ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන් සියයට 58.1 ක් (ලක්ෂ 35.9ක් පමණ) රැකියාවක් කිරීමට අපේක්ෂා නොකරන්නේ පවුලේ වගකීම් එසේත් නැතිනම් ගේදොර වැඩ කටයුතු නිසාවෙන් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වර්තාවක දැක්වේ.

වැඩ කරන වයසේ සිටින අවුරුදු 25ත් 34ත් අතර රැකියාවක් නොකරන කාන්තාවන් ගෙන් සියයට 87 ක්ද, අවුරුදු 35 ත් 54ත් අතර රැකියාවක් නොකරන කාන්තාවන්ගෙන් සියයට 93.6ක්ද, රැකියාවක් නොකිරීමට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ පවුලෙ වගකීම් එසේත් නැතිනම් ගේ දොර වැඩ කටයුතු බව එම වාර්තාව පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය පෙන්වාදී ඇත්තේ මෙරට කාන්තාවන්ගෙන් විශාල පිරිසක් රැකියාවක් නොකරන්නේ ඔවුන්ට වැඩ කිරීමට අවශ්‍යතාවක් නොමැති නිසා නොවන බවත් කාන්තාවන්ගේ දෛනික ජීවිතයේ විශාල කාලයක් ආහාර පිසීම, නිවස පිරිසිදු කිරීම, ඇඳුම් සේදීම, දරුවන් බලා ගැනීම, වැඩිහිටි සහ රෝගී පවුලේ සාමාජිකයන් රැකබලා ගැනීම ඇතුළු ගේ දොර වැඩ කටයුතු සඳහා වැය කිරීමට සිදුවීම නිසාවෙන් බවත්ය.

මෙම කටයුතු පවුලේ දෛනික ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වුවද ඒ සඳහා සාමාන්‍යයෙන් වැටුපක් නොලැබෙන අතර රැකියාවක් ලෙසද ගණනය නොකෙරෙන බව එම සංවිධානය පෙන්වා දෙයි.

මෙම ප්‍රශ්නය විසඳීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් වන්නේ කාන්තාවන්ගේ ගෘහමය ශ්‍රම බරින් ඔවුන් නිදහස් කිරීමයි. ඒ සඳහා කළ හැකි පළමු කර්තව්‍ය විය යුත්තේ දැරිය හැකි මිලකට හෝ නොමිලේ සේවය ලබාගත හැකිදිවා සුරැකුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...