අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බව මෑතකාලීන ආර්ථික සාධක රැසකින් පැහැදිලි වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ ඇතුළු නියෝජිතයින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී පවසා තිබේ.

කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

එම ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ අරමුණ බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇතැයි පැවසේ. ජනාධිපතිවරයා ආර්ථිකයේ සාර්ථකත්වය මනින්නේ කුමන සාධක මතද යන්න ගැටළුවක් ලෙස මතුවේ.

මන්ද මේවනවිට රටේ උද්ධමනය වැඩිවෙමින් පවතියි. පසුගිය අගෝස්තු මාසයේ මහ බැංකුව වාර්තා කළ ආකාරයට උද්ධමන අනුපාතය සියයට 8කි. ජූලි මාසයේ එය පැවතියේ සියයට 6ක අගයකයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස, ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම් (EFF) වැඩසටහනේ හත්වන සමාලෝචනයට සහ 2026 IV වගන්තිය යටතේ වන උපදේශනය සඳහා මෙරටට පැමිණ සිටින අතර ඔවුන් සැප්තැම්බර් 10 සිට 23 දක්වා කොළඹ රැඳී සිටීමට නියමිතය.

තවත් පුදුමයට කරුණක් වන්නේ ශ්‍රී ලංකාවට සිය ආර්ථික ස්ථාවරත්වය උදා කර ගැනීමේදී රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ක්‍රියාත්මක වැඩසටහන වැදගත් පදනමක් සැපයූ බව ජනාධිපතිවරයා පැවසීමයි.

පසුගියදා ලංකාව කලාපයේ අවම වැටුප් හිමි රටක් බව ජාත්‍යන්තර වාර්තාවකින් හෙළිදරව්කර තිබුණි.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට බව පවසමින් IMF උගුලේ පැටලුනු ලංකාව දශමයකින් හෝ ගොඩට පැමිණ නැති බව මේ සියලු කාරණා හරහා පෙනේ. නමුත් තවමත් අපේ රටේ පාලකයන් IMF එකට් සුදු හුණු ගාමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...