මීගමුව බන්ධනාගාරය නැවතත් නොසන්සුන් – ගැටුමෙන් 07ක් මියගිහින්

මීගමුව බන්ධනාගාරයේ අද 6 පෙරවරුවේ ඇතිවූ ගැටුමින් බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු ඇතුළු පස් දෙනකු මිය ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අද පෙරවරු 11.00 වන විට රෝහල් ගත කෙරුණු කෙරුණු පිරිස අතර බන්ධනාගාර නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් හා පොලිසියේ නිලධාරීන් ඇතුළු සංඛ්‍යාව විසි හතක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය එක් පුද්ගලයකු රැඳවියකු බවට තොරතුරු ලැබී ඇති අතර අනෙක් මියගිය පුද්ගලයා කවුදැයි මෙතෙක් හඳුනාගෙන නැතැයි ද රෝහල් ප්‍රකාශකයෙක් පවසා තිබේ.

තවත් නිලධාරීන් විශාල පිරිසක් රෝහල් ගත කිරීමට නියමිත බවට ද තොරතුරු ලැබී ඇති අතර තුවාලකරුවන් අතර බන්ධනාගධාරීන් පොලිස් නිලධාරීන් මෙන්ම රැඳවියන්ද වන බව ද බවද දැනගන්නට ඇත.

ඊයේ දින ඇතිවූ ගැටුමින් දෙදෙනකු මිය ගිය අතර 33 දෙනකු තුවාල ලබා තිබුණි. මේ වන විට මෙම ගැටුම්වලින් හත් දෙනෙකු මියගොස් 50කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...