ඉතාලියේ ජීවත් වන මිලියන හයක් වන විදේශිකයන් අතර ශ්‍රී ලංකාවට හිමිවන්නේ 15වන ස්ථානය. 

Date:

ඉතාලියේ ජීවත් වන විදේශිකයන් සම්බන්ධයෙන් පුළුල් සමීක්ෂණ වාර්තාවක් මාර්තු මුල් සතියේ ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා. මේ සමීක්ෂණ වාර්තාව පදනම් වෙන්නේ 2025 ජනවාරි පළමු දාටය . ඊට අනුව ඉතාලි ජනගහනයෙන් 9.1% ක් විදේශිකයන් වෙනවා . දළ වශයෙන් ඉතාලියේ සමස්ත ජනගහනය මිලියන 60 කට ආසන්නයි . ISMU සමීක්ෂණයට අනුව ඉතාලියේ ජීවත් වන විදේශිකයන් ප්‍රමාණය මිලියන 6 කට ආසන්නය . සංඛ්‍යාත්මකව එය 5,898 .000 වෙනවා. 5,371,000 ක් ඉතාලියේ ස්ථිර පදිංචිකරුවන් වන අතර තාවකාලික පදිංචිකරුවන් 188,000 ක් සහ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 339,000 ක් මීට ඇතුළත් වෙනවා . 2024 ජනවාරි පළමුදාට නිම කළ සමීක්ෂණ වාර්තාවෙන් වසරකට පසුව 143,000 කින් විදේශික ජනගහනයේ වර්ධනය කැපී පෙනෙන ලක්ෂණයකි .

ඉතාලියේ ජීවත් වෙන විදේශික ජනගහන ඝනත්වය

ඉතාලියේ ජීවත්වෙන විදේශික පදිංචිකරුවන්ගේ වගුවේ ඉහළින්ම සිටින්නේ රුමේනියානු ජාතිකයන්ය . එම ජනගහනය මිලියන 1.53 කි . පෝලන්ත ජාතිකයන් 72,000 ක් පමණද ජීවත්වනවා . මේ රටවල් දෙකම යුරෝපා සංගමයේ හවුල්කාර රටවල්ය . ඉතාලියේ ජීවත් වන විදේශිකයන් අතර දෙවන ස්ථානයේ සිටින්නේ 414,000 කින් සමන්විත ඇල්බේනියානු ජනතාවයි. තුන්වන ස්ථානය නියෝජනය කරන්නේ 412,000 ක් සිටින මොරොක්කෝ වන අතර චීන ජාතිකයන් 311,000 ක් හතරවන ස්ථානයේ සිටියි . පස්වන ස්ථානය යුක්රේනයට හිමිවන අතර ඉතාලියේ පදිංචි පුද්ගලයින් සංඛ්‍යාව 287,000 කි. ඉතාලියේ ජීවත් වන යුක්රෙන් ජාතිකයන්ගෙන් වැඩිම පිරිස කාන්තාවන්ය.

ඉතාලියේ ජීවත් වෙන විදේශික ජනගහන ඝනත්වයට අනුව ලංකාවට හිමිවන්නේ 15 වන ස්ථානයයි . ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය 113 705 කි . බංග්ලාදේශ ජාතිකයන් දෙලක්ෂ විසිදහකට ආසන්නය . ඉන්දියන් පකිස්තාන් යන දෙරට අපට වඩා ඉහලිනුත් බංග්ලාදේශයට වඩා පහළිනුත් නියෝජනය වෙනවා.

ඉතාලියේ ජීවත් වන විදෙස් කාන්තාවන්ගේ ප්‍රතිශතය

ඉතාලියේ ජීවත් වෙන විවිධ විදේශික ජාතීන් අතර වැඩිම කාන්තා ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ යුක්රේනයේ 74.9% ක් වන කාන්තාවන් ය. පෝලන්ත ජාතිකයින්ගෙන් කාන්තාවන් 74.2% ක් සහ මෝල්ඩෝ ජාතිකයන්ගෙන් කාන්තා ප්‍රතිශතය 66.6% ක් ය. ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ ප්‍රතිශතය 47 .80% ක් වන අතර ශ්‍රී ලංකාව පසු වන්නේ එම වගුවේ දහවන ස්ථානයේය .

රැකියා සම්බන්ධයෙන් ගත් කල විදේශිකයන් මිලියන 2.4 ක් ඉතාලියේ සේවය කරනවා. 2024 යාවත්කාලීන කරන ලද දත්තවලින් පෙන්නුම් කරන්නේ විදේශිකයන් රටේ ශ්‍රම බලකායෙන් 10.6% ක් නියෝජනය කරන අතරම ඔවුන් රැකියා විරහිතයින්ගෙන් 16.9% ක් ද නියෝජනය කරන බවයි . නිරපේක්ෂ වශයෙන් ගත් කල, විදේශිකයන් 278,000 ක් ඉතාලියේ ජීවත් වන අතර රැකියාවක් සොයන නමුත් එය සොයාගත නොහැක. මේවාට අමතරව මිලියන 1.2 ක් අක්‍රිය වන අතර එය ඉතාලි මුළු ජනගහනයෙන් 9.7% ට සමාන වේ.

ඉතාලියේ ජීවත් වන විදේශිකයන්ගේ ආගමික පදනම

ඉතාලියේ ජීවත් වන විදේශිකයින්ගෙන් 31% ක් මුස්ලිම් ආගමිකයන්ය. ක්‍රිස්තියානි ඔතඩොක් ආගම අදහන අය 28.6% ක්ද කතෝලිකයන් 16.6% සිටිති. බෞද්ධ ධර්මය අදහන අයගේ ප්‍රතිශතය 3.30 % කි . මෙහි බහුතර නියෝජනය ශ්‍රී ලාංකීය බෞද්ධයන්ය . ඉතාලියේ වෙසෙන විදේශිකයින්ගෙන් 9.4% ක් කිසිදු ආගමක් ප්‍රකාශ නොකර සිටිමද සුවිශේෂි තත්ත්වයකි.

2003 දී ඉතාලි පුරවැසිභාවය නොමැති සිසුන් සිටියේ 3.5% ක් පමණි. වසර විස්සකට පසු ඒ තත්වය තුන් ගුණයකටත් වඩා වැඩි වී ඇති අතර 2022/2023 නව පාසල් වර්ෂය තුළ ප්‍රවේශය ලබාගත් දරුවන් සංඛ්‍යාව 930,000 කි . 2023 සැප්තැම්බර් වන විට එය සමස්ත පාසල් දරු දැරියන්ගේ ප්‍රතිශතයෙන් 11.6% දක්වා ළඟා වී තිබේ. 2015 සහ 2024 අතර කාලය තුළ වයස අවුරුදු 20 ට අඩු විදෙස් දරු දැරියන් 622,000 කට පුරවැසිභාවය හිමිවෙලා තියෙනවාට.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...