Tag: tariff

  • ලංකාව නැවත ට්‍රම්ප්ගේ බදු දැලේ පැටලෙයිද?

    ලංකාව නැවත ට්‍රම්ප්ගේ බදු දැලේ පැටලෙයිද?

    ලංකාව විසින් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කර තීරු බදු ප්‍රතිශත අඩුකරගත් බව පැවසුවත් දැන් නැවතත් වෙනත් වටයකින් තීරු බදු වැඩිවීමේ අවදානමක් මතුව තිබේ.

    ඇමරිකානු තාක්ෂණික සමාගම් සඳහා ඩිජිටල් සේවා බදු හෝ ඒ ආශ්‍රිත රෙගුලාසි අය කරන රටවලට තීරුබදු පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (26) තර්ජනය කර ඇත.

    ඇල්ෆබෙට්, මෙටා සහ ඇමේසන් වැනි ප්‍රධාන සමාගම් ඉලක්ක කර ගනිමින් බදු අඩු කරන ලෙස වෙළඳ හවුල්කරුවන්ට බලපෑම් කිරීම ඔහුගේ අරමුණයි බව බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව, එවැනි නීති ඉවත් නොකළහොත් දඬුවම් ලැබෙනු ඇතැයි ඇමරිකන් ජනාධිපතිවරයා පවසා තිබේ.

    ඇමරිකානු තාක්ෂණික ක්ෂේත්‍රයේ සමාගම්වලට බදු පනවන රටවලට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලෙස නැඟී සිටින බව එම ට්‍රම්ප් සඳහන් කරයි. මේ ආකාරයට ඩිජිටල් සේවා බදු අය කරන රටවල් අතරට ශ්‍රී ලංකාවත් අයත් ය.

    ඊයේ දින ඔහුගේ truth මාධ්‍ය ඔස්සේ ට්‍රම්ප් මෙසේ සඳහන් කර තිබුණා.

    “ඩිජිටල් බදු, ඩිජිටල් සේවා නීති සම්පාදනය සහ ඩිජිටල් වෙළඳපොළ රෙගුලාසි සියල්ලම ඇමරිකානු තාක්ෂණයට හානි කිරීමට හෝ වෙනස් කොට සැලකීමට නිර්මාණය කර ඇත,”.

    “ඔවුන් ද, කෝපයෙන්, චීනයේ විශාලතම තාක්ෂණික සමාගම්වලට සම්පූර්ණ අවසරය ලබා දෙයි. මෙය අවසන් දැන්ම අවසන් කළ යුතුය!”

    ඩිජිටල් සේවා බද්දක් (DST) යනු රටවල් දේශීය පරිශීලකයින්ට ඩිජිටල් සේවා සැපයීම සඳහා විශාල තාක්ෂණික සමාගම් මත පනවන ආදායම් මත පදනම් වූ බද්දකි.

    DST යනු ආදායම් බදු, මාර්ගගත විකුණුම් බදු හෝ වැට් බදු නොවේ. ලාභ මත පදනම් වූ සාම්ප්‍රදායික ආයතනික ආදායම් බදු මෙන් නොව, DST සාමාන්‍යයෙන් දළ ආදායම් මත ගණනය කෙරේ. මෙයින් අදහස් කරන්නේ සමාගමක් මාර්ගගත වෙළඳ දැන්වීම්, ඩිජිටල් වෙළඳපොළවල් හෝ පරිශීලක දත්ත විකිණීම වැනි ඩිජිටල් ක්‍රියාකාරකම් වලින් උපයන මුළු ආදායම ලාභදායිතාවය නොසලකා බදු අය කරන බවයි.

    ඩිජිටල් සමාගම් ක්‍රියාත්මක වන රටවලට, සමාගම්වල භෞතික පැවැත්ම නොසලකා, දේශීය පරිශීලකයින්ගෙන් උපයන ආදායම් සඳහා බදු අය කළ හැකි බව සහතික කිරීම සඳහා, 2018 සිට DST වැඩි වැඩියෙන් ක්‍රියාත්මක කර ඇත.

    ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය ඇතුළු OECD රටවල් පහළොවක්, ඉන්දියාව, බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව වැනි OECD නොවන රටවල් සමඟ එක්ව, DST හඳුන්වා දීම හෝ එම රටවල් වල පැනවීමට යෝජනා කර ඇත.

    බොහෝ රටවල් තම වෙළඳපලවල ක්‍රියාත්මක වන ඩිජිටල් සමාගම්වලින් ආදායම ලබා ගැනීම සඳහා මෙම බදු සම්මත කර ගෙන ඇත, නමුත් ට්‍රම්ප් තර්ක කරන්නේ ඒවා ඇමරිකානු සමාගම් හුදකලා කර ඇමරිකාවේ තාක්ෂණ නායකත්වයට හානි කරන බවයි.

  • ඉන්දියාවට තීරු බදු වැඩිවෙද්දී ලංකාවේ අපිට සිහිවිය යුතු දෙය

    ඉන්දියාවට තීරු බදු වැඩිවෙද්දී ලංකාවේ අපිට සිහිවිය යුතු දෙය

    ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට පනවා තිබූ තීරු බද්ද තවත් වැඩි කරමින් ඉන්දියාවෙන් පළිගැනීමට තීරණය කර තිබේ. ඒ සමඟම ලංකාවේ බදු ප්‍රතිශතය අඩු කිරීම සඳහා එකඟවූ දේවල් මොනවාද යන්න ගැන නැවතත් සංවාදයක් ඇතිව තිබේ.

    ඉන්දියානු ජනාධිපතිනි දෞපදී මුර්මු එරට රුසියාවෙන් තෙල් මිලදී ගැනීම ගැන ඇමරිකාවෙන් එල්ල වූ විරෝධතාවය ප්‍රතිචාර දක්වා තිබුණි.

    දෞපදී මුර්මු පවසා තිබුනේ තමන්ගේ රට නියෝග පිලි නොපදින බවත් තීරණ පමණක් ගන්නා බවයි. එසේම රටේ මතය අනුව තමන් තෙල් සහ ගෑස් ගන්නේ කොහෙන්ද යන්න ගැන තීරණය කරන බවද ඇය පවසා තිබේ.

    ඒ අනුව ඉන්දියාවට අතිරේක 25%ක තීරු බද්දක් පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ඒ අනුව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (06) විධායක නියෝගයක් නිකුත් කරමින් මේ පිළිබඳව දැනුම් දී තිබේ.

    ඒ අනුව ඉන්දියාවෙන් එක්සත් ජනපදයට ආනයනය කෙරෙන ඉන්දියානු භාණ්ඩවලින් අය කෙරන මුළු තීරු බදු ප්‍රතිශතය 50%ක් දක්වා ඉහළ යනු ඇත. මෙම අතිරේක බදු පැනවීමත් සමග එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති ඉහළ ම තීරු බදු අනුපාත සහිත රටවල් අතරට ඉන්දියාවද එක් වේ. මෙම අතිරේක තීරුබදු නිසා ඉන්දියාව බ්‍රසීලය සමඟ ඉහළම බද්දට මුහුණ දෙන අතර, එමඟින් වියට්නාමය සහ බංග්ලාදේශය වැනි කලාපීය තරඟකරුවන්ට සාපේක්ෂව ඉන්දියාවට සැලකිය යුතු අවාසි සහගත තත්වයන්ට මුහුණ දීමට සිදු වනු ඇත.

    එම විධායක නියෝගයේ සඳහන් වන්නේ “මෙම නියෝගය නිකුත් කළ දින සිට දින 21කට පසු ඇමෙරිකාවේ නැගෙනහිර වේලාවෙන් පෙ.ව. 12:01ට හෝ ඊට පසු පරිභෝජනය සඳහා පැමිණෙන හෝ පරිභෝජනය සඳහා ගබඩාවලින් පිට කරනු ලබන භාණ්ඩ සම්බන්ධයෙන් නව තීරු බදු අනුපාතය ක්‍රියාත්මක වනු ඇත,” යනුවෙනි.

    ඒ අනුව මේ වන විට පනවා ඇති මූලික බද්ද අගෝස්තු 7 වන දින සිට ක්‍රියාත්මක වන අතර, අතිරේක බද්ද දින 21 කට පසු ක්‍රියාත්මක වේ.

    නමුත් ලංකාවට අදාළව ගතහොත් ට්‍රම්ප් විසින් පනවා තිබූ සියයට 40 ක බද්ද විටින් විට සියයට 20 දක්වා අඩුකර තිබුණි. දැන් මතුවන ප්‍රශ්නය වන්නේ ට්‍රම්ප් අපි ගැන දුක සිතීම සඳහා ලංකාව එකඟවූ දේවල් මොනවාද යන්නයි. ආණ්ඩුව මෙතෙක් එවැනි එකඟතාවයක් ගැන හෙළිකර නැත. ආණ්ඩුව පවසමින් සිටින්නේ එම අඩුකිරීම ආණ්ඩුවේ රාජතාන්ත්‍රික ගනුදෙනුවලදී දක්වන දක්ෂතාවය නිසා සිදුවූ බවයි. නමුත් ඉන්දියාවට බදු වැඩිකිරීම හරහා පෙන්නුම් කරන්නේ බදු ප්‍රතිශත තීරණය කරන්නේ යම් රටක් ඇමරිකාව කෙරෙහි දක්වන අවනත බාවය අනුව එය වෙනස් වෙන බවයි.

  • තීරු බදු සාකච්ඡා සාර්ථක බව පැවසීමේ තේරුම පැහැදිලි නැත

    තීරු බදු සාකච්ඡා සාර්ථක බව පැවසීමේ තේරුම පැහැදිලි නැත

    ඇමෙරිකා එක්සත් ජනපදය හා ලංකාව අතර පැවති තීරු බදු සම්බන්ධ සාකච්ඡා සාර්ථක බව ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල පැවසුවත් එම සාකච්ඡා සාර්ථකව වී නොමැති බව පෙනෙන්නට තිබේ. එයට හේතුව තීරු බදු පිළිබඳ අවසන් එකඟතාවයක් ඇතිකරගැනීමට නොහැකි වීමයි.

    වෙළඳ නියෝජිත කාර්යාලයේදී තීරුබදු පිළිබඳ අවසානාත්මක තීන්දුවක් ගැනීමට නොහැකි වී ඇති අතර, වෙළඳ ගිවිසුමක් ඇති කරගැනීම සහ ‍වෙළඳ පරතරය ඇති කරගැනීම පිළිබඳ ඉදිරියේදී සාකච්ඡා කිරීමට පමණක් එකඟ වී ඇති බව රජය නිකුත් කළ නිවේදනය අනුව පැහැදිලිවේ.

    වෙළඳ පරතරය අවම කරගැනීමට නම් ශ්‍රී ලංකාව මේ වන විට ඇමෙරිකාවට සිදු කරන අපනයන අඩු කර ගැනීමට හෝ, ඇමෙරිකාවෙන් භාණ්ඩ ආනයනය කිරීමට සිදුවනු ඇත. ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිතය, අපගේ ආර්ථික ශක්තිය මෙන්ම ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයන අතර වෙළඳ පරතරය සලකා බැලීමේදී දෙරට අතර වෙළඳ පරතරය අඩු කර ගැනීමේ යෝජනාව ශ්‍රී ලංකාවට පැහැදිලිව අවාසිදායක බව ආර්ථික විශේෂඥයන්ගේ අදහසයි.

    වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමටත්, ඉක්මනින් එම වෙළඳ ගිවිසුම අත්සන් කිරීමටත් එකඟ වී තිබුණද එම වෙළඳ ගිවිසුම පිළිබඳ තොරතුරු නිවේදනයේ සඳහන් කර නොමැත. නිදහස් වෙළඳ ගිවිසුමකදී තීරුබදු ප්‍රතිශතයන් වෙනස් විය හැකි නමුදු, එය නිශ්චිතව කිව හැක්කේ ගිවිසුමේ කරුණු සලකා බැලීමෙනි. එසේම වෙළඳ ගිවිසුමකදී එවැනි තීරුබදු සහනයක් ලැබෙන භාණ්ඩ හෝ සේවා මොනවද යන්න පැහැදිලි නැත.

    කෙසේවෙතත් ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් ගණනාවකට පනවා ඇති මෙම තීරුබදු මාස තුනක් දක්වා ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

    ශ්‍රී ලංකා දුත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු වූ බව එම නිවේදනයේ සඳහන් කර ඇත. ඒ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය නිකුත් කර තිබුණේ අප්‍රේල් 22 දිනැතිවය.