හෝමාගම පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී මියගිය බවට සැක කෙරෙන පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද 29 දා කිරිවත්තුඩුව ගල් කන්ද පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන අවස්ථාවේදී කිරිවත්තුඩුව මූනමලේ වත්ත 17 වන පටුමගේ සිට ගල් කන්ද පොදු සුසාන භූමිය දක්වා වූ ප්රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මහජන පීඩාවට හා දේපළ වලට හානි වන සේ හා ප්රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධාවන සේ උද්ඝෝෂණ හා පෙළපාලි වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් කැස්බෑව අතිරේක දිසා විනිසුරු කේ.එම්.ජේ.පී.සමරසිංහ නිකුත් කර තිබේ.
ඒ කහතුඩුව පොලිසිය 28 දා කැස්බෑව දිසා අධිකරණයෙන් 28 දා කළ ඉල්ලීමකට අනුව අපරාධ නඩු විධාන සංග්රහයේ (106) 1 වගන්ති ප්රකාරව ඉහත ක්රියාකාරකම් වළක්වාලන නියෝගය මෙසේ නිකුත් කර ඇත.
ඒ අනුව දින 14 වලංගු මෙම නියෝගය 29 දා උදෑසන කහතුඩුව පොලිසියේ නිලධාරී කණ්ඩායමක් දේහය තැන්පත් කර ඇති කිරිවත්තුඩුව මූනමලේ වත්ත 17 වන පටුමගේ මියගිය ෆ්රැන්සිස් දූරගේ ඉෂාර හර්ෂ කුමාර නමැති පුද්ගලයාගේ නිවසට 19 දා උදෑසන ගොස් වග උත්තරකරුවන් පස් දෙනකුට අධිකරණ නියෝගය කියවා පැහැදිලි කර දී භාර දී තිබේ.
ඒ අනුව කිරිවත්තුඩුව මුනමලේ වත්ත 17 පටුමගේ අංක 191/3 D හි පදිංචි නෝම්බගේ පියුමි නිසංසලා (මියගිය අයගේ අයගේ බිරිඳ ) ෆ්රැන්සිස් දූරගේ වන්දනා මල්හානී එම ලිපිනය, ෆ්රැන්සිස් දූරගේ සෙනුරි ඉෂාරා රසාංගනී එම ලිපිනය,තෝම්බගේ චමින්ද පුෂ්ප කුමාර, අංක 688, ගැමුණු මාවත හෝමාගම හා මාගම්මනගේ කසුන් ශ්රීනාත් අංක 318 / 3, බේකරිය පාර, මාගම්මන, හෝමාගම යන පස්දෙනෙකුට මෙම නියෝගය නිකුත් කර ඇත.




