චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් , පසුව ‘සිරිලිය සවිය’ සංවිධානයේ පරිත්‍යාගයක් ලෙස ‘ලේඩි රිජ්වේ’ ළමා රෝහල වෙත භාර දී ඇති අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසීය. එම භාර දීමේ උත්සවය දෙවන සැකකරුගේ දරුවෙකුගේ උපන් දිනය දා පැවැත්වූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
එම MRI ස්කෑනර් යන්ත්‍රය චීන රජයෙන් ලැබුණු පරිත්‍යාගයක් බව තහවුරු කරමින් ‘ලේඩි රිජ්වේ’ ළමා රෝහලේ වෛද්‍ය රන්මන්ත්‍රී සහ වෛද්‍ය රත්නසිරි යන අය ප්‍රකාශ ලබා දී ඇති බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී ඇත.
ශිරන්ති රාජපක්ෂට විවෘත හෘද සැත්කමක් (open-heart surgery) සිදු කිරීම සඳහා කිසිදු වෛද්‍ය නිර්දේශයක් නිකුත් කර නොමැති බව කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
‘සිරිලිය සවිය’ සංවිධානය හරහා ‘ලේඩි රිජ්වේ’ ළමා රෝහලට CT ස්කෑනර් යන්ත්‍රයක් ලබා දීමේ මුවාවෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් ලබාගෙන මහජන මුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති ශිරන්ති රාජපක්ෂ ට සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට එරෙහි නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ යළි කැඳවන ලදී.
එම අවස්ථාවේදී, අධිකරණ නියෝගවලට අනුකූලව කටයුතු කරමින් කොළඹ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් සැකකාර ශිරන්ති රාජපක්ෂ පිළිබඳ පිටු තුනකින් යුත් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඇයට විවෘත හෘද සැත්කමක් සිදු කිරීම සඳහා දැනට කිසිදු වෛද්‍ය නිර්දේශයක් නොමැති බව අධිකරණයට දැනුම් දී තිබේ.
සැකකාරියගේ හෘදය ආශ්‍රිතව ‘ඇන්ජියෝග්‍රෑම්’ (angiogram) පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පමණක් වෛද්‍ය නිර්දේශයක් ලබා දී ඇති බව ද එම වෛද්‍ය වාර්තාව මගින් අධිකරණයට දැනුම් දෙන ලදී. ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මොනවාද යන්න තීරණය කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් විය.
රාජපක්ෂ පවුලේ වංචා දූෂණවල ශිරන්ති රාජපක්ෂද ඉතා කැමැත්තෙන් සහභාගී වී ඇති බව පෙනේ. ශිරන්තිලා සිදුකරන ලද මගඩි ගැන හෙළිකරන ආණ්ඩුව එම මගඩිවලින් රටේ ජනතාවට අහිමිවූ මුදල් නැවත අයකර ගැනීමට ක්‍රමයක්ද සැකසිය යුතුය. නැතහොත් ඒවා නිකම්ම නිකම් සංදර්ශන පමණක් වනු ඇත.




