22ට එරෙහි පෙත්සම් විභාග කරන්න විනිසුරු මඩුල්ලක්

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම අරමුණු කරගත් යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති විශේෂ අභියාචනා පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිත්වය අගවිනිසුරුවරයා විසින් දරනු ලබන අතර අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබයකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සමන්විත වනු ඇත.

පෙත්සම් හෙට (1) විභාගයට ගැනීමට නියමිතය.

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පැමිණෙන්නේ ආණ්ඩුව තවත් පනත් ගණනවක් සහ ව්‍යුහමය වෙනස්කම් රාශියක් කිරීමට සූදානම්ව සිටයදීය. පසුගියදා නව ත්‍රස්ත පනතක් ගෙන ඒම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබුණි. එසේම කම්කරු නීති වෙනස්කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට නියමිතවේ. අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ව්‍යුහයක් ඒම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡාවක් ඇතිවී ඇත. ඊට අමතරව ජෛව දත්ත සහිත ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීමට දැනටම ඉන්දියානු සමාගමකට කොන්ත්‍රාත්තුව ලබාදී තිබේ. මේ සියලු කාරණාවලට එරෙහිව ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කිරීමේ අවස්ථාව මෙම විනිසුරු වයස දීර්ඝ කිරීම හරහා ඇහිරී යනු ඇති බවට මත පළවේ. එයට හේතුව මෙම වයස දීර්ඝ කිරීම අගවිනිසුරුවරයාට ලබාදෙන අනියම් අල්ලසක් ලෙස ක්‍රියාකරනු ඇති බවට වන මතයයි.

එසේම මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුගේ මුලිකත්වයෙන් විනිසුරු මඩුල්ලක් නම් කිරීම සම්බන්ධයෙන්ද විවේචන එල්ල වෙමින් පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...