රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන් පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සිරස මාධ්‍ය ආයතනයේ වීඩියෝ කැමරා ශිල්පී චරිත් නියෝමාල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බ්‍රිතාන්‍යයේ වුල්වහැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානොත්සවයක් සඳහා රජයේ මුදල් භාවිතා කරමින් සහභාගි වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඇති නඩුව සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ පැමිණි අවස්ථාවේදී එම සිදුවීම සිදුවී තිබුණි.

සිය හිසට වීඩියෝ කැමරා ශිල්පියා පහරදුන් බවට හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියා එම සිදුවීමෙන් පසු පොලීසියට කරන ලද පැමිණිල්ලක් ප්‍රකාරව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකු සහ මාධ්‍ය ආයතනයක රූපවාහිනී කැමරා ශිල්පියෙකු අතර සිදුවූ සිදුවීම සම්බන්ධයෙන්, අපක්ෂපාතී සහ සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) ශ්‍රී ලංකා පොලීසියෙන් ඉල්ලා සිටියි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පිවිසුම් දොරටුව අසලදී සිදු වී ඇති මෙම සිද්ධිය අද (01) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත්තේ, මහජනතාව වෙත තොරතුරු වාර්තා කිරීමේ මාධ්‍යවේදීන්ගේ අයිතිය මෙන්ම රාජකාරියේ නිරත ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ද එක ලෙස සුරක්ෂිත විය යුතු බවයි.

එබැවින් මෙම සිදුවීමේදී ආරක්ෂක නිලධාරියාගේ නිල රාජකාරියට බාධා කිරීමක් සිදුවී ඇත්ද නැතහොත් මාධ්‍යවේදියාගේ නිදහස් මාධ්‍ය භාවිතයට සහ රාජකාරියට බාධාවක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව විනිවිදභාවයෙන් යුත් පරික්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව එම සංගමය පෙන්වා දෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...