උද්ධමනය ඉහළට

2026 වසරේ අගෝස්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමන අනුපාතය සියයට 8ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (අගෝස්තු 31) දින නිකුත් කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, ජූලි මාසයේදී සියයට 7.3ක්ව පැවති උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී සියයට 8ක් දක්වා මෙලෙස ඉහළ ගොස් ඇත.

එමෙන්ම අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 8.5ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය සියයට 6.3ක් ලෙස වාර්තා වී තිබේ.

කෙසේ වෙතත්, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය ජූලි මාසයේදී සියයට 7.8ක් ලෙස වාර්තා වී තිබුණු අතර එය අගෝස්තු මාසයේදී සියයට 7.7ක් දක්වා අඩු වී තිබේ.

උපුටා ගැනීම – වට්නිව්ස්

Share post:

Popular

වෙනත් පුවත්

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න අහන මාධ්‍යවේදීන්ගේ වැනෙන ප්‍රශ්න 

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න...

ගැහැනු ලෙයට බදු නොගසනු!

කුසගින්න, පිපාසය හුස්ම ගැනීම යනු මිනිසාට පාලනය කළ නොහැකි...

ඉතාලිය උණුසුම් කළ ඔක්තෝම්බර් 30 වැඩ වර්ජනය

ඉතාලිය පුරා දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් ඔක්තෝම්බර් 30...

PSTA සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ලබාදුන් නිර්දේශ

ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’...