ගුරුවරුන් 10කට වඩා අඩු පාසල් 3,000ක්

ශ්‍රී ලංකාවේ රජයේ පාසල් පද්ධතිය තුළ පවතින දැඩි ගුරු හිඟය පිළිබඳව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම සංගණනයකින් තැතිගන්වනසුලු තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

2025 වසරේ දත්තවලට අනුව දිවයින පුරා පවතින රජයේ පාසල් 10,047ක් අතරින් පාසල් 3,065කම සේවය කරනු ලබන්නේ ගුරුවරුන් 10 දෙනෙකුට වඩා අඩු පිරිසකි. වඩාත්ම පුදුමයට කරුණ වන්නේ එලෙස ගුරුවරුන් 10ට අඩු පාසල් අතර එක් ජාතික පාසලක් ද ඇතුළත් වීමයි.

එමෙන්ම පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව ද කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව වාර්තා වේ. රජයේ පාසල් 1,645ක ශිෂ්‍ය සංඛ්‍යාව 50ට වඩා අඩු මට්ටමක පවතින අතර, තවත් පාසල් 1,648ක ශිෂ්‍ය පිරිස 51ත් 100ත් අතර වේ. මීට අමතරව 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී පළමුවන ශ්‍රේණියට ඇතුළත් වූ දරුවන්ගේ සංඛ්‍යාව ද පහත වැටී ඇති අතර, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2025 වසරේදී පළමු ශ්‍රේණියට ඇතුළත් වී ඇත්තේ සිසුන් 266,281ක් පමණක් බවයි.

ග්‍රාමීය මෙන්ම නාගරික ප්‍රදේශවල ද පාසල් පද්ධතිය මුහුණ දී ඇති මෙම සම්පත් හා ශිෂ්‍ය ඌනතාව අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මේ සඳහා ආණ්ඩුවේ පිළිතුර වී ඇත්තේ සිසුන් 50ට අඩු පාසල් වසා දැමීමයි. සම්පත් සහ ගුරු හිඟය ආණ්ඩුවට අදාළ වී නැත.
වසා දමන පාසල්වල දරුවන්ට නාගරිකව පවතින පාසලකට යාහැකි බව ආණ්ඩුව පවසයි. නමුත් දුරින් පිහිටි පාසලකට යාමේදී දරුවෙකුට දරන්න වෙන වියදම සහ අනෙකුත් සමාජ කාරණා ගැන ආණ්ඩුව තැකීමක් නොකරන බව පෙනෙන්නටතිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ප්ලාස්ටික්වලට විරුද්ධ යුද්ධය

ප්ලාස්ටික් වලට විරුද්ධව යුද්ධ කරන්න ඕනෙ ප්ලාස්ටික් නිෂ්පාදක සහ...

2025 අයවැයේ 40% ක්‍රියාත්මක කර නැහැ

2025 අයවැයේ එන ඉහළ මුදලක් වෙන්කර ඇති අයවැය පොරොන්දු...

ඉතාලියේ සෞඛ්‍යය සහ ආරක්ෂක වියදම්

සෞඛ්‍ය ප්‍රතිපාදන  ඉතාලි රජයේ 2027 අයවැය කෙටුම්පත මඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රය...

පන්ති සටන මර්දනය කිරීමට මර්දන පනත් හදනවා – ශාන්ත විජේසූරියගෙන් ආණ්ඩුවට චෝදනාවක්

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මර්දනකාරී පනත් කිසිදු...