අනුර ව්‍යසනයෙන් විපතට පත් නිවසක අවුරුදු සමරද්දී තවත් පිරිසකට උන්හිටි තැනවත් නැහැ

ජනාධිපතිවරයා විසින් දිත්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවසක අලුත් අවුරුදු සැමරීම බොරු රඟපෑමක් බවට සමාජ මාධ්‍ය හරහා චෝදනා එල්ල වෙමින් තිබේ. එයට හේතුව තවමත් දිත්වා සුළි කුණාටුවෙන් වන්දි නොලැබූ විශාල පිරිසක් සිටියදී ජනාධිපතිවරයා එම ප්‍රශ්න සියල්ල විසඳූ ආකාරයට හැසිරී ඇති බව ඔවුන්ගේ අදහසයි .

මෙහිදී එම පිරිස් සඳහන් කරන්නේ විශේෂයෙන් කඳුකර තමිල් ප්‍රජාව ජීවත්වූ ප්‍රදේශවල හානියට පත්වූ නිවාසවල ජීවත් වූ ජනතාව තවමත් මූලික පහසුකම් හෝ නොමැතිව තාවකාලික කුඩාරම්වල දිවිගෙවන බවයි.

ඒ සඳහා ඔවුන් ඩේලි මිරර් පුවත්පත් වාර්තාවක් ද උපුටා දක්වා තිබේ.

එම වාර්තාවෙන් ව්‍යසනයෙන් සිදුවූ හානිය හමුවේ වන්දි ලබාගැනීමට සුදුසුකම් ලැබූ පිරිස සහ එම වන්දි ලබාගත් පිරිස මෙන්ම මාර් තු 20 වැනිදා වනවිට එම වන්දි නොලැබුණු ප්‍රමාණයද දක්වා තිබේ.

එම වගුව පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...