විරෝධය හමුවේ මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට කැඳවීමේ තීරණය ආණ්ඩුව හකුළා ගනියි

බීබීසී (BBC) සිංහල සේවයේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳ කමිටුව හමුවට කැඳවීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධය හමුවේ ආණ්ඩුව එය හකුලාගෙන තිබේ.

මෙම කැඳවීම තොරතුරු දැනගැනීමේ සහ ප්‍රකාශනයේ නිදහසට එරෙහිව එල්ල කරන ලද අත්තනෝමතික බලහත්කාරයක් බව පවසමින් ස්වාධීන වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) නිවේදනය නිකුත් කර තිබුණි.

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතනට එරෙහිව එල්ල වී ඇති බරපතල ළමා අපයෝජන චෝදනා පිළිබඳ සිදු කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් සොයා බැලීමට, ඉකුත් ජූනි මස මුල් සතියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් රැස්වීමක් කැඳවා තිබුණි. එම රැස්වීමට අදාළ තොරතුරු වාර්තා කිරීම හේතුවෙන් BBC සිංහල සේවයේ මාධ්‍යවේදීන් 2026 ජූලි 23 වන දින පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති අතර, එම ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී බව ස්වාධීන වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව පෙන්වා දෙයි.

එසේම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කරන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යනු ස්ථාවර නියෝග යටතේ පිහිටුවන ලද නීතිමය බලතල සහිත කාරක සභාවක් නොවන බැවින්, එහි සිදුවීම් වාර්තා කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් ලෙස සැලකීමට නෛතික පදනමක් නොමැති බවයි.

ජනමාධ්‍යවේදීන් පවසන්නේ මෙම පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳ කමිටුව වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යුහ යොදාගැනීම ගැටළු සහගත බවයි. පසුගිය ආණ්ඩුවලදී ජනමාධ්‍යවේදීන්ගේ කට වැසීම සඳහා මෙම ව්‍යුහය යොදාගැනීමේ උත්සාහයන් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ මත පළවෙමින් තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...