අද (31) පස්වරුවේ කඩවත, මහකඩේ හන්දියේදී පොලිසිය විසින් ත්රිරෝද රථයකට වෙඩි තැබීමක් සිදු කිරීම හේතුවෙන් 16 හැවිරිදි පිරිමි ළමයෙකු තුවාල ලබා තිබේ.
පොලිස් නිලධාරීන් එම ප්රදේශයේ රථවාහන රාජකාරිවල නිරතව සිටියදී මෙම සිදුවීම සිදුව ඇත. වාර්තා වන පරිදි, පොලිස් නිලධාරීන් විසින් අදාළ ත්රිරෝද රථයට නවත්වන ලෙස සංඥා කර තිබුණද, රියදුරු එම නියෝගය නොතකා රථය ධාවනය කරගෙන ගොස් ඇත.
ඉන්පසු පොලිසිය විසින් එම වාහනයට වෙඩි තබා ඇති අතර, එහි ගමන් කරමින් සිටි 16 හැවිරිදි පිරිමි ළමයාගේ පිටුපස කොටසට වෙඩි උණ්ඩ දෙකක් වැදී තිබේ.
බරපතල තුවාල ලැබූ එම පිරිමි ළමයා ප්රතිකාර සඳහා වහාම රාගම රෝහල වෙත රැගෙන ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන්ද පොලීසිය කුමන ආකාරයේ කතාවක් කියනු ඇතිද යන්න සමාජය අවදියෙන් සිටින බව පෙනේ. එයට හේතුව හෝමාගම පොලිස් ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන ලද ප්රකාශ සමාජය තුළ දැඩි ආන්දෝලනයක් ඇතිකර තිබීමයි. අන නොතකා ගමන් කරන වහනයක් වුවත් වෙඩි තැබීමේදී පිළිපැදිය යුතු නීති තිබේ. නමුත් කිසිම අවස්ථාවක පොලිසියට මෙම නීති අදාළ වන බවක් නම් දක්නට නැත.




