22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දහතු-න් දෙනාගෙන් සමන්විත සම්පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස කළ ඉල්ලීම අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව, පෙත්සම් විභාගය සිදුවනු ඇත්තේ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

අද පෙත්සම් විභාගය ආරම්භ වූ අවස්ථාවේ, සාලිය පීරිස්, අලි සබ්රී, එම්.ඒ. සුමන්තිරන් සහ මෛත්‍රී ගුණරත්න ඇතුළු ජනාධිපති නීතීඥයන් කිහිප දෙනෙකු සම්පූර්ණ විනිසුරු මඩුල්ලක් පිළිබද ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසටර් ජනරාල් විරාජ් දයාරත්න අධිකරණයට පෙන්වා දී තිබුණේ, විනිසුරු මඩුල්ලක සංයුතුය සහ විනිසුරු සංඛ්‍යාව තීරණය කිරීම අගවිනිසුරුගේ අභිමතය පරිදි සිදුකළ හැකි බවයි.

මේ ආකාරයට අගවිනිසුරුවරයාගේම විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළඉදිරිපත් වී ඇති පෙත්සම් ඔහුගේම සභාපතිත්වයෙන් යුතු කමිටුවක් හරහා විභාග කිරීම ස්වභාවික යුක්ති ධර්මයට පටහැනි බව නීතිඥ නුවන් බෝපගේ පවසයි. තමන්ගේම නඩුව තමන්ම විභාගයට ගැනීමේදී අවම වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 13 දෙනාම සහභාගී වීම වැදගත් බව ඔහු පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...