නව වසරේ ‘තෑගි’ – විදුලි බල මණ්ඩලය පුද්ගලීකරණයට අමතරව විදුලි බිලේ වැඩිවීමක්

Date:

2026 පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට (PUCSL) යෝජනාවක් ඉදිරිපත් කර ඇත. මෙම යෝජනාව අනුව විදුලි ගාස්තු 11.57% කින් වැඩි කිරීමට අපේක්ෂා කරයි.

PUCSL ලේඛනවලට අනුව, මෙම සංශෝධනය 2026 ජනවාරි සිට මාර්තු දක්වා විදුලි පරිභෝජනයට අදාළ වන අතර ගෘහස්ථ, ආගමික, කාර්මික, වාණිජ සහ අනෙකුත් පාරිභෝගික කාණ්ඩ සඳහා බලශක්ති ගාස්තු සහ ස්ථාවර මාසික ගාස්තු යන දෙකටම ගැලපීම් ඇතුළත් වේ.

යෝජනාව යටතේ, ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ට ඒකක අනුපාත සහ ස්ථාවර මාසික ගාස්තු යන දෙකෙහිම වැඩිවීම්වලට මුහුණ දීමට සිදුවනු ඇත.

ජාතික ජන බලවේගය ආණ්ඩුව පත්වූ වහාම සියයට 22න් පමණ විදුලි බිල අඩුකිරීමක් සිදුකළ අතර ඉන් පසු 2025 වසරේ නැවත විදුලි බිල වැඩි කරන ලදී.

දැන් නැවතත් විශාල විදුලි බිල වැඩිකිරීමක් කිරීමට ආණ්ඩුව සැරසෙයි. මේ සියල්ල සිදුවන්නේ ජනතාවගෙන් විශාල පිරිසක් ව්‍යසනයකට ගොදුරුවී ජිවන මාර්ගවලට බාධා ඇතිවී තිබෙන කාලයක වීම විශේෂත්වයකි.

මේ අතර අලුතෙන් ගෙනා ශ්‍රී ලංකා විදුලිබල පනතේ ප්‍රතිපාදනවලට අනුව ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ස්වාධීන සමාගම් හයක් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණාත්මක පියවර පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

මේ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ වත්කම් නව සමාගම් වෙත පැවරීම මේ අනුව සිදු වෙනු ඇති අතර ඊට අදාළ කටයුතු පෙබරවාරි පළමුවෙනිදාට පෙර අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යංශය දැනුම් දී තිබේ. බලශක්ති අමාත්‍යංශයේ ලේකම් උදයංග හේමපාල විසින් ලංකා විදු බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා වෙත ලිඛිතව මෙම දැනුම්දීම සිදු කර ඇතැයි පැවසේ. අදාළ සමාගම් වලට කාර්ය මණ්ඩලය යොමු කිරීමද මේ වන විට සිදු කර ඇති අතර ඒ සඳහා අකමැති පුද්ගලයින්ට කැමැත්තෙන් විශ්‍රාම යාම සඳහා අවස්ථාව සලසා ඇත.

ඒ අනුව පෙබරවාරි 01 දින සිට දැනට පවතින විදුලිබල මණ්ඩලයේ ව්‍යුහය වෙනස් වී, එය ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් ලෙස වෙන් වූ රජයට අයත් සමාගම් 06ක් යටතට පත් වනු ඇත.

මෙම ක්‍රියාවලියත් සමඟ මණ්ඩලයේ සේවකයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩපිළිවෙළක් (VRS) ද දියත් කර ඇත.

ඊට අමතරව මෙම ක්‍රියාවලිය යටතේ මහජන උපයෝගීතා කොමිසමේ බලතලද අඩු වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...