අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඇත්ත ප්‍රශ්නය යට ගැසීමේ ‘කුමන්ත්‍රණය’

ජාතික අධ්‍යාපන ආයතනය (NIE) මගින් සකස් කරන ලද 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත් වීම සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ විවිධ අදහස් සමාජය තුළ මතුවෙමින් තිබේ.

එහිදී විපක්ෂයේ ඇතැම් පිරිස් චෝදනා කරන්නේ මෙය අගමැතිවරිය විසින් සිය ලිංගික නැමියාවන් ප්‍රවර්ධනයට යොදාගන්නක් බවයි. එසේම ඇතැම් හාමුදුරුවරුන් අගමැතිවරිය කසාදබැඳිය යුතු බවත් දරුවන් හදිය යුතු බවටත් උපදෙස් දෙමින් සිටියි.

මේ අතර ජාතික අධ්‍යාපන ආයතන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ සිය ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන නිල විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඇය ඊයේ(01) මෙලෙස සිය ධුරයෙන් ඉවත්ව සිටීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම පිටුපස කිසියම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් පවතින්නේද යන්න සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන ලේකම් නාලක කලුවැව පවසා ඇත්තේ මෙය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ පිරිස් වල කුමන්ත්‍රණයක්දැයි සැකයක් පවතින බවයි.

මෙම තත්ත්වය හමුවේ ආණ්ඩුව මෙය කුමන්ත්‍රණයක් ලෙසත් විපක්ෂය මෙය ලිංගික නැමියාවන් පිළිබඳ ප්‍රශ්නයක් ලෙසත් චෝදනා කිරීම හේතුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ ඇත්ත ප්‍රශ්නය යට යමින් තිබේ.

මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා අධ්‍යාපනයේ වගකීමෙන් රජය ඉවත්වීමේ දේශපාලන ප්‍රශ්නය අවධානයෙන් ගිලිහෙමින් පවතියි.

මෙම ප්‍රතිසංස්කරණය මේ ගෝඨාභය රාජපක්ෂ පත්කල උපාලි සේදර කමිටුව විසින් සකස් කළ එකකි. එසේම මෙහි ඇතැම් යෝජනා සකස් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ සමයේ නිර්මාණය කළ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ කොටස් රැගෙනයි.

සත්‍ය ලෙසම කුමන්ත්‍රණය කරමින් සිටින්නේ ආණ්ඩුව සහ විපක්ෂයයි. එය නම් අධ්‍යපන ප්‍රතිසංස්කරණවල ඇත්ත ප්‍රශ්නය වෙනත් වල් භූත ඉදිරියට දමා වසා දැමීමයි

ලංකාව අනිවාර්යයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වෙත යායුතු වුවත් එය සකස් කළ යුත්තේ අධ්‍යාපඥයන් හා විෂය ප්‍රවීණයන්, විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්, පාසල් ගුරුවරුන්, සිසුන් සහ දෙමව්පියන් සහභාගී කරගත් පුළුල් සංවාදයක් ඇසුරිනුයි. එහිදී ලෝකයේ අනෙක් රටවල මේ සම්බන්ධ අත්දැකීම් අප විසින් සමාලෝචනය කරගත යුතුයි. එසේම එය කිරීම සඳහා අධ්‍යාපනය සඳහා වන රජ්‍ය ප්‍රතිපාදන ඉහළ නැන්වීමටද අවශ්‍ය වේ.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...