Breaking News

IMF කියනවට වැඩිය කරන්න සුදානම් – ජනාධිපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (07දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවෙනි වාරිකය ලබා දීමට පෙර පැවැත්වෙන පස්වැනි සමාලෝචනයේ මධ්‍යම අදියර වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්විය.

ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබූ රට ඉන් මුදා ගෙන සංවර්ධනය කරා රැගෙන යාම රජයේ ප්‍රධාන අරමුණක් බවත්ල ඒ සඳහා උපායමාර්ගික වැඩ පිළිවෙලක් රජයට පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පැවසීය.

එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමේ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහාය ඉතා අගය කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත .

ආර්ථික පුනර්ජීවනයක් අත්පත් කර දිය හැකි රටක් ලෙස මේ රට සංවර්ධනය කිරීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති ඉලක්ක ද අභිබවා යාමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන ඇති බවත්ල ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් රජය සතුව ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත .

ආර්ථික පුනර්ජීවනයක් අත්කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට නම් දේශීය හා විදේශීය ආයෝජකයින් තවදුරටත් කැඳවා ගත යුතුව ඇති බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායකඒ වෙනුවෙන් ආයෝජනයට හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය කළ යුතුව ඇති බවද අවධාරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජාත්‍යන්තර අරමුදල ලබාදී ඇති ඉලක්ක වන්නේ රාජ්‍ය වියදම ආණ්ඩුකාර ගැනීම සඳහා රාජ්‍ය මගින් දරමින් සිටින සුබ සාධන කප්පාදු කරන ලෙසයි. විදෙස් ආයෝජන සඳහා බදු සහන ලබාදෙන ලෙසයි. පාඩු ලබන රාජ්‍ය ආයතන වසා දමන ලෙසයි. රටේ කම්කරු නීති වෙනස් කරන ලෙසයි. ජනාධිපතිවරයා එම ඉලක්කද අභිබවා යන බව පවසන්නේ ජනතාවට තව තවත් බර පැටවීම මිස වෙන යමක් නොවේ.

leave a reply