ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනයේ සේවකයින් ලෙස වර්ගීකරණය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් අතීතයට බලපාන පරිදි ගෙන තිබූ තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය අද රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

එක්දින කණ්ඩායමේ හිටපු නායක චරිත් අසලංක, ටෙස්ට් නායක ධනංජය ද සිල්වා මෙන්ම ජාතික කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සහ අනුෂ්කා සංජීවනී යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් සේවකයින් ලෙස වර්ගීකරණය කරමින්, ඊට අනුරූපව පූර්වගාමී පුද්ගල ආදායම් බද්ද (APIT) ක්‍රීඩකයින් වෙත බලපැවැත්වෙන පරිදි 2024 ඔක්තෝබර් මාසයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලද මෙම තීරණයට එරෙහිව මෙම පෙත්සම් ඉදිරිපත් වී තිබේ.

තමන් සේවකයින් නොවන බවත්, වසර ගණනාවක් තිස්සේ තමන්ව පිළිගෙන තිබුණේ ස්වාධීන සේවා සම්පාදකයින් (independent service providers) ලෙස බවත්, එබැවින් බදු අයකර ගැනීම ස්වාධීන සේවා සම්පාදකයින් සඳහා වන ක්‍රමවේදයට අනුව සිදු කළ යුතු බවත් ක්‍රීඩකයෝ සිය පෙත්සම් මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...