ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ පළමු අදියර ආරම්භ කර තිබේ. එකම වෙනසකට ඇත්තේ ආණ්ඩුව පෞද්ගලිකරණය යන වචනය වෙනුවට ආණ්ඩුව ප්‍රතිව්‍යුහගතකරණය යන වචනය පාවිච්චි කිරීම පමණි.
ඒ අනුව ලංකා විදුලිබල නව පනතේ ප්‍රතිපාදන මත ලංකා විදුලි බල මණ්ඩලය සාමාගම් 4 කට ප්‍රතිව්‍යුහගතකර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
ජනන, බෙදාහැරීම්,සම්ප්‍රේෂණ හා ජාතික පද්ධති ක්‍රියාත්මක කිරීමට අදාළව අදාළ සමාගම් පිහිටුවා ඇති බව පැවසේ.
එම සමාගම් වන්නේ නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ්, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හා ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනයි. මේවා සමාගම් පනත යටතේ වෙනම සමාගම් ලෙස ක්‍රියාත්මක වේ.
මේවා කොටස් වෙළඳපොළට නිකුත් කරන්න ඉඩ සැලසෙන බව ආණ්ඩුව සඳහන් කරන නැත.
විදුලිබල මණ්ඩලයේ දැනට සිටින සේවකයින්ට එම සමාගම්වලින් තමන් කැමති සමාගමකට අනියුක්ත වීමට ඉල්ලුම් කළ හැකියි.
ඒ සඳහා අද(27) සිට මාස දෙකක කාලයක් ලබා දී ඇත.
සියලු සේවකයින්ට ඒ පිළිබඳ දැනුම් දෙන බවද බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
රාජ්‍ය හිමිකාරීත්වය සහිත එම සාමාගම්වලට සේවයකයින්ට සිය අභිමතය පරිදී ඇතුළත් විය හැකියි.
එලෙස නව ආයතන සඳහා බැඳීමට අකමැති සේවකයින් වන්දි ක්‍රමයක් යටතේ විශ්‍රාම ගැන්වීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කර තිබේ. නමුත් සේවකයන්ගේ වැටුප්තල – දීමනා – සේවා කොන්දේසි වෙනස් වේද, නොවේද යන්න මේ සංශෝධන පනත් කෙටුම්පතට අනුව දැන ගැනීමට ලැබෙන්නේත් වසර දෙකකට පසුවයි.
2025 මැයි 16 දිනැතිව ජාතික ජන බලවේග ආණ්ඩුව ‘ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන)’ නමින් සම්මත කළ පනත යනු 2024 ජුනි මාසයේදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ විදුලි බල ඇමති කාංචන විජේසේකර විසින් සම්මත කළ 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතට යම් වෙනස්කම් සිදු කර එය නීතිගත කිරීමක් මිස අන් යමක් නොවේ.
ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකා වල පැවසුවේ කාංචනගේ පනත තමන් බලය ගැනීමෙන් අනතුරුව වහාම සම්පූර්ණයෙන් අහෝසි කරන බවයි. ජවිපෙ වෘත්තීය සමිතිය මේ පනත සම්මත කරන මොහොතේ විදුලි බල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටට ගිහින් පනතේ පිටපත් ගිනි තැබීම පවා සිදු කළා. මේ පනතට එරෙහිව පාර්ශව ගණනාවක් අධිකරණයට ගිය අතර ඉන් එක් පාර්ශවයක් වූවේ ජාතික ජන බලවේගයයි.