විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද (09) එක්දින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලුවලට මෙතෙක් විසඳුම් ලබා දීමට වත්මන් රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලීම් කළද ඊට කිසිදු යහපත් ප්‍රතිචාරයක් මේ වනතෙක් ලැබී නැති බව එම සම්මේලනය පෙන්වා දෙයි.

තවදුරටත් සිය ඉල්ලීම් නොසලකා හරින්නේ නම් අද ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා දියත් කිරීමට සිදුවන බව ආචාර්යවරුන්ගේ සමති සම්මේලනය තවදුරටත් සඳහන් කර ඇත.

පසුගියදා බුලත්සිංහල පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පැවසුවේ ඉදිරියේදී විශ්ව විද්‍යාල 50ක් ආරම්භ කරන බවයි. විශ්ව විද්‍යාල 50ක් ආරම්භ කිරීමට පෙර ජනාධිපතිවරයා මැදිහත්වී හෝ තිබෙන විශ්ව විද්‍යාලවල ගැටළු විසඳන්නේ නම් යහපත්ය.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...