විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද (09) එක්දින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලුවලට මෙතෙක් විසඳුම් ලබා දීමට වත්මන් රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලීම් කළද ඊට කිසිදු යහපත් ප්‍රතිචාරයක් මේ වනතෙක් ලැබී නැති බව එම සම්මේලනය පෙන්වා දෙයි.

තවදුරටත් සිය ඉල්ලීම් නොසලකා හරින්නේ නම් අද ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා දියත් කිරීමට සිදුවන බව ආචාර්යවරුන්ගේ සමති සම්මේලනය තවදුරටත් සඳහන් කර ඇත.

පසුගියදා බුලත්සිංහල පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පැවසුවේ ඉදිරියේදී විශ්ව විද්‍යාල 50ක් ආරම්භ කරන බවයි. විශ්ව විද්‍යාල 50ක් ආරම්භ කිරීමට පෙර ජනාධිපතිවරයා මැදිහත්වී හෝ තිබෙන විශ්ව විද්‍යාලවල ගැටළු විසඳන්නේ නම් යහපත්ය.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...