නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරණ පොතක කොපියක් – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මීට පෙර ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණවලම දිගුවක් බවට මුලින්ම චෝදනා ඉදිරිපත් කරනු ලැබුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ විසිනි. එහිදී ඔහු විසින් සමාගම් අධ්‍යක්ෂකවරු, පෞද්ගලික පාසල් හිමිකරුවන් ඇතුළු පිරිසකගේ නම් හෙළිකරමින් පැවසුවේ ඔවුන් විසින් එම ප්‍රතිසංස්කරණ සකස් කරන ලද බවයි.

එම කරුණ නැවත නැවත තහවුරු වෙමින් තිබේ.

2024 දී ජාතික අධ්‍යාපන කොමිසම විසින් නිකුත්කළ පොතේ ඇතුළත් නිර්දේශ අමුඅමුවේ ඇතුළත් කර වත්මන් ආණ්ඩුව එය තමන් හඳුන්වාදෙන යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස පවසන බව මහාචාර්ය අර්ජුන පරාක්‍රම පවසා ඇත.

2024 දී නිකුත්කළ පොතට අදාළ පර්‍යේෂණ සිදුකරනු ලැබුවේ 2021 සිට බවත්, ඒ කාලය වන විට වත්මන් ආණ්ඩුව සම්බන්ධව හීනයක් හෝ නොතිබූ බවත් මහාචාර්යවරයා සඳහන් කර තිබේ.

මහාචාර්ය අර්ජුන පරාක්‍රම මේ බව සඳහන් කර සිටියේ විද්වත් සභාවක දේශනයක් සිදුකරමිනි.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර 2024 දී නිකුත්කළ පොතක නිර්දේශ සහ අරමුණු තමන්ගේ ලෙස ඉදිරිපත් කළ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඇතුලු සෑම තැනකදීම “අපි වෙනස්, ඒගොල්ලෝ වගේ අපි රට විකුණන්නේ නෑ, අපි අධ්‍යාපනය විකුණන්නෙත් නෑ, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී ඉන්නවා” ආදී කතා කියමින් සිටින බවද මහාචාර්යවරයා පෙන්වා දී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...