චන්න ජයසුමනලා ඉන්න තරමට ආණ්ඩුවට ලේසියි

Date:

සෞඛ්‍ය අධ්‍යාපනය හය ශ්‍රේණියේ සිට නිවැරදිව ඉගෙන්නුවොත්, පැලෝපීය නාලය මිරිකා මව්වරුන් වඳ කිරීමට නොහැකි බවට දරුවන්ට ඉගෙනගත හැකි බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසා තිබේ.

රූපවාහිනී නාලිකාවක ඊයේ (13) පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, රටේ මව්වරුන් 4,000ක් වඳ කළ බවට වෛද්‍ය සාෆි ශිහාබ්ට එරෙහිව එල්ල වූ චෝදනා විද්‍යාත්මකව අසත්‍ය බවත්, එවැනි මිථ්‍යාවන්ට ජනතාව හසු නොවීමට නම් නිවැරදි සෞඛ්‍ය අධ්‍යාපනයක් දරුවන්ට ලබා දිය යුතු බවයි.

මෙහිදී නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ ප්‍රකාශයට බාධා කරමින් චන්න ජයසුමන මහතා ප්‍රශ්න කර සිටියේ, “පැලෝපීය නාලය මිරිකා වඳ කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් පවා පෙන්වා දී තිබියදී වෛද්‍යවරයෙකුද වන අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එය ප්‍රතික්ෂේප කරන්නේ මූලික වෛද්‍ය විද්‍යාවවත් නොදන්නා නිසාවෙන්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින්, “සාෆි වඳ කළා කියලා එදා ඔබලාගේ ආණ්ඩුවක් යටතේ ඔප්පු කළාද? සාෆි දැන් හිරේද? සිංහල මව්වරුන් වඳ කළා කියන කතාව මූලිකවම ප්‍රචාරය කළේ ඔබ නේද?” යනුවෙන් නලින්ද ජයතිස්ස ප්‍රශ්න කර තිබේ.

ඉන් අනතුරුව බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් එම චෝදනා ඔප්පු කිරීමට කටයුතු නොකළේ මන්දැයි අමාත්‍යවරයා එහිදී චන්න ජයසුමන ගෙන් විමසා ඇත.

චන්න ජයසුමන ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ එවකට තමන් නීතිමය ක්‍රියාවලියට බලපෑම් කිරීමට ඉදිරිපත් නොවූ බවයි.

නලින්ද ජයතිස්ස ඇමතිවරයා මේ මතුකරන කාරණයේ සත්‍යයක් තිබේ. නමුත් මෙම රූපවාහිනී වැඩසටහනේ අරමුන වී තිබුනේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන ගැන කතා කිරීමයි. එයට ඇති සැබෑ විවේචන ගෙන ඒමට ඡන්න ජයසුමනලාට අවශ්‍ය නැත. ආණ්ඩුව ඉන් ප්‍රයෝජන ගනිමින් විපක්ෂයේ මෝඩකම්වල පමණක් එල්ලී සිටියි.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...