පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව 50කටත් අඩු බැවින්, එම පාසල් පහසුකම් සහිත ප්‍රධාන පාසල් සමඟ ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
පොළොන්නරුවේ පැවති ජාතික ජන බලවේගයේ ගොවි රැළිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, අවම වශයෙන් පාසලක සිසුන් 400–500ක් පමණ සිටිය යුතු බවයි.

කුඩා පාසල් ඒකාබද්ධ කිරීමේදී දුරස්ථභාවය හේතුවෙන් ප්‍රවාහන ගැටලු මතුවන්නේ නම්, රජය මැදිහත්ව අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම, සෑම දරුවෙකුටම සමාන හා ගුණාත්මක අධ්‍යාපන අවස්ථා ලබාදීමේ අරමුණින් ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමවත්ව ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

“දිවයින පුරා පිහිටි පාසල් දසදහසකට වැඩි ප්‍රමාණයෙන් සියයට 18ක පමණ ඉගෙනුම ලබන්නේ සිසුන් 50ට වඩා අඩු සංඛ්‍යාවක්. ඇතැම් පාසල්වල ළමුන් 4 දෙනා, 10 දෙනා, 15 දෙනා බැගින් ඉන්නේ. එවැනි පසුබිමක නිවාසාන්තර ක්‍රීඩා උළෙලක්, සාහිත්‍ය තරගාවලියක් හෝ චාරිකාවක්වත් සංවිධානය කිරීමට හැකියාවක් නැහැ. මෙවැනි තත්ත්වයක් තුළ ඒ දරුවන්ගේ අනාගතය අඳුරු වෙනවා. දරුවකු සමාජානුයෝජනය විය යුතුයි; විවිධ දක්ෂතා ඇති අනෙක් දරුවන් සමඟ ගැටෙමින් පෞරුෂය වර්ධනය කරගත යුතුයි.
එබැවින් සිසුන් 50ට අඩු පාසල්, පහසුකම් සහිත විශාල පාසල් සමඟ ඒකාබද්ධ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අවම වශයෙන් පාසලක සිසුන් 400ක් 500ක්වත් සිටිය යුතුයි. පාසල් දුරස්ථ වීම නිසා ප්‍රවාහන ගැටලු මතු වන්නේ නම්, කලාප මට්ටමින් අධ්‍යයනය කර දරුවන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් රජය මැදිහත් වී සලසා දෙනවා.

සමහරු ගමේ පාසල එලෙසම තබාගත යුතු බවට තර්ක කළත්, ඔවුන්ගේ දරුවන් යවන්නේ නගරයේ ප්‍රධාන පාසල්වලටයි. යමෙකු එම කුඩා පාසල් එලෙසම පැවතිය යුතු යැයි කියන්නේ නම්, ඔවුන් පළමුව තමන්ගේ දරුවන්ද එම පාසල්වලට ඇතුළත් කරන බවට ලිඛිතව එකඟ විය යුතුයි.

අපගේ අරමුණ සෑම දරුවෙකුටම සමාන සහ ගුණාත්මක අධ්‍යාපන අවස්ථා හිමිකර දීමයි. පසුගිය කාලයේ හඳුන්වාදීමට ගිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පැවති අඩුපාඩු හේතුවෙන් ඒවා අතරමග නැවතුණද, ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රමවත්ව ක්‍රියාවට නංවනවා. දෙමව්පියන් පාසලට භාරදෙන දරුවා, අධ්‍යාපනය අවසානයේ දැනුමෙන්, ආකල්පවලින් සහ යහපත් හැසිරීමෙන් සපිරි, රටේ ආර්ථිකයට ඵලදායී දායකත්වයක් සැපයිය හැකි පුරවැසියෙකු ලෙස සමාජයට දායාද කිරීම අපගේ ඒකායන සැලැස්මයි.” යැයි පැවසීය

මේ පිලිබඳ තම facebook පිටුව ඔස්සේ පොස්ටුවක් පළකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පවසන්නේ,

මුග්ධ කතා වලට සීමාවක් තිබිය යුතුයි!

පාසල් අතර විශමතාවය ගැන තමයි මුලු ඉතිහාසය පුරාම ජවිපෙ හඩ නැගුවේ. ජනප්‍රිය පාසල් හඹා යෑම, ග්‍රාමිය පාසල් බිදවැටිම, ග්‍රාමීය පාසල් වල සිසුන් අඩුවීම යන ඒවාට ප්‍රධාන හේතුව විශමතාවය.
කරුණාසේන කොඩිතුවක්කු තමයි 2001 දි මුලින්ම පාසල් 3,000 ක් වසා දමන යෝජනාව කරලියට ගෙනාවේ. ඊට එරෙහිව අන්තරේ හදපු ව්‍යාපාරය, පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය.
පස්සේ කාලෙක ඒ සංවිධානයේ අයිතිය ගන්න ඕන වෙලා මහින්ද ජයසිංහ බැනර් එකක් එල්ලගෙන මාධ්‍ය හමු ගත්තා පාසල් වැසීමට එරෙහිව. දැන් ඒ කටවල් වලින්ම කරුණාසේන කොඩිතුවක්කු අවුරුදු 25 කට කලින් කියපුවා කියනවා. ජවිපෙ ඇතුලේ ඉන්න සියලු දෙනාම හිරි වැටිලද? තමන්ගේම සටන් ඉතිහාසය අමතක වෙලාද?

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...

සාහිත්‍ය මාසයේ පුරාජේරු සහ තිත්ත ඇත්ත

සැප්තැම්බර් මාසය නම් කර තිබෙන්නේ සාහිත්‍ය මාසය ලෙස. මේ...