‘ජනාධිපති සහෝදරයා’ හමුවීමට නොහැකිවූ පුද්ගලයෙක් ගෝල්ෆේස් ලයිට් කණුවක නැගලා

ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව පවසමින් ඊයේ(සෙනසුරාදා) ජනාධිපති ලේකම් කාර්යාලය අසල විදුලි පහන් කණුවකට නැගි වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැවසුවේ, එම පුද්ගලයා අඩි 20ක පමණ උස විදුලි පහන් කණුව මත රැඳීසිටීම නිසා රථවාහන ප්‍රමාදයන් ඇති වූ අතර, හදිසි සේවාවලින් උපකාර ලබාගැනීමට සිදුවූ බවයි.

ගලවා ගැනීමේ උපකරණ භාවිත කර ඔහුව ආරක්ෂිතව පහතට ගෙනඒමට සහ පසුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මෙම පුද්ගලයා ජනාධිපතිවරයා හමුවීමට නැවත නැවතත් උත්සාහ කර ඇති බවත්, අවධානය යොමුකර ගැනීම සඳහා මෙලෙස විදුලි පහන් කණුවට නැගි බවත් ඔහු පොලිසියට පවසා තිබේ.

ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...