ඩුබායිහි දී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආවේ නීතිපතිගේ පෞද්ගලික ලේකම්ගේ නෑනණ්ඩිය.

Date:

ඩුබායි හි දී අත්අඩංගුවට පත්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවට රැගෙන එන ලද, මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ රතු වරෙන්තු පිට සිටි කාන්තාව කවුරුන්ද යන්න ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් අපට වාර්තා වී තිබේ.

ඇය නීතිපති පාරින්ද රණසිංහගේ පෞද්ගලික ලේකම්වරිය වූ මෙලනි ද සිල්වාගේ නෑනණ්ඩිය මෙන්ම, හිටපු අමාත්‍ය ටිරාන් අලස්ගේ හා තනතුරෙන් පහකරන ලද පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ නියමයෙන් W 15 හෝටලයට නීති විරෝධී ප්‍රහාරයක් එල්ලකිරීමට කොළඹ සිට ගිය පොලිස් කණ්ඩායමේ නායකයා වූ, කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වාගේ භාර්යාව වූ ද, හේවා කසකාර රූපා නිශාමනී ද සිල්වා නමැත්තිය යි. ඇය කලක් අබු ඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ගිණුම් ලිපිකාරිණියක වශයෙන් සේවය කරන ලද තැනැත්තියකි.‍

ශ්‍රී ලංකාව තුළ බරපතල අපරාධ කටයුතුවලට සෘජුවම සම්බන්ධ වී ඩුබායි වෙත පලා ගොස් සිටි බව කියන සැකකරුවන් දෙදෙනෙකු සමඟ මේ තැනැත්තිය අද දින ශ්‍රී ලංකාවට රැගෙන එන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසිනි.

W 15 හෝටලයට වෙඩිතැබීමේ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන මෙන් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටින්නැයි නීතිපතිවරයාට කැරුණු ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා මේ දක්වා නිසි ක්‍රියාමාර්ග නොගැනීමට ප්‍රධාන හේතුවක් වන්නේ, ඒ නඩුවේ චූදිතයකු වන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වාගේ නැගණිය වන මෙලනි ද සිල්වා නීතිපතිගේ පෞද්ගලික ලේකම් තනතුරේ සිටීම යයි නීතිපති දෙපාර්තමේන්තුව තුළ බලවත් රාවයක් පවතී.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේ දී රැගෙන එන්නෙමු.

සේයාරුව – ‍ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙනි.

Sanath Balasooriya

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...