවෝ සීතාවෝ නැටුම් පෙන්වනු ඇත.ඒවා මනරම් ය.
    නවුම්‍ ය.

    ප්‍රාථමික ගුරුවරු මල් ගසා,ගෙඩිමාල පැළඳ රඟනු ඇත.කුඩාවුන් පමණක් නොව තරුණ ළමෝද එයට නතුවනු ඇත.

    මෙලෙස රැඟුම උගන්වන විටද භාවිත කළ හැක.උගෙනුම විනෝදයක් විය හැක.ආතතියෙන් නිදහස් විය හැක.නැටුම මැජික් වන්නේ ඉඳහිට පෙන්නද්දීය.හැමදාම නටන්නේ එකම පිරිසක් වීම නිසාය.

    පාසලේ ප්‍රධානීන්ට පේන්නේ නැටුම් ටීචගේ,නාට්‍ය ටීචගේ නැටුම් පමණි.තරඟවලට යන්නේ,වේදිකාවේ රඟන්නේ එකම පිරිසකි.

    එනිසාම කවුරු කවුරුත් ලැබුනු අවස්ථා හොඳම අවස්ථා කරගන්නේය.

    බැතිගී,භාවනා,ගාථා මෙන්ම නැටුමටද පාසලේ වෙලාවක් තිබේනම් නැටුම් ගැටුම් නොවේ.

  • රනිල් රාජපක්ෂගේ පොලිස් මැරයෝ  මහජනතාවගේ නිදහස උල්ලංඝනය කරයි.

    රනිල් රාජපක්ෂගේ පොලිස් මැරයෝ මහජනතාවගේ නිදහස උල්ලංඝනය කරයි.

    අද ගාලු මුවදොර පිටියේදී පැවති සාමකාමී උද්ඝෝෂණයට පොලිසිය මැදිහත්ව බාධා කරනු ලැබුවා. පොලිසිය විසින් උද්ඝෝෂකයන්ට විසිර යන්න බලපෑම් කළ අතර කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ොලීසියේ හැසිරීම ආණ්ඩුකම ව්‍යවස්ථාව තුළින් පුරවැසියාට ලබාදී තිබෙන නිදහස උල්ලංඝනය කිරීමක්. මේ  සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ. තරුණ  ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන ගේ අත්සනින් යුතුව මෙම ලිපිය මානව හිමිකම් කොමිසමට මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් , පොලිස් කොමිෂන් සභාව සභාපති, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සභාපති, විධායක කමිටුව, තරුණ නීතිඥ සංගමය ඇතුළු මාධ්‍ය වෙත යොමු කර තිබේ. පහතින් පළවන්නේ එම ලිපියයි

    විමර්ශන අධ්‍යක්ෂ,
    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
    කොළඹ.
    භාෂණයේ, ප්‍රකාශනයේ අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධවයි.

    කොළඹ ගාලුමුවදොර අද (09) පැවැති සාමකාමී විරෝධතාවයක් සහ සැමරුමකට ශ්‍රී ලංකා පොලිසිය බාධා කරමින් එහි සාමකාමීව සිටි කිහිප දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූහ. පොලිසිය දිගින් දිගටම කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණවලට පහරදෙමින් භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් පැවතීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිලිවලට අතිරේකව මෙම පැමිණිල්ලද යොමු කරමු.
    පුරවැසියන්ට සාමකාමීව රැස්වීමටත්, විරෝධතාවයේ නියැලීමටත් අයිතියක් ඇති අතර එය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු අයිතිවාසිකමක් මෙන්ම අන්තර්ජාතික වශයෙනුත් පිළිගත් මානව හිමිකමකි. එසේ තිබියදී, ශ්‍රී ලංකා පොලිසිය දිගින් දිගටම මෙම අයිතිවාසිකම උල්ලංඝණය කරමින් පවතී.
    අද ගාලුමුවදොර පැවැති සාමකාමී උද්ඝෝෂණයට ශ්‍රී ලංකා පොලිසිය බාධා කළ ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක් මේ සමඟ ඇත. පොලිසිය සාමකාමී උද්ඝෝෂකයන්ට කෘර සහ අවමන් සහගත ලෙස ද සැලකූ අතර කිහිප දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට පත්වූවන් අතර සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවීම සජීවීව විකාශය කරමින් සිටි ශිෂ්‍යයකේ සහ නීතිඥයෙක් ද සිටියි.

    මෙම සිදුවීමට අදාල ප්‍රධාන වගඋත්තරකරුවන් පහතින් නම් කරන අතර ඉතිරි පිරිස පිරිසගේ ඡායාරූප වෙනම එවීමට කටයුතු කරමු.
    මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ශ්‍රී ලංකා පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කල බවට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු. මින් ඉදිරියට සාමකාමී උද්ඝෝෂණවල මර්දනය කිරීමට කටයුතු නොකරන ලෙසට පොලිස්පතිට නිර්දේශ කරන ලෙස ද ඉල්ලා සිටිමු.
    වගඋත්තරකරුවෝ

    01 ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ, ස්ථානාධිපති, කොටුව පොලිස් ස්ථානය.
    02 සහකාර පොලිස් අධිකාරී දිල්රුක්, කොළඹ මධ්‍යම පොලිස් කොට්ඨාසය.
    03 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්, කොට්ඨාස භාර නිලධාරී, කොළඹ මධ්‍යම කොට්ඨාසය.
    04 නියෝජ්‍ය පොලිස්පති, කොළඹ.
    05 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත භාර නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, කොළඹ.
    06 චන්දන වික්‍රමරත්න, පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ.
    07 එස් හෙට්ටිආරච්චි, ලේකම්, මහජන සාමය අමාත්‍යංශය.

    ස්තුතියි.
    මෙයට,
    විශ්වාසී,
    තරිඳු ජයවර්ධන
    සභාපති
    තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

  • මොවුන්ගේ ජීවිතවල වගකීමේ බර මේ සමාජයට හෑල්ලුවට ගන්න බැහැ.

    මොවුන්ගේ ජීවිතවල වගකීමේ බර මේ සමාජයට හෑල්ලුවට ගන්න බැහැ.

    මම ඊයේ දිනයේදී (2022/10/03) තංගල්ල පැරණි නාවික හමුදා කදවුර තුළ දී අයියව බලන්න ගියා. අයියා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා කියලා හැමෝටම කියන්න කිව්වා. ඒ වගේම මානසිකව වැටිලා නෑ. වට්ටන්න තවදුරටත් ආණ්ඩුව විවිධ මැදිහත්වීම් අඛණ්ඩව කරමින් සිටින බවත් පැවසුවා.

    මල්වානේ සිද්ධිය සම්බන්ධව නිශ්චිත පිළිතුරක් අයියා ලබා දුන්නා. ඒ තමා අත්අඩංගුවට ගත් මුල් සතිය තුල රාත්‍රී කාලවල මල්වාන බැසිල්ට අයත් යැයි පවසන ඉඩමට රැගෙන ගොස් තිබෙන බව.

    තවත් නවගමුවේ ස්ථානයකටත්, කඩවත ප්‍රදේශයේ ස්ථානයකට හා ගම්පහ ප්‍රදේශයේ ස්ථානයකට වශයෙන් ස්ථාන කිහිපයකටත් මුහුණ වසා ඉතා රහසිගතව රැගෙන ගොස් ප්‍රශ්න කර තිබේ යැයි සඳහන් කළා.
    කලකට පෙර සිදු වූවක් වුවත් ගිනිගත් නිවස හෝ වෙන යම් ස්ථානවලට වසන්ත රැගෙන ගොස් බාහිරෙන් සාක්ෂි ඔබ්බවා ඉතා උපක්‍රමශීලීව අධිකරණයතුළ දී ඒවා ජනතාව වෙනුවෙන් අරගල කළ ශිෂ්‍ය නායකයන්ට විරුද්ධව භාවිතා කිරීමට දරන උත්සාහයක් බව ඉතා පැහැදිලිය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනයට,ගෙවල් ගිනි තැබීමට හිතාමතා සම්බන්ධ කර සහ එවැනි සිද්ධි බලයෙන් හෝ ඇඟේ ගසා ජනතාව වෙනුවෙන් හඬ නගන අය සහ නායකත්වය දෙන නායකයන් නිහඬ කිරීම ආණ්ඩුවේ උපක්‍රමය වේ. ජනතාවගේ ප්‍රශ්න වෙනුවට ජනතාව පීඩාවට ලක් කොට කටවල් වසා ගෙන සිටින තත්ත්වයට සමාජය පෑගීමේ බරපතළ තත්ත්වයට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

    රනිල් ජනාධිපති, ආරක්ෂක ලේකම්, පොලිස්පති හමුදාපති, නාවුක හමුදාපති හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ ද සියලු දෙනාට මම කියනවා වසන්ත මුදලිගේ කියන්නේ ඔබල වන්දනා කළ ගෝඨාභය වගේ පැනල යන නායකයෙක් නෙවෙයි. වෙඩි උණ්ඩ වලට බය එකෙකුත් නෙවෙයි. මරලා අයින් කරලා උඹලට අහක දාන්න පුළුවන් එකෙකුත් නෙවෙයි. ජනතාව ලක්ෂ ගණනක් වසන්ත වෙනුවෙන් පාරට ආව දවසට ආයෙත් දුවන්න පාරවල් මදිවෙයි. ඒ නිසා උඹලා උඹලාෙග් පණයට කොයිතරම් ආදරෙයිද, අන්න ඒ වගේ මුදලිගේ කැඳවුම්කරු ව උඹලා යටතේ ඉදිද්දී ආරක්ෂා කරපල්ලා.

    පරණ නාට්‍ය කෑලි ඝාතන උප්පරවැට්ටි නොදා. කලින් නිදහස් නිදහස් චතුරස්‍රයේ නිළදාරියෙක් තුවක්කුවෙන් වෙඩි තියා ගත්තා වගේ වෙඩි තියන් වසන්ත මැරෙන්නේ නෑ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ඉදිරියෙදිත් වඩා ශක්තිමත්ව අරගල කරනු ඇත.

    අධිකරණය මගහැර රැඳවුම් නියෝග යටතේ තබාගනිමින් සිටින වසන්ත, හෂාන්ත, ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු සියලු දෙනා වහා නිදහස් කරනු!
    – අනුර මුදලිගේ
    (04/10/2022)
    ප.ලි. – මෙය ත්‍රස්ත පනතින් රඳවාගෙන සිටින වසන්ත මුදලිගේගේ සොහොයුරා විසින් තබන ලද සටහනකි. රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉතා අයුක්ති සහගතව සහ අත්තනෝමතිකව වසන්ත ඇතුළු ශිෂ්‍ය නායකයින් තිදෙනෙක් PTA යොදාගනිමින් තංගල්ල රැඳවුම් කඳවුරක රඳවාගෙන සිටී.

  • රනිල් රාජපක්ෂගේ පොලිස් මැරයන් විසින් අත්අඩංගුවට ගත් විසි හත් දෙනා

    රනිල් රාජපක්ෂගේ පොලිස් මැරයන් විසින් අත්අඩංගුවට ගත් විසි හත් දෙනා

    මේ වනවිට අත්අඩංගුවට ගත් 27 දෙනෙකුගේ නම් අනාවරණය වී තිබේ.
    පිටකොටුව පොලීසියේ රඳවාගෙන සිටින පිරි වෙනුවෙන් නීතීඥ සහය ලැබේ. මේ අයුක්ති සහගත අත්අඩංගුවට ගැනීමට එරෙහිව හඩ නගමු.
    සංවිධානාත්මක ලෙස විරෝධතා ඉදිරියට ගෙන යමු. මර්දනකාරී පාලකයන් පන්නා දමමු. මහජන බලයක් ගොඩනැගීම තෙක් ඉදිරියට යමු!
    1. Priyanthi mala Fernando
    2. Oshan Lahiru
    3. H G Dayaratne
    4. Lakmal Serasinghe
    5. Delan Thanajaya
    6. Chathuranga Pathum
    7. Dharmapala Rajapakse
    8. Thimira Theekshana Ekanayake
    9. Sanath Kumara
    10. Devamitra Sudarshana
    11. Sudarman Pushpakumara
    12. Damith Colomboge
    13.cDinesh Lakmal Abeysinghe
    14. Prabath sandauwan
    15. S. Saravanan
    16. Amal Salinda
    17. Sandaruwan Sennanayke
    18. Sarath jayasena
    19. Neranjan Abeyainghe
    20. H Premasiri
    21. Rajiv kanthan
    22. K.V janaka damanyantha
    23. K. S.P.K Fonseka
    24. Hashan Salinda
    25. Suraj Asanka
    26. S Upali Samarasuriya
    27. Krishan Vewalla

  • මර්දනයට එරෙහි ජන බලය කොළඹ වීදි වසා ගනී

    මර්දනයට එරෙහි ජන බලය කොළඹ වීදි වසා ගනී

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා වෘත්තීය සමිති හා බහුජන සංවිධාන විසින් සංවිධානය කළ මර්දනයට එරෙහි පා ගමන දැන් ආරම්භ විය.
    2022/08/30

    அனைத்து பல்கலைகழக மாணவர் ஒன்றியம் (அன்த்தரே) மற்றும் வெகுசன அமைப்புகள் ஏற்பாடு செய்திருக்கும் அடக்கு முறைக்கு எதிரான நடை பேரணி தற்போது ஆரம்பமாகியது ..

    The Inter University Student Federation and Alliance of Trade Unions and Mass Organisations just started their protest against State repression.

  • අත්අඩංගුවට ගත් සියලු දෙනා වහ නිදහස් කරනු!

    අත්අඩංගුවට ගත් සියලු දෙනා වහ නිදහස් කරනු!

    අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අගෝස්තු 18 දින සංවිධානය කළ උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගෙන පොලීසි වල සිටින උද්ඝෝෂකයන්

    1. වසන්ත මුදලිගේ – පෑලියගොඩ පොලීසිය
    2. හෂාන් ජීවන්ත – පෑලියගොඩ පොලීසිය
    3. ගල්වැව සිරිධම්ම හිමි – කොටුව පොලීසිය
    4. නුවන් දර්ශන ඒකනායක – කුරුඳුවත්ත පොලීසිය
    5. චින්තක රාජපක්ෂ – කුරුඳුවත්ත පොලීසිය
    6. ලක්ෂිත සංජීව – කුරුඳුවත්ත පපොලීසිය
    7. මොහොමඩ් කමල්ඩීන් මොහොමඩ් ඩිල්ෂාන් – කුරුඳුවත්ත පොලීසිය
    8. තරිඳු ඩිල්ෂාන් වික්‍රමරත්න – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
    9. තරිඳු මිලාන් – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
    10. අබ්දුල්ලා මොහොමඩ් රිෆාත් – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
    11. තිලාන් මධුරංග – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
    12. නුවන් ලහිරු හේමන්ත – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
    13. පසිඳු රංගන – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
    14. හසංක ඉසුරු ප්‍රේමරත්න – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
    15. පොකුණුවිට පියසෝම හිමි – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
    16. නුවන් දර්ශන ඒකනායක – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
    17. ප්‍රසන්න සංජීව තිලකරත්න – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
    18. කාවින්ද දේශාන් දයාරත්න – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
    19. තලගොල්ලේ ධම්මරතන හිමි – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
    20. පුලියන්කුලමේ සුනිලඥාන හිමි – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
    21. සූරියවැව සුගතදීප හිමි – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
      සියළු දෙනා වහා නිදහස් කරනු!
  • ශ්‍රී  ලංකා ජනතා ව්‍යාපාරයේ දැවෙන ප්‍රශ්න : කළ යුත්තේ කුමක්ද? – ආචාර්ය මායා ජෝන්

    ශ්‍රී ලංකා ජනතා ව්‍යාපාරයේ දැවෙන ප්‍රශ්න : කළ යුත්තේ කුමක්ද? – ආචාර්ය මායා ජෝන්

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස තේරී පත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජනතා ව්‍යාපාරය දරුණු අවහිරතාවකට සම්මුඛ වී ඇත. ඔහු බලයට පත් වී පැය කිහිපයක් ඇතුළත ගාලුමුවදොර විරෝධතා කඳවුරට මධ්‍යම රාත්‍රියේ මර්දනයක් දියත් කළේය. දහවලෙහි සැඟවීමට බොහෝ දේ ඇති බැවින් බියගුල්ලන් පමණක් රාත්‍රියේදී පහර දෙයි. ම්ලේඡ රාජ්‍ය මර්දනය නොතකා, ජනතා ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගැනීම ඔරොත්තු දෙන කැපවීමක් පෙන්නුම් කරයි. මෙම ඔරොත්තු දීමේ හැකියාව පැන නගින්නේ සරල කරුණකිනි: වික්‍රමසිංහගේ පූර්වගාමියාට එරෙහිව මිනිසුන් සටන් කළ හේතුවමයි වික්‍රමසිංහට එරෙහිව ඔවුන් සටන් කරද්දීත් තිබෙන්නේ.

    ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට බලයේ සිටින ජනාධිපතිවරයකු රටින් පැනගිය අතර, පාර්ලිමේන්තුව නව ජනාධිපතිවරයකු සඳහා ඡන්දය ප්‍රකාශ කළේය. බල-පිපාසාවේ සිටින කපටි දේශපාලකයන් විසින් දරුණු ලෙස ක්‍රීඩා කරන ලද දේශපාලන උපක්‍රම අඩුවක් නැති මැතිවරණයකදී, වික්‍රමසිංහ 134 ඡන්ද ලබාගන්නා ලදී. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ විශාලතම සාමාජිකයින් සංඛ්‍යාවක් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ( රාජපක්ෂ පවුලේ සංවිධානයක් ) ද ඇතුළත් පාලක සභාගයෙන් ඔහු ගත් සහයෝගයේ ඡන්දවලට ඔහු ණයගැතියි. අනෙක් අපේක්ෂකයන් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ විමතික සාමාජික ඩලස් අලහප්පෙරුම ඡන්ද 82ක් ලබාගත් අතර, ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක ඡන්ද තුනක් ලබාගත්හ. විපක්ෂ නායක සහ හතරවන අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මැතිවරණයට පෙර ඔහුගේ නම ඉල්ලා අස්කරගත්තේ නව ආණ්ඩුවේ අගමැති ධූරයට ඔහුව නම් කරන බවට අලහප්පෙරුම විසින් තිරයෙන් පිටුපසදී දුන් සහතිකයේ කොටසක් ලෙස බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් වීම විකාරයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රූකඩයක් වන වික්‍රමසිංහව 2024 නොවැම්බරය වෙනතෙක් ජනාධිපති ලෙස ක්‍රියාකිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සාමාජිකයින් ගත් තීරණය විසින් සම්පූර්ණයෙන්ම ආයතනයක් ලෙස පාර්ලිමේන්තුව නිර්-සුජාතකරණයට ලක් කරයි. බලවිරහිත කරයි. වික්‍රමසිංහගේ මෙම මැතිවරණය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල නොවන උපක්‍රමයකි. මන්ද එය එක් අතකින් බොහෝ නින්දිත, ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමයට නව ජීවයක් ලබාදෙන අතර, අනෙක් පැත්තෙන් රටේ ඊනියා ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේ කොන්දේසි නියම කිරීමට අධිරාජ්‍යවාදී, ධනේශ්වර බලවේගවල ගජමිතුරෙකුට ඉඩ දීමකි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුගේම පක්ෂය වන එජාපය දරුණු ලෙස පරාජයට පත් වී එහි ජාතික සමුච්චිත ඡන්ද ප්‍රතිශතය හේතුවෙන් පාර්ලිමේන්තුවේ තනි ආසනයක් පමණක් ලබාගෙන තිබියදීත්, වික්‍රමසිංහ ආණ්ඩුවේ බලවත් තනතුරුවලට පත් ව ඇත. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ බහුතර ආසන හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ඇතුළත් පාලක සභාගයේ පක්ෂවලින් ලැබෙන සහයෝගය හැර ස්වාධීන සහයෝගයක් නොමැති දේශපාලයකයෙකු ලෙස ජනාධිපති වික්‍රමසිංහගෙන් අපට අපේක්ෂා කළ හැක්කේ  පාලක ප්‍රභූන්ගේ වුවමනාවල සමඟ සමීප සම්බන්ධීකරණයෙන් වැඩකටයුතු කරනු ඇතැයි යන්නයි.

    ප්‍රතිඵලය බොහෝදෙනෙකුව අධෛර්යයට පත් කර ඇති අතර අප ආරම්භ කළ තැනටම නැවත අප පැමිණ ඇති බව පෙනේ. පාර්ලිමේන්තුව යුක්තිය වෙනුවෙන් පෙනීසිටිතැයි, භූමියෙන් නැගෙන හඬට අහුම්කන්දෙතැයි කියා ව්‍යාපාරයේ ඇතැම් පිරිස් අපේක්ෂා කළහ. ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂියට ඉල්ලීම් කරමින් සිටින අතරතුර මෙම දේශපාලකයෝ ජනතාවට එරෙහිව කුමන්ත්‍රණයක් කරමින් සිටියහ. මහජනතාවගෙන් විශාල කොටසක් ඒ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව සැකසහිතව සිටි බැවින් පාර්ලිමේන්තුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාම ඉල්ලා අස්විය යුතු බවට බල කළ බව සඳහන් කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. ඇත්ත වශයෙන්ම, කෙටි කාලයක් තුළ, අරගලය “ගෝඨා ගෙදර යනු” ජනාධිපතිගේ ඉල්ලා අස්විය යුතු යැයි මුල් ඉල්ලීමේ සිට “225ම ගෙදර යනු” හෙවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාම ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලීම දක්වා පරිවර්තනය විය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා ආර්ථිකය කඩා වැටීම බලා සිටි යල්පැනගිය නියෝජිත ක්‍රමයේ කොටසක් බැවින් ඔවුන් කෙරෙහි විශ්වාසයක් නොමැති බවට බියක් පැවතිය ද, සමහරුන් සිතුවේ නියමිත ක්‍රියාවලියට අවස්ථාවක් ලබා දී නව ජනාධිපතිවරයකු ‘තෝරා ගැනීමට’ පාර්ලිමේන්තුවට ඉඩ දිය යුතු බවයි. දැන් රනිල් වික්‍රමසිංහ තේරී පත් වී ඇති හෙයින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට ජනතාව ‘නියමිත ලෙස තේරීපත්’ ජනපතිට අවස්ථාවක් දිය යුතු බවට ඇතැමුන්ගේ තර්කය වී තිබේ. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, එකක්, ස්ථාවරත්වයේ සහ සාමයේ පූර්වනිමිත්ත ලෙස ළඟදීම පිහිටුවීමට නියමිත ආණ්ඩුව සහ වික්‍රමසිංහගේ ජනාධිපතිධූරය සමරමින් සිටී. මේ හඬවල් පසෙකලා, මේ වන විටත් අරගල කරනා බහුතර ජනතාවට අනුව, පාර්ලිමේන්තුව මහජනතාවගේ අවශ්‍යතා සහ අභිලාෂ නියෝජනය නොකරන අතර, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස ‘තෝරාගැනීමෙන්’ මෙතෙක් තිබූ කුමක් හෝ සුජාතභාවයත් දැන් අහිමි වී ඇත.

    වික්‍රමසිංහගේ ‘මැතිවරණය’ ආරම්භයේ සිටම නිසැක පූර්ව නිගමනයකි.  වෙනත් ආකාරයකට එය විශ්වාස කළ අයගෙන්, අපි අසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ‘හෘද සාක්ෂියට’ ඉල්ලීම් කිරීම කෙතරම් නිරර්ථක, නිෂ්ඵල දැයි පැහැදිලිව නොපෙනෙන තරම් ඔවුන් නිදාගෙන ඇවිදමින් සිටියාද? ජනතා අරගලය මෙතෙක් නිර්භීතව පාලක ප්‍රභූන්ගේ මැරයන්ට එරෙහිව සටන් කර ඇති අතර, එයෙට එල්ල වූ සෑම ප්‍රහාරයකටම එදිරිව නිර්භීතව නැගී සිටියේය. මේ වන විටත්, ව්‍යාපාරයේ සහ ජනතා බලයේ මෙම ජයග්‍රහණ අලුතින් පිහිටුවන ලද රජය විසින් අත් අඩංගුවට ගැනීමේ අද්දර පවතී. මෙය දවසේ දැවෙන ප්‍රශ්න වෙත අපව රැගෙන යයි, එයට පිළිතුරු ඉදිරි දිනවලදී ජනතා අරගලයේ ගමන් මඟ තීරණය කරනු ඇත. එබැවින්, අපගේ සමාජය තුළ විප්ලවීය පරිවර්තනයක් ඇති කිරීමට අප සූදානම්ව සිටින ඉතිහාසයේ මෙම තීරණාත්මක සංධිස්ථානය පිළිබඳව අප බැරෑරුම්ව සහ සංයුක්තව සිතා බැලිය යුතුය.

    ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය කුමක්ද?

    රටේ ආර්ථිකය කඩා වැටී ඇත. මෙයින් අදහස් කරන්නේ සියලුම ජනතාව ආර්ථික ගැටලුවලට මුහුණදී සිටින බවද? අධිපති ආර්ථික පන්ති, පාලක ප්‍රභූන්, නිලධර තන්ත්‍රය, සහ සමාජයේ පොහොසත් ස්ථරයන් ගැන කුමක් කිව හැකිද? ඔවුන්ට කුසගින්නේ සිටීමට සිදුවේද නැතහොත් අපට ලබාදෙන ස්වල්ප ප්‍රමාණයේ සලාක සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා නිමක් නැති පෝලිම්වල සිටීමට සිදුවේද? පිළිතුර නැත යන්නයි.

    රටේ සම්පත්වලින් සියයට 60කට වැඩි ප්‍රමාණයක් හිමි ධනවතුන් සහ ප්‍රභූන් සාමාන්‍ය දුක්ඛිතයන් මධ්‍යයේ සාමකාමීව සිය ජීවිත ගත කරති. 2021 දත්තවලට අනුව , ශ්‍රී ලංකා සමාජයේ ධනවත්ම සියයට 10 ස්ථරයට රටේ මුළු ධනයෙන් සියයට 63.8ක් හිමි වන අතර, සමාජයේ පහළම සියයට 50 ස්ථරයට මුළු ධනයෙන් සියයට 4.3ක් හිමි ව තිබේ. ආදායම් විෂමතාව කැපී පෙනෙන ලෙස තව දුරටත් විකෘති වී ඇත: දුප්පතුන් ආර්ථිකය පවත්වාගැනීමට වෙහෙසෙද්දී, ධනවතුන් ධනය රැස් කරගන්නා අතර දුප්පතුන් දුක්ඛිතය සමුච්ඡනය කරගනී. නව ආණ්ඩුවක් පිහිටුවීමත් සමඟ අපේ ව්‍යාපාරය පාගා දමනු ඇතැයි සිතන්නේ ධනවතුන්ය. ඔවුන් පමණක් බොහෝ කතාබහට ලක් ව තිබෙන ස්ථාවරත්වය සහ සාමය ගෙන ඒමට නව ආණ්ඩුවට හැකි බව ප්‍රක්ෂේපණය කරයි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ද අනුනාද දෙන්නේ මෙයයි.

    විවිධ ක්‍රම හරහා, ‘මූල්‍ය විචක්ෂණභාවය සහ වගකීම්සහගත ආණ්ඩුකරණය’ මත පදනම්ව, අලුතින් තේරී පත් වූ ජනාධිපතිවරයාට යම් ක්‍රියාකාරී ක්‍රියාමාර්ගයක් ගැනීමට කාලය දිය යුතු බවට සහ නැතිනම් ආර්ථික අර්බුදය තවත් නරක අතට හැරෙනු ඇතැයි ජනතාව දැන් විශ්වාස කරති. කෙසේ වුවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පක්ෂපාතී විධායක ජනාධිපති ක්‍රමයක් තුළින් යළි ආණ්ඩුව ස්ථාපිත කරලීමට අවශ්‍ය වූ එකම කොටස් නම් අධිපති ආර්ථික පන්ති සහ ධනවතුන්ය. නව ආණ්ඩුව සාමාන්‍ය මහජනයාට නපුරු සිහිනයක් සහතික කිරීමට යන අතරතුර මෙම ඉහත කොටස් දැන් ශ්‍රී ලංකාවේ අරගල කරන ජනතාවට ස්ථාවරත්වය පිළිබඳ සිහින විකුණයි. ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයාට කාලය ලබා දුන්නොත් නිසැකවම හොඳ කාලයක් පැමිණෙනු ඇතැයි යන මිත්‍යාව ප්‍රචාරය කිරීමට ධනවතුන් කාර්යබහුල වී සිටී. මෙම අරමුණ ඇතිව, එම එකම මිත්‍යාව විකුණනා ව්‍යාජ ආර්ථික විද්‍යාඥයයන් සහ ඊනියා මූල්‍ය දෝෂ විසදන්නන් විසින් ඔවුන්ට ඉතා හොඳින් සේවය කරයි. කෙසේවෙතත්, ‘මූල්‍ය විචක්ෂණභාවය සහ ස්ථාවරත්වය’ සඳහා වන මේ සියලු කතා අතරෙන් ගිලිහී යන්නේ ඉදිරි දිනවලදී දුක්ඛිත ජන ජීවිතය අපායක් බවට පත් කරනා ආණ්ඩුව විසින් ආරම්භ කිරීමට පටන් ගෙන තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියම කළ කප්පාදු පියවරයන්ය.

    ධනවතුන්ගේ ධනයට අත නොතැබිය යුතු බවට ආණ්ඩුව විවෘතව තම මතය ප්‍රකාශ කර ඇති බව සඳහන් කළ යුතු අතර, ජනතා සාමූහික බලයෙන් ඒවාට විරුද්ධ නොවුණහොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කළ කප්පාදු පියවර රටේ කම්කරු ජනතාව සහ සාමාන්‍ය ජනතාව මත පැටවීමට යන බව ප්‍රසිද්ධ රහසකි. අපේක්ෂිත ලෙස, රනිල් වික්‍රමසිංහ රටේ ජනපති වීම ගැන බොහෝ සතුටු වන්නේ ධනවතුන් පමණි. මින් ඉදිරියට, පිහිටුවන ලද ආණ්ඩුවේ අරමුණ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග පැනවීමට අවශ්‍ය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන අතරම, වෙනසක මුහුණතක් සැපයීම සහ වල්මත් වී සිටින දූෂිත දේශපාලකයන්ට අත්‍යාවශ්‍ය හුස්ම ගැනීමේ අවකාශයක් ලබා දීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊනියා ඇපදීමේ පැකේජය සහ අනුබද්ධ කප්පාදු පියවරවල බලපෑම වඩා හොඳින් අවබෝධ කර ගැනීමට, ආර්ථික අර්බුදයේ අවකලන බලපෑම ඉදිරියට ගෙන ඒම අත්‍යාවශ්‍ය වේ. ආර්ථික කඩාවැටීම පූර්වයේදී සෑම කෙනෙකුටම බෙහෙවින් වෙනස් ලෙස බලපෑ බව අප මතක තබා ගත යුතුය. සෑම තැනකම විදුලිය විසංධි වූ අතර මිනිසුන් ඉන්ධන සහ ආහාර ලබා ගැනීමට අරගල කළහ. එහෙත් ධනවත් මිනිසුන් ඔවුන්ගේ තත්ත්වය ඉක්මනින් ස්ථාවර වන බව දැක ඇති අතර, අවසානයේ ආහාර සහ ඉන්ධන පෝලිම්වල සිටගෙන සිටින්නේ ඔවුන්ගේ සේවකයින්ය. හිඟයක් තිබී ඇත්තේ ධනවතුන්ට නොව දුප්පතුන්ටය. දුප්පතුන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අරගල කරන අතරේ, ධනවතුන් ඔවුන්ගේ ඉහළ මිලදී ගැනීමේ හැකියාව මත තොග වශයෙන් ගබඩා කර ඇත.

    කඩා වැටෙන ආර්ථිකයක ආරම්භක ක්ෂතිය ධනවතුන් සඳහා පහව ගොස් ඇති අතර, දැන් මෙම ප්‍රභූන් සාමය සහ ස්ථාවරත්වය ඉල්ලා සිටින අතර සාමාන්‍ය ජනතාව බිල්ලට දෙන ලෙස ඉල්ලා සිටීම අසාමාන්‍ය දෙයක් නොවේ. ඇත්ත වශයෙන්ම, පොහොසත්-ධනවතුන් නොව කැපකරන්නේ, එහෙත් වැඩිපුරම කැපකිරීම සිදු කිරීමට සිදුවනු ඇත්තේ දුප්පතුන්ටය. වර්තමාන ආර්ථික අර්බුදයේ උච්ඡතම අවස්ථාවේදී පවා, ධනවතුන් ආහාර හිඟයේ ගැටලුවෙන් පීඩා විඳින්නේ නැත, මන්ද ඔවුන්ගේ වියදමෙන් ආහාර විශාල කොටසක් නොවන හෙයිනි. ඊට හාත්පස වෙනස්ව, ආහාර වියදම් දුප්පතුන්ගේ අල්ප ආදායම සම්පූර්ණයෙන්ම කා දමයි.

    වර්තමාන අර්බුදය තුළ ඉන්ධන සහ විදුලිය රැක බලාගැනීම සඳහා වීදි ලාම්පු නිවා දැමූ විට රටේ ඉන්ධනවලින් වැඩි ප්‍රමාණයක් සුඛෝපභෝගී හෝටල්, විසිතුරු අවන්හල්, උස්මහල් නිවාස, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලාවල සහ ධනවතුන් ජීවත් වන, විනෝද වන වෙනත් විවිධ ස්ථානවල විදුලිය ජනනය සඳහා භාවිත කළ බව සැලකිල්ලට ගැනීම අත්‍යාවශ්‍ය වේ. මධ්‍යම පාන්තික සහ සාමාන්‍ය ජනතාව භාවිත කරන බයිසිකල් පරිභෝජනයට වඩා විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන රටට වැයවන බව අප සැලකිල්ලට ගත යුතුය.

    බොහෝ ශ්‍රී ලාංකිකයන් දිනකට වේල් දෙකක් කන්නට දඟලමින් සිටින අතර, වැඩකරන ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් වන දෛනික කුලී වැඩ කරන්නන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින මොහොතක, ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් සහ ආයතනික සමාගම් සිය මිලියන ගණන් මුදල් ඕෆ්ශෝ බැංකුවල තැන්පත් කර ඇති බව දන්නා කරුණකි. ආර්ථිකය නිර්මාණය වන්නේ ශ්‍රම සූරාකෑම හරහා බව තේරුම් ගැනීම වැදගත්ය. වැඩ කරන ජනතාවගේ ශ්‍රමය ජාතියේ ධනය නිර්මාණය කරන නමුත් ධනවතුන් විසින් එය ම්ලේච්ඡ ලෙස අත්පත් කර ගනී. මෙම සොරකම් කළ ධනය ඇත්ත වශයෙන්ම රටට අයත් වන්නේ එය මුලින්ම නිර්මාණය කර ඇත්තේ සමාජයේ අතිමහත් බහුතරයක් කම්කරුවන් වන බැවිනි. කම්කරු දුප්පතුන් විසින් නිර්මාණය කරන ලද ධනය නැවත අත්පත් කර ගැනීමේ විකල්පයක් බලාත්මක කිරීමට කාලය පැමිණ තිබේ.

    රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති වීම ගැන ධනවතුන් බෙහෙවින් සතුටු වන්නේ ඔහු පවතින තත්ත්වය හැර අන් කිසිවක් නියෝජනය නොකරන බැවිනි. ආධිපත්‍ය දරන ආර්ථික පන්තීන් විසින් වික්‍රමසිංහගේ ‘පළපුරුදු’ සහ ‘උපයෝගීතාමය’ ආණ්ඩුකරණය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය ඝෝෂාකාරී ලෙස ප්‍රචාරය කිරීමට පටන් ගෙන ඇති අතර, එය ඔවුන්ට ආර්ථිකය ස්ථාවර කිරීමේ දිශානතියේ පියවරක් ලෙසින් සමන්විත වන බව අමුතුවෙන් කිව යුතු නැත. කුඩා නිදසුනක් සලකා බලමු, බැංකුවල පොලී අනුපාත වැඩි කිරීමෙන් ලාභ ලබන්නේ තම අතිරික්ත මුදල් බැංකුවල තබා ගැනීමට හැකි ධනවතුන්ට පමණි. ස්වාභාවිකවම, මෙම පියවර විශාල තැන්පතු ඇති අයට ප්‍රයෝජනවත් වනු ඇත. අනෙක් අතට, එය හදිසි ණය අවශ්‍ය දුප්පතුන්ට බරපතල ලෙස බලපානු ඇත. මෙම ප්‍රතිපත්තිමය පියවර හුදෙක් දුප්පතුන් කොල්ලකන අතරම ධනවතුන් තවත් පොහොසත් කරයි. දුප්පතුන්ගේ ජීවිතය අපායක් බවට පත් කරන මෙම ක්‍රියාමාර්ගය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයක් පවතින මොහොතක නිර්භීත පියවරක් ලෙස හුවා දැක්වීම පුදුම සහගතය.

    ධනවතුන්ගේ ප්‍රමුඛ කොටසක් ඩොලර් වලින් තම ආදායම උපයා ගන්නා බව අමුතුවෙන් කිව යුතු නැත, එයින් අදහස් කරන්නේ ආර්ථිකය කඩා වැටීමත් සමඟ ඔවුන්ගේ ආදායම සැබවින්ම වැඩි වන බවයි. බොහෝ කෝටිපතියන් සහ ප්‍රකෝටිපතියන් ශ්‍රී ලංකාව තුළ හුදෙක් කොල්ලකෑම සහ ඔවුන්ගේ අයථා ධනය ඩොලර් වලින් රැස්කරගෙන සිටියහ. විවිධ ක්‍රියාමාර්ග හරහා මෙය සාක්ෂාත් කර ගෙන ඇත. උදාහරණයක් වශයෙන්, අපනයන සමාගම් වැරදි ඉන්වොයිස් කිරීම සහ ස්ථාන මාරු මිලකරණය හරහා තීරුබදු මග හැරීය. ඇත්ත වශයෙන්ම, මෙම සන්දර්භය තුළ කෙනෙකුට තේරුම් ගත හැක්කේ, IMF වෙතින් ඇප දීමේ පැකේජයක් තැරැව් කිරීම, වික්‍රමසිංහ කටයුතුවල පාලනයේ රැඳී සිටීමට කැමති ශ්‍රී ලංකාවේ ධනවත්-පොහොසතුන්ට ඉමහත් උපකාරයක් වනු ඇති බවයි. ලංකාවේ මේ තත්ත්වය හරියට කබලෙන් ලිපට, ගින්නට පනිනවා වගේ. අවසාන වශයෙන්, ආර්ථික අර්බුදයෙන් මිදීමේ නාමයෙන්, IMF ‘ඇප-දීමේ’ පැකේජයක් අවසන් වනු ඇත්තේ අර්බුදය එහි නරකම ආකාරයෙන් ප්‍රතිනිෂ්පාදනය කර තීව්‍ර කිරීමෙනි.

    මේ මොහොතේ අවශ්‍ය ජනතා හිතවාදී ආර්ථික ක්‍රියාමාර්ග මොනවාද?

    ජාමූඅ සමඟ ගනුදෙනුවක ඇප-ලබාදීම පැකේජය ලබා ගැනීමේ අදහස අබලන් වන ආර්ථික අර්බුදයට ඇති එකම කෝකටත් තෛලය ලෙස විකුණනු ලැබේ. කෙසේ වෙතත්, කලින් සඳහන් කළ පරිදි, මෙම අදහස සැබවින්ම ප්‍රවර්ධනය කරනු ලබන්නේ පාලක ප්‍රභූන් මෙන්ම විපක්ෂයේ අවස්ථාවාදී දේශපාලනඥයන් විසිනි. මේ ආර්ථික අර්බුදය මෑත කාලයේ ඇති වූවක් නොවන බව අප අමතක නොකළ යුතුයි. ඒ වෙනුවට, එය දශක ගණනාවක් තිස්සේ, විශේෂයෙන් 21 වන සියවසේ ආරම්භයේ සිට කැකෑරෙමින් තිබුණි. එය ඇත්ත වශයෙන්ම, රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටින 17 වැනි ඇප දීමේ පැකේජයයි.

    බොහෝ ප්‍රසිද්ධියට පත් වූ IMF ‘ඇප-දීමේ’ පැකේජයට ප්‍රතිවිරුද්ධව, ධනවත්-පොහොසතුන් ශක්තිමත් කිරීමට වඩා රට බේරා ගැනීම සඳහා ඉල්ලා සිටිය යුතු සහ සටන් කළ යුතු පියවර මාලාවක් තිබේ. රට අර්බුදයෙන් ගොඩ යා හැක්කේ ධනවතුන් දුක් විඳ ඔවුන් විසින්ම ඇති කර ගත් අර්බුදයට වන්දි ගෙවන්නේ නම් පමණි. විකල්ප පියවර වන්නේ:

    1.) ඉන්ධන අර්බුදය විසඳීම සඳහා, පෙට්‍රල් විශාල ලෙස යොදාගන්නා මෝටර් රථ වැනි ධනවතුන් භාවිතා කරන වාහන මාර්ගවල තහනම් කළ යුතු අතර, පොදු ප්‍රවාහනයට සහ මධ්‍යම පාන්තික සහ කම්කරු ජනතාව භාවිතා කරන වාහන පමණක් ඉඩ දිය යුතුය. පොදු ප්‍රවාහන ආයතන, මධ්‍යම පාන්තික සහ කම්කරු දුප්පතුන්ට පමණක් අවශ්‍ය ඉන්ධන කෝටා ලබා දිය යුතුය.

    2.) ඉහළ ආදායම් ලබන අයගෙන් විදුලිය ඉල්ලන ගෙවීම වැඩි කළ යුතුයි. මෙයින් අදහස් කරන්නේ ධනවතුන්ගේ ඉහළ විදුලි පරිභෝජනය සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවත්, ප්‍රතිඵලයක් ලෙස දුප්පතුන්ට අඩු වියදමකින් වැඩි විදුලියක් ලබාදීමට ඉඩ සැලසෙන බවත්ය.

    3.) රටේ ආහාර නිෂ්පාදනය ස්ථාවර කිරීම සඳහා කුඩා ගොවි ජනතාව භාවිතා කරන යෙදවුම් සඳහා සහනාධාර ලබා දිය යුතුය. මධ්‍ය කාලීනව රටට ප්‍රධාන පරිභෝජන ද්‍රව්‍ය ආනයනය කිරීමට සිදු නොවන බව සහතික කිරීම සඳහා මෙය කළ යුතුය.

    4.) ඇත්ත වශයෙන්ම රටේ කම්කරු ජනතාව විසින් නිර්මාණය කර ඇති නමුත් ධනවතුන් විසින් එකතු කරන ලද සොරකම් කළ ධනය සමාජ අංශයට මූල්‍යකරණය කිරීම සඳහා නැවත උපයා ගත යුතුය. ශ්‍රී ලංකාවේ විශාල වතු හා තේ සමාගම් ඇති අතර එහි කම්කරු ජනගහනයෙන් විශාල කොටසක් සේවය කරයි. විශාල කර්මාන්ත ව්‍යවසායන් සමඟ මේවා ජනසතු කළ යුතු අතර, මෙම ව්‍යවසායන්හි අතිවිශාල ධනය සහ ලාභ අත්‍යාවශ්‍ය ආනයන මිලදී ගැනීම සඳහා යෙදවිය යුතුය.

    5.) සියලුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ශක්තිමත් කරන ලද පොදු බෙදාහැරීමේ පද්ධතියක් (පීඩීඑස්) හරහා බෙදා හැරිය යුතුය. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා මහජන කමිටු මගින් කළමනා කළ යුතු අතර සම්පූර්ණයෙන්ම මහජන මුදල් යෙදවිය යුතුය. ඒ වගේම අනෙකුත් සියලුම කුඩා ආර්ථික කටයුතු සඳහා සමුපකාර පිහිටුවා ප්‍රවර්ධනය කළ යුතුය.

    6.) සියලු පෞද්ගලික බැංකු ජනසතු කිරීම, සියලු විදේශ ණය ප්‍රතික්ෂේප කිරීම සහ එක්සත් ජනපද ඩොලරයේ වෙළඳාම නැවැත්විය යුතුය, එය අධිරාජ්‍යවාදී ඇමරිකාවට පමණක්  ප්‍රතිලාභ ලබා දෙන අතර එය අර්බුදයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂයට අහිතකර ලෙස බලපායි. මුදල් හුවමාරු ප්‍රතිපත්තිය යනු ශ්‍රී ලංකාවේ කාලීන අවශ්‍යතාවයක් පමණක් නොව, ණය බරින් මිරිකී සිටින බොහෝ රටවල සහ ලොව පුරා සිටින බිලියන සංඛ්‍යාත ජනතාවගේ අනාගතය වනු ඇති දෙයකි.*

    [*ලෝකය පුරාවටම තෙල් වෙළදාම් සියල්ලම සිදු කරනු ලබන්නේ ඇමෙරිකානු ඩොලරවලින් වන අතර එමඟින් USD වඩාත්ම ප්‍රමුඛ සංචිත මුදල් බවට පත් කරයි, එය ජාත්‍යන්තර මුදලක ස්වරූපය තත්‍යානුකූලව ලබා ගැනීමට ඉඩ සලසයි. 1970 ගණන්වල සිට මිලිටරි ආරක්ෂාව සඳහා ප්‍රතිඋපකාර ලෙස ඉන්ධන වෙළදාම ඇමෙරිකානු ඩොලරයෙන් සිදු කිරීමට තෙල්වලින් ධනවත් සෞදි අරාබිය සමඟ ගිවිසුමක් ඇති කරගෙන ඇත. 1975 වන විට ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ (OPEC) කොටස්කරුවන් වූ සියලුම රටවල් තෙල් මිල ඇමෙරිකානු ඩොලරයෙන් පවත්වාගැණීමට සහ අතිරික්ත තෙල් වලින් ලැබෙන ආදායම ඇමරිකානු රජයේ ණය සුරැකුම්පත්වල ආයෝජනය කිරීමට සමාන එකඟතාවයකට පැමිණ ඇත. ඒ වෙනුවෙන්, ඇමෙරිකාව එම ඔපෙක් දේශයන්ට මිලිටරිමය ආරක්ෂාව ලබා දීම පුළුල් කළා. එවැනි සංවර්ධනයන් ඇමෙරිකාවේ ආර්ථික සෞඛ්‍ය නොතකමින් ඇමෙරිකානු ඩොලරය සඳහා ස්ථීර ජාත්‍යන්තර ඉල්ලුම අපේක්ෂා කළ ලෙස අවසන් කඩ ඉමට පැමිණ ඇත. ඇමෙරිකානු ආණ්ඩුව අය කළ වන්දිය (seigniorage) හරහා අතිවිශාල ආදායමක් ලබා ගනී. අඩු මිල මට්ටමකින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ඇමෙරිකානු ආණ්ඩුවට ඉහළ අයවැය හිඟයක්(higher budgetary deficit) පවත්වා ගැනීමට අවකාශය සකසයි. තවද, සවිමත් ඇමෙරිකානු ඩොලරය යන්නෙන් ඇමෙරිකාවට ආනයනය කරන පාරිභෝගික භාණ්ඩ සාපේක්ෂව මිලෙන් පහත් අතර, ඇමෙරිකාවෙන් අපනයනය කරන ඒවා මිලදී ගන්නා රටවල් සඳහා මිල අධික වීම අදහස් වේ. එකට ගත් විට, ඩොලරය-භාණ්ඩාගාර බන්ධිත අධිකාරිත්වය ජාත්‍යන්තර මූල්‍ය ආයතන කිහිපයක ඇමෙරිකාවේ ආධිපත්‍ය සඳහා මුඛ්‍ය ආකාරයකින් දායක වී ඇත. මේ සම්බන්ධව ගත් කල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බටහිර අධිරාජ්‍යවාදී රටවලට ශ්‍රී ලංකාවේ ණය බරට සියයට 80කට වඩා වැඩි වන අතර, චීනයට ඇත්තේ සියයට 10ක් පමණක් බව කල්පනාකාරී වීම වැදගත්ය. මෙම කරුණට පරස්පරව, බටහිර අධිරාජ්‍යවාදී රටවල් චීනය සමඟ ආධිපත්ය සඳහා ඔවුන්ගේ ගෝලීය සටනේ යෙදී සිටින අතර, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයට චීනය විසින් පිළිපදින රාජ්‍යතාන්ත්‍රික ණය උගුල් නිසා ඇති වූවක් බවට මිත්‍යාමතික ප්‍රචාරනය කරයි.]

    මෙම මොහොතේ ගත යුතු තෝරාගැනීම ඉතා සරලය. ජනතාව විසින් නිර්මාණය කළ ධනය නැවත ජනයා විසින් අය කරගත යුතුය නැතිනම් දුප්පතුන්ව ආර්ථිකව සූරාකෑම තවදුරටත් අධිකතර වූ ආර්ථික පද්ධතියක් යටතේ අඛණ්ඩව ජීවත් විය යුතුය. ධනවතුන්ට පක්ෂපාතී, දුප්පතුන්ට එරෙහි කප්පාදු පියවරයන් සඳහා පාලක සංස්ථාපිතය සිය තෝරාගැනීම පැහැදිලිව ගෙන ඇත. මෙම මොහොතේ මිනිසුන්ට සිය ස්ථාවර තෝරාගැනීමට සංඥා කරයි. ජනතාව ප්‍රපාතයක සිටගෙන සිටී. අසාමාන්‍ය ප්‍රති-ධනවාදී, ප්‍රති-අධිරාජ්‍යවාදී ක්‍රියාමාර්ගවලට පමණක් අපව මෙම තත්ත්වයෙන් මුදාගත හැක. එසේ නොවේ නම්, මහජන පිබිදීමෙන් මාස ත්‍රිත්වයකට පසු අත්පත් කරගත් ඕනෑම දෙයක් අවසානයේ මහා ඛේදවාචකයක් තෙක් ගමන් ගෙන අවසන් විය හැක. ඓතිහාසිගත නිමේෂය එවිට අහිමි වූ අවස්ථාවක් බවට පත් වනු ඇත, මන්ද රජයේ නිලධරයන්ගේ වෙනස්වීම හැරුණුකොට, ජනතාව එපමණ තරම් නිර්භයව සටන් කළ සැබෑ වෙනසක් සිදු නොවනු ඇත. ‘වැඩිපුරම දේවල් වෙනස් වන තරමට ඒවා එලෙසම පවතී’ කියන සම්භාව්‍ය ප්‍රස්තූතයක් බවට පත් වනු ඇත.

    වෙනසක් ගොඩනැගීම යනුවෙන් අදහස් කරනුයේ කුමක්ද?

    මහජනතාවගේ ස්වයං-පාලනයක් පාර්ලිමේන්තුවෙන් පැමිණෙන්නේ නොමැත. පාර්ලිමේන්තුව මහජන කවුන්සිලයක් පිහිටුවනු ඇතැයි බලාපොරොත්තු වීම ද ඒ හා සමානව මුග්ධකමකි. බලයේ සැබෑ අවයව වන්නේ මහජනතාවයි. රටේ දෛවය ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය කළ යුතු ඔවුන්ගේම රැස්වීම් පිහිටුවීම සඳහා ඔවුන්ට කාලය එලඹ ඇත. වර්තමාන පාලන තන්ත්‍රය ස්ථාවර වී කම්කරු ජනතාවට එරෙහිව ධනවතුන්ගේ  සහ බලවන්තයන්ගේ ප්‍රති-ප්‍රහාරයක් දියත් කරන තුරු බලා සිටිය යුතු නැත. ලාභ පද්ධතියේ ගිජුකම සහ මහජනතාවගේ අවශ්‍යතා අතර සමඟි කළ නොහැකි ඝට්ටනයක් පවතින බව ඔවුන් වටහා ගත යුතුය. නීත්‍යානුකූල නොවන පාර්ලිමේන්තුව සහ ජනාධිපති හා පාරේ යන මහජනතාව අතර තිබෙන්නේ ද සමඟි කළ නොහැකි ඝට්ටනයකි. වර්තමාන ද්විත්ව බලයේ කොන්දේසියක් පවතින අතර, ව්‍යාපාරය විසින් මහජන රැස්වීම් සහ මහජන කවුන්සිල හරහා මහජන බලය පිහිටුවීමට අරමුණු කරගත යුතුය. ස්වාධිපත්‍ය අහිමි කළ නොහැකි විය යුතු අතර, සාරය වශයෙන් එය මහජනතාවටම පැවරිය යුතුය.

    අරගලයේදී ජනතාවගේ වඩාත් පැහැදිලිව ප්‍රකාශිත අභිලාෂය වූයේ පැහැදිලි, සංයුක්ත වෙනසක් ගෙන ඒමයි.  වර්තමාන අවසාන අවහිරතාව විසඳාගත හැකි එකම මාර්ගය වන්නේ පවතින ක්‍රමය දිය කර හැර ඒ වෙනුවට නව දේශපාලන ක්‍රමයක් ගොඩනැගීමයි. කෙසේ වෙතත්, ක්‍රමය වෙනස් කිරීමට නම්, අප සිතන ආකාරය සහ දේවල් තේරුම් ගන්නා ආකාරය ද වෙනස් කළ යුතුය. ඉතිහාසයේ අසාමාන්‍ය තත්ත්වයන් තුළ අසාමාන්‍ය සවිඥානිකත්වයක් මතුවීමේ වියහැකියාව පවතී. සියලුම ආකාරයේ ප්‍රභූ තන්ත්‍රය විසින් ප්‍රවර්ධනය කරන සහ ප්‍රචාරය කරන ලද අධිපති දෘෂ්ටිවාදයේ ඛණ්ඩාංක තුළට කොටු වී සිටීම එනම් අප සිතීමට සලස්වා ඇති ආකාරයෙන් ඔබ්බට ගෙන යන ජනතාවාදී සිතීමක පුනරුදයක් අපට අවශ්‍ය වේ. පද්ධතිය තුළ ඇති වියහැකියාවන් ගැන පමණක් සිතීමට අප ඇබ්බැහි නොවිය යුතු අතර, එහෙත් සංයුක්ත ගතව ඇති සහ අඩංගුවී ඇති වියහැකියාවන් හරහා සියලු පරාමිතීන් වෙනස් කළ යුතුය.

    මීට මාස කීපයකට ප්‍රථම ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීම කළ නොහැක්කක් ලෙස සැලකූ බව මතක තබා ගත යුතුය. ප්‍රවාහනයේ කෙතරම් දුෂ්කරතා මැද වුවද, ඇඳිරි නීතිය නොතකමින් මිනිසුන් විශාල සංඛ්‍යාවක් අගනුවරට පැමිණි බව මතක තබා ගන්න. අගනුවරට පැමිණීමට නොහැකි වූ ජනතාව රටේ විවිධ ප්‍රදේශවල සිය විරෝධතා පැවැත්විය. පොලිස් බාධක හරියට ගිනිකූරු වගේ පසෙකට වී සිටි අතර මිනිසුන් ඉදිරියට ඇදෙන්නට විය.

    බොහෝ දෙනෙක් අත් අඩංගුවට ගත් බව, තුවාල ලැබූ බව, ඝාතනය කළ බව සිහි තබා ගන්න, නමුත් එසේ තිබියදී ද ජනතාව ඔවුන්ගේ සාමූහික බලය කෙරෙහි විශ්වාසය තැබූ අතර, ඔවුන්ගේ බිය අතුරුදහන් විය. එය බලවන්තයන් බියෙන් පලා යාම සඳහා කාලය උදා කළේය. අපි ගෝඨාභය රාජපක්ෂට පලා යාමට තත්ත්වය ගොඩනැගුවා. එහෙත් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂයට සහ රාජපක්ෂ වංශයට ආවරණයක් බව අමතක කරන්නේ කොහොමද? වෙනස් මුහුණුවරක් යටතේ පාලනය හොබවන්නේ එකම කල්ලියයි. එපමණක් නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සියල්ල නියම කිරීමට යන හෙයින් මුහුණු වෙනස් කිරීම වංචාවකි.

    දැන්, ව්‍යාපාරයේ කිහිප දෙනෙක් ආණ්ඩුව සමඟ සටන් විරාමයක් ගැන සලකා බලමින් සිටින අතර, විශාල බහුතරයකට අවශ්‍ය වන්නේ වඩාත් දැඩි ලෙස ස්ථීර දිශානතියක් සමඟ ව්‍යාපාරය යළි-සංයුති ගත කිරීමයි. වික්‍රමසිංහ නීත්‍යානුකූල ජනපති කෙනෙකු ලෙස මහජන ව්‍යාපාරය විසින් පිළිගෙන නොමැති බවත්, ඔහු ඉල්ලා අස්වන තුරු ව්‍යාපාරය තීව්‍ර කිරීමට මෙන්ම ආණ්ඩුකරණ ක්‍රමයම වෙනස් කිරීමට ජනතාව තීරණය කර ඇති බවත් සිහිතබා ගන්න.

    මහජනතාව පසුගිය මාස කිහිපයක තුළ ඔවුන්ගේ සාමූහික බලය ප්රකාශ කළා. මාස කිහිපයකට පෙර සිතාගත නොහැකි වූ දෙය සිදුවිය. මහජනතාව ඔවුන්ගේ සාමූහික අරගලයෙන් ජනතා අරගල මගින් රාජපක්ෂලා බලයෙන් පහකර ඇත. කෙසේවෙතත්, කෛරාටික දේශපාලකයන්ගෙන් බහුතරයක් තවමත් බලයේ රැඳී සිටින අතර වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ඇමති ධූර සඳහා ගනුදෙනු තැරැව්කම් කරමින් සිටී. ව්‍යාපාරයේ පීඩනය හේතුවෙන් ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ වැල්බයිලා ගැසූ විරුද්ධ පක්ෂවල දේශපාලකයන් පවා මූලිකවම උනන්දු වන්නේ තමන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීමට සහ ජනතා අභිලාෂ සිරගත කිරීමටය.

    මේ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තනි තනිව ක්‍රමයට අභියෝග කර නැත, ජනතා අයිතීන් අනුකම්පා විරහිත ලෙස මර්දනය කිරීමට විධායක බලතල භාවිතා කිරීමට ජනාධිපතිවරයාගෙන් පසුව ජනාධිපතිවරයාට සරලව ඉඩ සලසා දී ඇති පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තම රාජපක්ෂපාතීත්වය සපථ කර ඇත. මහජනයාගේ බලපෑම මත රැඩිකල් වාක්‍ය ඛණ්ඩ භාවිත කරන දේශපාලකයන් කිසිදු සංයුක්ත, නිශ්චිත ක්‍රියාමාර්ගයක් නොගෙන, අරගල කරන ජනතාවට සහය පළ කරමින් සෞම්‍ය වදන් පාර්ලිමේන්තුවේදී කියමින් සිටී. මෙම දේශපාලකයන්ගේ පක්ෂවල කාඩරය විරෝධතා ස්ථානවල මහජනයා සමඟ මුසු වන නමුත් පුහු කයිවාරු හැරෙන්නට ලබා දීමට හැක්කේ ස්වල්ප දේවල් ටිකකි. වචනවල රැඩිකල්වාදය සහ ක්‍රියාවන්ගේ අවස්ථාවාදය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලකයන්ගේ කූට ස්වභාවය හෙළිදරව් කර ඇත. ඔවුන් අවසානයේදී ජනතා කැමැත්තට පරස්පරව වික්‍රමසිංහ නැවතවරක් අධිකාරී තනතුරකට ගෙන ඒමට සහය දුන් පවතින නියෝජිත ක්‍රමය නීත්‍යානුකූල කිරීමෙහිලා විශාල කාර්යයභාරයක් ඉටු කළේය.

    අරගල කරනා මහජනතාව සැබෑ වෙනසක් සඳහා අරමුණු කරගත යුතුය. අසාමාන්‍ය කාලයක් ඉල්ලන්නේ ජනතාව විසින්ම අසාමාන්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි. අද ලෝකයේ බොහෝ රටවල පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටත්විජිතවාදී ගොඩනැංවීමකි. යටත්විජිතවාදී සංදර්භය තුළ එය ස්වදේශික ප්‍රභූන්ව යටත්විජිත නිලධාරීන් සමඟ බල ගනුදෙනු කරනා තනතුරුවලට තල්ලු කිරීමට සේවය කළේය. එබැවින්, දීර්ඝ කාලයක පටන්, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රාසාදය දේපල පදනම් වූ ඡන්ද බලය, මිල අධික මැතිවරණ සහ මැතිවරණ කොට්ඨාශවල අසමාන තොරොම්බල් කිරීම් මත ගොඩනගා ඇති අතර එමඟින් ධනවතුන්ට ව්‍යවස්ථාදායක රැස්වීම් සහ ව්‍යවස්ථාදායක සභා වැනි ‘නියෝජිත’ ආයතන පිහිටුවීමේ ආධිකාරීත්වය දැරීමට හැකි විය. වෙනත් ලෙස කිවහොත්, අධිපති කොටස්වල සහ යටත් විජිතවාදී බලයේ දේපල සහ වරප්‍රසාද වටා බලපෑම්කාරී අගල් ලෙස දේශපාලනයේ පැහැදිලි නීති රීති සහ ආයතනික සැකැස්ම ගොඩනගා ඇත. යටත් විජිත ප්‍රභූ පැලැන්තියේ සිට ස්වදේශික ප්‍රභූ පැලැන්තියට බලය පැවරීමෙන් පසුවද, මූලික ව්‍යුහය, යම් යම් බාහිර වෙනස්කම් සහිතව, නොනැසී අඛණ්ඩව පවතී. මෙලෙස ගතහොත්, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අභ්‍යන්තර අරටුව, ජනතා බලය පරාරෝපණය කිරීම සහ එය ජනාධිපති, පාර්ලිමේන්තු සහ කැබිනට් වැනි දේශපාලන ආයතන වෙත එය මාරුකිරීම සම්බන්ධයෙන් ස්ථාවරව අඛණ්ඩව පවතී.

    මෙම ආණ්ඩුකරණ ආකෘතිය නැවත නැවතත් ප්‍රතිනිෂ්පාදනය කිරීම නිසා පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පාරිශුද්ධ, නොකෙළෙසිය යුතු සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන ස්වරූපය ලෙස ගැනීමට මිනිසුන්ව ඇබ්බැහි කර ඇත. සිතීමේ මෙම අංශභාග බව වඩාත් යහපත් නියෝජිතයින් සෙවීම සඳහා ඔවුන්ගේ මැදිහත් වීම අඩු කිරීමට මිනිසුන්ට බල කරයි. ‘වඩාත් යහපත්’ නියෝජිතයන් සඳහා වූ සෙවීම විකාරරූපී ලෙස අඛණ්ඩව පවතී. මෙම ආකෘතිය හරහා, මිනිසුන් තමන්ව පාලනය කිරීමට ඇති අයිතිය පරාරෝපණය කර ඇත, මෙම අයිතිය ඡන්දයෙන් තේරුණු නියෝජිතයින්ට මාරු කරයි.  තමන්ට රිසි සේ අඩු වැඩි ලෙස සිය ඡන්දදායකයන්ව නියෝජනය කරනා මෙම නියෝජිතයන්ම බලයක් බවට පත් කරගනී. වෙනත් වචනවලින් කිවහොත්, ඔවුන් ඡන්දදායකයන්ගේ අදහස් අනුව බලයලත් නියෝජිතයින් නොවේ. පාලකයන් සහ පාලිතයන් අතර බලධූරාවලිය තවම පවතී. සහ පාවා දීමේ හැකියාව ද එසේමය. මේ අනුව, ප්‍රජාතන්ත්‍රවාදය යටත්විජිතහරණය කිරීම (decolonize democracy) වැදගත් වන අතර, නව, විප්ලවීය වීදි තුළින් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තුවෙන් ජනතා ව්‍යාපාරය සූදානම් වීම වැදගත්ය. මහජන රැස්වීම් යනු මිනිසුන්ට තමන්ම පාලනය කිරීමට සහභාගී වීමට හැකි ආයතන දේහ විය හැකිය. මහජන රැස්වීම්වල අනුමැතියකින් තොරව නීති සම්පාදනය කළ නොහැකි දේශපාලන ක්‍රමයක් ගොඩනැගීමට අප උත්සාහ කළ යුතු අතර, පාර්ලිමේන්තුව නියොජිත ආයතන දේහයක් ලෙස ජනතා රැස්වීම් හරහා තීරණ ගැනීමේ කියාවලිය සිදුවෙන බව සැබෑ මහජන පැවැත්ම මඟින් අඛණ්ඩව පරීක්ෂාවට ලක් කළ යුතුය.

    මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ සත්‍ය වෙනසක් කළ හැක්කේ යම් යම් වහාම ගත යුතු දේශපාලන අභිලාෂයන් මත සාමූහික අරගලයක් සිදු කිරීමෙන් පමණි. ඊට අයත් වන්නේ:

    1.) වර්තමාන සංධිස්ථානයට අනිවාර්යය වන්නේ සාමාන්‍ය ජනතාව, කම්කරු ජනතාව නිහඬ කර තබා ගැනීම සඳහා වන පවතින දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කරන විකල්පයකි. විකල්පය, අනිවාර්යයෙන්, නව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් පරිණාමනය වීම සහ රට පුරා මහජන රැස්වීම් පිහිටුවීම හරහා ජනතා කැමැත්ත ආයතනගත කිරීම තුලින් ප්‍රකාශ වේ. බලාපොරොත්තු වන ලෙසම, ප්‍රථමයෙන් සමහර ස්ථානවල එනම් අරගලය ශක්තිමත්ම තැන මහජන රැස්වීම් ස්ථාපිත කිරීමට හැකි වනු ඇත. එසේ වුවද, මෙම රැස්වීම් රට පුරා ප්‍රතිනිර්මාණය කළ හැකි ආයතනික මහජන බලයේ ආකෘතික ආදර්ශයක් ලෙස සේවය කරනු ඇත.

    2.) රට තුළ වඩාත්ම දැවෙන, බලවත් ප්‍රශ්න පිළිබඳ තීරණය කිරීම සඳහා නගරවල, නුවරවල, ගම්වල මහජන රැස්වීම්වලට බලය දිය යුතුය.

    – මහජන රැස්වීම්වල බලය උත්තරීතර විය යුතු අතර, පාර්ලිමේන්තුව රටේ මහජන රැස්වීම් සමඟ උපදෙස් විමසා රටේ කටයුතු කළමනාකරණය කිරීමේ නියෝජිත ආයතනයක් පමණක් බවට පත් විය යුතුය.

    – තවද, එක් එක් මහජන රැස්වීමක් විසින් මහජන කවුන්සිලයක් ඡන්දයකින් තෝරාගනු ඇත. ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණයෙන් කඩඉම් ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා මහජන කවුන්සිලය සඳහා වන මැතිවරණයේ සියලුම අපේක්ෂකයින් තේරී පත් වූ නියෝජිතයන් ලෙස සලකනු ලැබේ. තීරණාත්මක ප්‍රතිපත්තිමය කාරණා/ ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මහජන රැස්වීම් පුරුද්දක් ලෙස රැස්වන අතර මහජන කවුන්සිල ස්ථීර සාකච්ඡා සිදු කරන ආයතන දේහයක් වනු ඇත. එවැනි දේශපාලනික සමාජයන්ගෙන් මතුවන ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාප්තිත ස්වභාවය තවදුරටත් සහතික වනුයේ කිසියම් පුද්ගල කණ්ඩායමකට හෝ දේශපාලන සංවිධානයකට ප්‍රශ්නයක් සාකච්ඡාව සඳහා මහජන කවුන්සිලයට සැළකිය යුතු සහයක් සමඟ කැඳවීමට සහ මහජන රැස්වීමේ සුදුසු කාලයක කැඳවන හමුවේදී ජනමත විචාරණයක් ඉල්ලා සිටීමේ අයිතිය දීර්ඝ කිරීමෙනි. මෙතැන් පටන් එලැඹෙන තීරණ පාර්ලිමේන්තුව වෙත ගෙන යන අතර, ඒවා සාකච්ඡා කිරීම සහ අනුමත කිරීම සඳහා අනෙකුත් මහජන කවුන්සිල සහ රැස්වීම් වෙත ඉදිරිපත් කරනු ඇත. මේ ස්වරූපයේදී, මහජන කවුන්සිල සහ රැස්වීම් හරහා ජනතාවට එවැනි ආයතනවලින් බහුතරයක් එසේ කිරීමට තීරණය කරන නිර්ණායක අනුව රට සඳහා නීති සම්පාදනයට හෝ අවලංගු කිරීමට ව්‍යවස්ථානුකූල බලය හිමි වනු ඇත.

    – ඒ ආකාරයේ ප්‍රතිව්‍යුහගත ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් විසින් පාර්ලිමේන්තුවේ සහ මහජන කවුන්සිලයේ සිය නියෝජිතයින්ව කැඳවීමට සහ ආපසු කැඳවීමට මහජන රැස්වීම්වලට බලය හිමි වනු ඇත.

    ශ්‍රී ලංකාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පවතින පාලක ප්‍රභූන්ගේ විශාලතම කොටස්වලින් සමන්විත වික්‍රමසිංහගේ ආණ්ඩුව යටතේ කළ නොහැක. ආර්ථිකය පරිවර්තනය කිරීමකින් තොරව මහජනයාගේ අයිතීන් සංයුක්ත කළ නොහැක; ප්‍රතිපත්ති ගොඩනැංවීමේදී පොදු මහජනතාවගේ සක්‍රීය සහභාගීත්වය ඉල්ලා සිටින ක්‍රියාවලියකි. වත්මන් තත්වයේදී, බල තුලනය, පද්ධතිය විප්ලවීය දිශානතියකට පරිවර්තනය කිරීම සඳහා වර්තමාන සංධිස්ථාන උපායමාර්ගික භාවිතය සඳහා හිතකර වේ, එබැවින් මිනිසුන්ගේ ජීවිතයේ යම් මට්ටමක වෙනසක් නොවුනත් එය යම් ආකාරයක හෝ වෙනසකි.

    මෙම සංධිස්ථානයේදී, අරගල කරනා මහජනතාවගේ සියලුම දියුණු කොටස් කොටස්, විපක්ෂයේ සංවිධානවල කාඩර්වරු ඔවුන්ගේ කඳවුරුවල සහ වාඩිලාගැනීම් අඛණ්ඩව සිදු කරන අතරම ඒකාබද්ධ සම්බන්ධීකරණ සහ ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතුය. අනීතික වික්‍රමසිංහ ආණ්ඩුව මහජනතාවගේ ව්‍යාපාරය සහ අපගේ වාඩිලාගැනීම් නීති විරෝධී කරලීමට හමුදාව යොදාගනිමින් උත්සාහ කරනු ඇතැයි අපට අපේක්ෂා කළ හැක. මෙම ආණ්ඩුව හමුදාව සහ පොලීසිය මුදාහරිනා තරමට අරගලය විසින් ව්‍යාපාරය ආරාක්ෂා කිරීම සඳහා බිමට එක්වන ලෙස මහජනයාට, සාමාන්‍ය ජනතාවට ඉල්ලා සිටිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. මෙය ස්නායු පරීක්ෂාවකි, පරීක්ෂා සංඛ්‍යාවකි අරගලයේ ඒ ද්විත්වයම සෑහෙන තරම් ඇත.

    ජූලි 21 මධ්‍යම රාත්‍රියේ මර්දනයෙන් පසු සමහර ක්‍රියාකාරික පාර්ශවයන් අතර තිබුණු අඳුරු කණස්සලුසහගත මනෝභාවය ජයගනිමින් ව්‍යාපාරය ප්‍රත්‍යස්ථ ලෙස නොනැවතී අඛණ්ඩව පැවතුනි. තුවාලවලට සාත්තු කර ඇතත්, එය යළි ශක්තිසම්පන්න ව ඇත, එය අළු මතින් ෆීනික්ස් පක්ෂියෙකු ලෙස නැගී සිටින්නේ ලෝකය පුරා අරගල කරනා ජනයාව ප්‍රබෝධමත් කිරීම සඳහාය. විප්ලවවාදී වියහැකියාවන්ගේ දිශානතියේ මහජන ව්‍යාපාරයෙහි ගම්‍යතාව තීව්‍ර කිරීම සඳහා මෙම මොහොත ජනතාව-වෙත-යාමේ ව්‍යාපාරයක් ඉල්ලා සිටී. වර්තමානයේ, පාර්ලිමේන්තුව දක්වා පාගමනක් සඳහා කොළඹට පැමිණීම සඳහා පොදු මහජනයාව ඒකරාශී කිරීම ව්‍යාපාරය සඳහා තීරණාත්මකය. මහජන පාගමන කැඳවීම සිදුවිය යුත්තේ උද්ඝෝෂණ කරනා ජනතාවට විරුද්ධව හමුදාව සහ පොලිස් බලයන් යොදාගැනීම තහනම් කිරීම සඳහා යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් වහාම කැඳවීමට බලකරමිනි. මෙම විශේෂ සැසිය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පාර්ලිමේන්තුව තුළ මේ මොහොතේ පවතින යුද්ධය සඳහා ලිට්මස් පරීක්ෂාවක් ලෙස කටයුතු කරනු ඇත, පාර්ලිමේන්තුව එය ඉදිරිපත් කිරීමට නොහැකි වීම ඔස්සේ නවීන පරිවර්තනීය දේශපාලනයක් වෙනුවෙන් තවදුරටත් මහජන ක්‍රියාමාර්ග සඳහා උත්ප්‍රේරකයක් වනු ඇත.

    (මෙම ලිපිය ශ්‍රී ලංකාවේ මහජන ව්‍යාපාරය සමඟ ජාත්‍යන්තර සහයෝගිතාව සංවිධානය විසින් 2022.07.23 දින මාර්ගගතව සිදු කළ දේශනයක් මත පදනම් වූවකි.)

    ආචාර්ය මායා ජෝන්: ඇය ඉන්දියාවේ, දිල්ලි විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් සිදු කරන අතර, දශක දෙකකට ආසන්න කාලයක පටන් ඇය වාමාංශික ව්‍යාපාරයේ සිටින්නියකි. Email: [email protected]