අනුර අලුත් බදු පනවලා නැහැලු

රාජ්‍ය ආදායම් ඉලක්ක පවත්වාගෙන යාම සහතික කරන අතරම, ඉදිරි අයවැය තුළ ඇතැම් බදු තවදුරටත් අඩු කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, බලයට පත්වීමෙන් පසු කිසිදු නව බද්දක් පැනවීමකින් තොරව රජය සිය ආදායම් ඉලක්ක සපුරා ගැනීමට සමත් වූ බවයි.

“අපි බලයට පත්වීමෙන් පසු කිසිදු නව බද්දක් පනවා නැහැ. ඇත්ත වශයෙන්ම, දැනට පවතින බදු කිහිපයක් අපි සැලකිය යුතු ලෙස අඩු කර තිබෙනවා. ඉදිරි අයවැය තුළ තවත් බදු කිහිපයක් අඩු කිරීමට අපි කටයුතු කරනවා,” යැයි ඔහු පැවසීය.

ආණ්ඩුව අලුත් බදු පැනවීම නොකළ බව සඳහන් කරන්නේ නිශ්චිත බදු වර්ග අලුතෙන් හඳුන්වා දී නැති බව පෙන්වීමටයි. නමුත් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සෙස් බද්ද වැනි බදු ඉහළ යාම නිරන්තරයෙන් සිදුව තිබේ.

එසේම බදු වැඩි නොවුනද භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යාම නිසා ජනාධිපතිවරයා කියන ආකාරයේ වෙනසක් ජනතාවට නම් දැනී නැති බව පැහැදිලිය.

Share post:

Popular

වෙනත් පුවත්

ඉතාලිය උණුසුම් කළ ඔක්තෝම්බර් 30 වැඩ වර්ජනය

ඉතාලිය පුරා දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් ඔක්තෝම්බර් 30...

PSTA සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ලබාදුන් නිර්දේශ

ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’...

අදත් සිදුවීමක් – පොලීසියට වෙඩි තියන්න ගහලා මරන්න තවත් බලය දෙමුද?

අද (31) පස්වරුවේ කඩවත, මහකඩේ හන්දියේදී පොලිසිය විසින් ත්‍රිරෝද...

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...