කියවීම ඇති හැකි අයට පමණයි – පොතක මිල 20% කින් ඉහළට

එකතු කළ අගය මත පනවන බදු හෙවත් වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බද්ධ අය කිරීම තුළින් මුද්‍රිත පොතක මිල සියයට 20කින් ඉහළ ගොස් ඇති බව ජාතික පොත් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

ජාතික පොත් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ වාර්ෂික සංවත්සරයට එක්වෙමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මේ බව ප්‍රකාශ කළේය.

“20%ක් ඒ කියන්නේ 5න් එකක පමණ ප්‍රමාණයකින් පොතක මිල වැඩිවෙලා තියෙනවා. නිලධාරීන් පටලවාගෙන ඉන්නවා 15%ක් තිබුණා කලින් වැට් බද්ද ලිපි ද්‍රව්‍ය ආදි සියලුම දේට. නමුත් මුද්‍රිත පොතට තිබුණේ නෑ වැට් බද්දක්. ඒක තමා 0 – 18% කෙලින්ම එකතු වුණේ. ලිපි ද්‍රව්‍යවලට තිබුණේ 3%ක් විතරයි. මේ කාරණා දෙක තමා පටලවාගෙන ඉන්නේ. සුමානෙකට විතර කලින් අපිට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිපියක් ඇවිත් තියෙනවා වැට් සම්බන්ධයෙන් ඒ අය යම් විශ්ලේෂණයක් කරගෙන යන ගමන් ඉන්නේ ඉන් පසුව පිළිතුරක් ලබාදෙනවා කියලා.”

ජාතික පොත් ව්‍යාපාරික සංගමයේ අනුශාසක ගාමිණී මොරගොඩ ද ඒ සම්බන්ධයෙන් මාධ‍්‍යට මෙලෙස අදහස් පළ කළේය.

“ලෝකයේ කිසිම රටක අය කරන්නේ නැති වැට් බද්දක් අපේ පොත් සඳහා අයකරනවා. ලංකාවේ අවුරුදු 75කට තිබුණේ නැති වැට් එකක් 2024 ජනවාරි මාසයේ ඉඳලා අයකිරීම පොත් ව්‍යාපාරයේ විනාශයට හේතුවෙලා. මේක ඉස්සරහටත් තිබුණොත් දරුවෙකුට පොතක් මිලදී ගැනීමට නොහැකි වෙනවා.”

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...