ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට පෙර පැවති මට්ටම් වෙත ළඟා වී තිබුණත්, දරිද්‍රතා මට්ටම සියයට 16.9 ක් ලෙස අර්බුදයට පෙර මට්ටමට වඩා සැලකිය ලෙස ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුවේ නවතම වාර්තාවකින් හෙළිකර තිබේ.

එම වාර්තාව පවසන්නේ දරිද්‍රතාවය දළ වශයෙන් දෙගුණ වීම සහ මිලියන දෙකක් පමණ ජනතාවක් දරිද්‍රතා රේඛාවට පහළට තල්ලු වීම යන පුළුල් තත්ත්වය මෙම නව සංඛ්‍යාලේඛන මගින් වෙනස් නොකරන බව එම බැංකුව පවසයි.

‘ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාව’ (Sri Lanka Development Update) සමඟ නිකුත් කළ නිතර අසන ප්‍රශ්න (FAQ) ලේඛනයට අනුව, ප්‍රධාන වශයෙන් සාර්ව ආර්ථික දත්ත මත යැපීම වෙනුවට ‘ශ්‍රම බලකා සමීක්ෂණයෙන්’ (Labour Force Survey) ලබාගත් වාර්ෂික ගෘහ මට්ටමේ දත්ත භාවිතා කරමින් 2020-2024 කාලසීමාව සඳහා වන දරිද්‍රතා ඇස්තමේන්තු ලෝක බැංකුව විසින් සංශෝධනය කර ඇත. මෙම වෙනස 2025-2028 කාලසීමාව සඳහා වන ඇස්තමේන්තු සහ පුරෝකථනවලට ද බලපායි.

සංශෝධිත ක්‍රමවේදය යටතේ, ලෝක බැංකුවේ දිනකට ඇමරිකානු ඩොලර් 4.20ක දරිද්‍රතා රේඛාව මත පදනම් වූ දරිද්‍රතා අනුපාතය, 2019 දී පැවති 11.5%ක අගයේ සිට 2023 දී 20.7%ක උපරිම අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

පෙර ක්‍රමවේදය මගින් 2023 දරිද්‍රතා අනුපාතය 27.6%ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණි.

සංශෝධිත සංඛ්‍යාලේඛනවලට අනුව 2024 දී දරිද්‍රතා අනුපාතය 18.4%ක් සහ 2025 දී 16.9%ක් ලෙස දැක්වෙන අතර, 2026 දී එය 15.8% දක්වාත්, 2027 දී 14.8% දක්වාත්, 2028 දී 14% දක්වාත් පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කෙරේ.

කෙසේ වෙතත්, මෙම සංශෝධනයෙන් අදහස් වන්නේ දරිද්‍රතාවය හදිසියේම ප්‍රතිශත ලක්ෂ්‍ය හතකින් පමණ පහත වැටීමක් නොවන බව ලෝක බැංකුව අවධාරණය කළේය.

“අර්බුද සමයේ පැවති උපරිම දරිද්‍රතා මට්ටම පිළිබඳ ඇස්තමේන්තුව පෙර ක්‍රමයට වඩා ප්‍රතිශත ලක්ෂ්‍ය 7කින් පමණ අඩු අගයක් ගත්තද, භූමියේ පවතින සැබෑ දරිද්‍රතා තත්ත්වයේ වෙනසක් සිදුවී නොමැත; දැන් එය වඩාත් නිවැරදිව මැන බලනු ලැබේ,” යනුවෙන් එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ මූලික අයවැය අතිරික්තය (primary budget surplus) තියුණු ලෙස ඉහළ යාමත් සමඟ රටේ මූල්‍ය කාර්ය සාධනය ශක්තිමත් වී ඇති බව ලෝක බැංකුව පැවසීය. කෙසේ වෙතත්, බලශක්ති සහ ආහාර මිල ඉහළ යාම හේතුවෙන් මෑත මාසවලදී උද්ධමනය ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කොන්දේසි ගතවෙන්නේ රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට බව පවසමිනි. නමුත් එම කොන්දේසි හරහා රටේ ජනතාවට නම් කිසිදු වෙනසක් සිදුවී නැති බව මෙම සංඛ්‍යා දත්තවලින් පැහැදිලිවේ. ජනතාව දරිද්‍රතාවයෙන් තවත් දරිද්‍රතාවට ඇදවැටී තිබේ. ඒ සඳහා බලපා ඇත්තේ ආහාරවල මිල ඉහළ යාම සහ බලශක්ති මිල ඉහළ යාමයි. ලෝක තෙල් මිලට සාපේක්ෂව ලංකාවේ තෙල් මිල වැඩිකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දෙන්නේ මෙසේ තිබියදීයි.

Share post:

Popular

වෙනත් පුවත්

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...