ත්‍රීමලේ සිසු ඝාතනයට වසර 20ක්

ත්‍රීකුණාමල සිසුන් 5 දෙනෙකු ඝාතනයට ලක් කිරීමේ සිදුවීමට අදාළව යුක්තිය ඉටු නොවී වසර 20ක් ගතව තිබේ.

මනෝහරන් රජිහර්, යෝගරාජා හේමචන්ද්‍ර, ලෝගිදරාජා රෝහන්, තංගදුරෙයි සිවානන්දා සහ ශන්මුගරාජා ගජේන්ද්‍රන් යන විසි වියැති තරුණයන් පස් දෙනායි ත්‍රිකුණාමලයේ වෙරළබඩ ගාන්ධි ප්‍රතිමාව අසල දී 2006 ජනවාරියේ දී ඝාතනයට ලක්වී තිබුණි.

සිසුන් පස් දෙනා අත් බෝම්බයක් දමා ගැසීමට උත්සාහ කිරීමේ දී එය ඔවුන් ‘අතේ ම පුපුරා යාම’ නිසා මෙම මරණ සිදු වූ බවයි පෙර පරීක්ෂණයේ දී ප්‍රකාශයට පත් වී තිබුණි..

නමුත් මළ සිරුරුවල වෙඩි සලකුණු ඇති බවට සාක්ෂි ඉදිරිපත් වීමෙන් අනතුරුව ඒ පිළිබඳ ව යළි පරීක්ෂණයක් පවත්වන ලෙසට මානව හිමිකම් සංවිධාන වලින් රජයට බලපෑම් එල්ල විය.

මියගිය සිසුවෙකුගේ පියෙකු වූ වෛද්‍ය මනෝහරන් සිසුන්ගේ මෘතදේහ හඳුනාගැනීම සඳහා මෘත ශරීරාගාරයට ගිය අවස්ථාවේ ඔවුන්ගේ සිරුරුවල තිබූ වෙඩි උණ්ඩ සලකුණු පිළිබඳව නිරීක්ෂණය කර තිබිණි.

ඉන්පසු මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුගීර්දරාජන් සුඩර්ඔලි පුවත්පත මගින් ඡායාරූප සහිතව අනාවරණය කරන ලද්දේ මේ ඝාතන වෙඩි තැබීමෙන් සිදු කළ ඒවා බවයි. ඊට දින කිහිපයකට පසු අධිආරක්ෂිත කලාපයකදී සුගීර්දරාජන් ඝාතනය කෙරිණි. සුගීර්දරාජන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ද කිසිදු විධිමත් විමර්ශනයක් සිදු වූයේ නැත.

සිසු ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ 12 දෙනකු අත්අඩංගුවට ගත්තද, එම නීති කටයුතු ඉදිරියට ගියේ නැත.

වෛද්‍ය මනෝහරන් මේ සිදුවීමට යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සටනක නිරත වූ අතර, ඔහු යුක්තිය නොලබාම පසුගිය වසරේ මියගොස් තිබුණි.

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...